Featured

ආණ්ඩුවට පාදෙනිය භීතිකාව සැදේ -වර්ජනය වහන්න මාධ්‍යයට බලපෑම්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ ECTA හොර ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA)සහ එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ගෙනයන සටන සම්බන්ධයෙන් යහපාලන රජයේ රනිල් පිළ සහ මෛත්‍රීපිළ වෙන වෙනම කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා මහා බැංකු අර්බුද අවසන් කර ගැනිමත් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව බලවේගය රටපුරාම සංවිධානය විම සම්බන්ධයෙන් සහ බදුල්ලේ පැවැති රැස්විම් පිළිබදවද ශ්‍රීලනීප බත් බැලයන් සමග සිරිසේන මහතා සාකච්ඡාකර ඇති අතර එහිදි එස්.බි දිසානායක අමාත්‍යවරයා පවසා ඇත්තේ “දැන්…මහින්දල මෙහෙන් බදුල්ලේ හැමතැනම යනකොට එජාපයත් යනවා …..ඒ ගොල්ලෝ ඔක්ක්ම ඡන්දයකට සුදානම් වෙනවා…අපි තවම කිසිම සුදානමක් නෑ… ” යනුවෙනි…. ඒ සමගම රාජිත සේනාරත්න ජනාධිපතිවරයාගේ අවධානය වෙනතකට යොමුකරමින් පවසා ඇත්තේ “මේ ඔක්කෝටම වඩා අර දොස්තරලා මහ වදයක්….මෙහෙම ගියොත් ඊළග මැතිවරණ වෙනකොට පාදේනියලා ජාතික නායකයෝ වෙයී..” යනුවෙනි.ඒ සමගම ජනාධිපතිවරයා පවසා ඇත්තේ “දොස්තරලා එක්ක හැප්පේනකොට පරිස්සමින් හැප්පේන්න යනුවෙනි…..”

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දරන උත්සාහය වහා නතර කරන ලෙසත් රජයට බල කරමින් හා තවත් ඉල්ලීම් පහක් මුල්කරගනිමින් රජයේ වෛද්‍යවරු අද (4) ඇරැඹි සංකේත වැඩ වර්ජනය අතිශයෙන් සාර්ථක වු අතර සෞඛ්‍ය අමාත්‍ය කක්කුස්සිකටා හෙවත් රාජිත සේනාරත්නගේ බලපෑම මත රජයේ සහ විද්යුත් මාධ්‍ය හරහා එම වර්ජනයේ සාර්ථක භාවය සහ අරමුණ සම්බන්ධයෙන් මහජනයා වෙත තොරතුරු රැගෙන යැම වෙනුවට අද පැය 4ක් කාලයක් වෛද්‍යවරුන් වර්ජනයේ යෙදි සිටින බව දැන දැන රෝහල් වෙත ආ යහපාලන කුළී කාරයන් යොදවා ගනිමින් ඔහුන්ගෙන් ගත් ජරා දර්ශණ විකාශය කිරිමට කටයුතු කර තිබේ.

වෙනදාට සමාජ අරගලයන් පිළිබඳව පුලුල් ප්‍රචාරයක් ලබාද්න දෙරණ් නාලිකාව පවා අද අදාළ පුවතේ වැඩි බරක් දමා තිබුනේ කුළී කාරයන් වෛද්‍යවරුන් අපහසයට ලක්කරන ප්‍රකාශන් විකාශය කිරිමට වන අතර පසුගියදා රාජ් රාජරත්නම් සහ නව මහ බැංකු අධිපති ගැන පසුගියදා රාත්‍රී දෙරණ නාලිකාවේ පුවත් විකාශය හරහා වත්මන් අධිපතිවරයා “රාජ් රාජරත්නම්” නැමැති දෙමළ කොටි ඩයස්පොරාවේ සමාජිකයාට අයත් ගැලියන් නැමති සමාගමේ විශේශ මූල්‍ය උපදේශකයෙකු බව විකාශනය කර ඇති අතර ඒ සැනින්ම දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවිරට ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ අණ කර ඇත්තේ වහාම අදාල පුවත් යලිත් විකාශය නොකරන ලෙසත් එය අන්තර්ජාලයට එකතුකිරිමට කටයුතු නොකරන ලෙසටත් නියෝග කර තිබේ.

මේ අතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට විරුද්දව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදී සංගම් ගණනාවක විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කල මුල් අවස්ථාවේ සිටම රනිල්ගේ ම්ඩ බලකාය ලංකා ඊයා නිවුස් සහ තවත් මඩ වෙබ් අඩවි භාවිතා කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුලු කණ්ඩායම ඉලක්ක කර මඩ අවලාද දිගින් දිගටම් එල්ල කල අතර පසුව ජනතාවම එවා ප්‍රතිකේෂ්ප කිරිම් හේතුවෙන් හකුලා ගැනිමට සිදුව තිබේ.කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ මඩ බලකාය යොදවා ගනිමින් දිගින් දිගටම විවිධ අසත්‍ය චොදනා සහ අපහාසයන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA)සහ එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඉලක්ක කර දියත් කර තිබේ.

 

Top