Featured

ආචාර්ය කලංගේ අවලං වැඩ මෙන්න ….රජයේ දේපල හොර ගෑනු අවභාවිතාවේ

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා රජයේ දේපල අවභාවිතා කරමින් තම පෙම්වතියක් සතුටු කිරීමේ කාර්යයක යෙදී සිටින බව අප වෙත වාර්තා වේ. කිරුලපන ප්‍රදේශයේ ජීවත් වන අදාල කාන්තාවගේ ගමන් බිමන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිල මෝටර් රථය වන KX-7671 රථය ලබා දී තිබෙන අතර ඔහුගේ පුද්ගලික රියදුරෙකු විසින් අදාල රථය ඇයගේ ගමන් බිමන් සඳහා රැගෙන යන බවද වාර්තා වේ.

ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් අදාල මෝටර් රථය භාවිතා කරන්නේ ඉතාමත් සීමිත අවස්ථා වලදී පමණක් බවද වාර්තා වන අතර රංග කලංසූරිය මහතා විසින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉන්ධන ලබාගෙන පරිහරණය කරන අතර එම KJ-7560 දරන ජීප් රථය අගමැතිවරයා විසින් ලබා දී ඇති බවද පැවසේ. තමා සිටින තනතුරට හිමි නිල රථයක් හා අතිරේක මෝටර් රථයක්ද තිබියදී අගමැති කාර්යාලය විසින් තවත් ජීප් රථයක් ලබා දී තිබීම ඉතාමත් ගැටලු සහගත බව අගමැති අතිරේක ලේකම්වරයෙකු විසින් අග්‍රමාත්‍ය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණද අගමැති ලේකම්වරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. වාර්තාවන පරිදි අදාල වාහනය අගමැතිවරයා විසින් ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බවද පැවසේ.

ආචාර්ය රංග කලංසූරිය වැනි අයෙකු විසින් මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අපට ගැටලුවක් ඇත්තේ ඔහු පවතින දූෂණ, වංචා පිලිබඳ දැඩිව කතා කරන අයෙකු ලෙස ක්ෂේත්‍රයේ සැලකීමට ලක්වන අයෙකු වීම නිසාම පමණක් නොවේ. රජයේ නිලධාරියෙකු ලෙස පවතින ක්‍රමය දැඩි ලෙස විවේචනය කරමින් සම්ප්‍රදායික නිලධාරී රාමුවෙන් මිදුන පුද්ගලයෙකු ලෙස මෙවැනි ක්‍රියා සිදුකිරීම තුලින් ඔහුගෙන් අප බලාපොරොත්තු වූ වෙනස නොලැබෙන බැවිනි.

මේ අතර ආචාර්ය රංග කලංසූරිය මහතාගේ උපදේශකත්වය යටතේ සමාජ ජාල හරහා මඩ පිටු කිහිපයක් ආරම්භ කර ඇත. ඒ අතර “ගොසිප් ෆැක්ටරි”, “යූඑන්පී ස්ෂෙල් මීඩියා යුනිට්” හා “උකුස්සා වැනි පිටු ක්‍රියාත්මක වන්නේ සජීව විජේවීර මහතා යටතේය. රංග කලංසූරිය මහතා සජීව විජේවීර මහතා හරහා රජයේ ප්‍රබලයින් වෙත මඩ ප්‍රහාර එල්ල කරන බවද මේ වන විට ප්‍රසිද්ද රහසක් වී ඇත. “උකුස්සා” නම් ෆේස්බුක් පිටුව මෙහෙය වන්නේ සජීව විජේවීර මහතා වන අතර ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙතද මඩ ප්‍රහාරයක් එල්ල කර තිබීමද විශේෂත්වයකි. මෙම දිගුව ඔස්සේ අදාල මඩ ප්‍රචාරය නැරඹිය හැක.

(https://www.facebook.com/ukussablast/photos/a.723990824376229.1073741829.723875457721099/942667655841877/?type=3&permPage=1). ආචාර්ය රංග කලංසූරිය මහතා සමාජජාල සමග කිට්ටු සම්බන්ධයක් පවත්වන මාධ්‍යවේදියෙකු වශයෙන් මීට පෙර ඔහු සිදු කලේ සමාජයට වැඩදායී කටයුතු වුවද ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය දිනවීම උදෙසා සිදු කල යුතු ප්‍රචාරක කටයුතු මේ හරහා දැන් සිදු කරමින් සිටී. වාර්තා වන පරිදි ඔහු විවිද පුද්ගලයින් හරහා ක්‍රියාත්මක කරන ෆේස්බුක් පිටු හා ටුවිටර් ගිණුම් ප්‍රමාණය 300කට අධික වන අතර යූ ටියුම් චැනල් කිහිපයක්ද පවත්වාගෙන යමින් සිටී.

ජනමාධ්‍ය සම්බන්ධ බුද්ධිමතෙකු ලෙස සැලකෙන ආචාර්ය කලංසූරිය මහතා මෙවැනි තත්වයකට පත් වීම ඔහු කෙරේ විශ්වාසය තැබූ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුං වීමකි.

Top