LNN SPY

ආණ්ඩු ගැටුම උග්‍රයි, හෝටල් පාසලේ සභාපතිත් දොට්ට දාන්න ඇමති ජෝන් සැරසෙයි, කුප්‍රකට දිල්ත් ද සිල්වා නව සභාපති ධූරයට…

Published on: Oct 20, 2018- ආණ්ඩු ගැටුමේ තවත් පැතිරෙමින් සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා හෝටල් කළමනාකාර පාසලේ සභාපති සුනිල් දිසානායක මහතා ඉවත් කිරීමට ඇමති ජෝන් අමරතුංග මහතා සූදානම් වන බව වාර්තා වේ.

කලක පටන් පවතින ආරවුලක් මෙයට හේතුව බවද සැලකේ. මේ හේතුවෙන් පසුගියදා යාපනයේ පැවති ලෝක සංචාරක දින සැමරුමට පවා සභාපතිවරයා සහභාගී නොමැත. සුනිල් දිසානායක මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීප හිතවතෙකි.

එක්සත් ජාතික පක්ෂ රජයේ හිතේෂියකු වන කුප්‍රකට මොහාන්ද සිල්වාගේ (දැනට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන) සහෝදරයකු වන දිලිත් ද සිල්වා හෝටල් පාසලේ නව සභාපතිවරයා ලෙස පත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරමින් සිට දැනට ලංකාවට පැමිණ සිටින දිලිත් වර්තමානයේ ලංකාවේ පෞද්ගලික හෝටල් පාසලක (වින්ස්ටන් නුගේගොඩ) උපදේශයකයකු ලෙස ක්‍රියාකරමින් සිටීම රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා හෝටල් පාසලේ සභාපති ධූරයට පත්වීම සාමාන්‍ය සම්ප්‍රදායට ඉඳුරාම පටහැනිය.

Top