Featured

ආපදා පාලනයට නීති තිබියදී ඒ නීති ක්‍රියාත්මක නො කරන්නේ කලු සුද්දන් ලංකාවේ බලවත් නිසාද?

2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ නොකර රජයේ නිලධාරීන් රජයේ දේපළ මිනිසුන් වෙනුවෙන් යෙදවිය නොහැකියි. මේක තේරුම් ගන්නේ නැති මැටි මෝල්ලු අපේ රටේ ඉන්නේ.

මේ වගේ සෙල්ලමක් අතුරුදහන් තැනැත්තන් සම්බන්ධ කාර්යාල පිහිටුවීමේ පනත සම්මත කර ගන්නකොටත් වුණා. ඒ වෙලේ සොරොව් විවෘත කර කොළඹ යට කළා. කොස්ගම අවි ගබඩාව පිපිරෙව්ව… අතුරුදහන් කාර්යාල පිහිටුවීමේ පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ජනතාවට අවස්ථාවක් තිබුණේ නෑ. ඒ අවස්ථාවේත් ආපදාවෙන් /ව්‍යසනයෙන් ජනතාව පීඩාවට පත් වෙන්න ඉඩ ඇරියා.

2016.05.18 හෝ ආසන්න දිනක ලංකාවේ බොහෝ පළාත්වල ගංවතුර, නායයාම් ආදී ව්‍යසන සිදු වුණද 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත අනුව නීතිය ක්‍රියාත්මක නො කරන ලදී. නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ පුද්ගලයන් විසින් තමන්ට සිතෙන ආකාරයට ක්‍රියා කළ අතර, නීතියට අනුව සිදු කළ යුතු මූලික පියවර වන “ව්‍යසන තත්ත්වය” ප්‍රකාශ කළේ නෑ.

මේ පාර ගංවතුර එන වෙලාවේ අගමැතිතුමා කියනවා ගංවතුර එන්නේ නෑ…වැව් වලට වතුර පිරෙව්ව නම් කියලා…බළලා මල්ලෙන් එළියට පනින්නේ දැන් තමයි. එදා වතුර මුදා හැරිය… කොස්ගම අවි ගබඩාව පිපිරෙව්ව…. මෙදා වතුර එකතු කරගත්තේ නෑ…කොහොමද යටු කූට්ටු වැඩ.

ඒ අවස්ථාවේදීත් 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කළේ නෑ. 2016.05.18 ගංවතුර කොළඹට ආවට දිගු කළක් ගිහිල්ල අතීතයට බලපාන පරිදි පනතේ 11 වගන්තිය යටතේ 2016.06.08 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අතීතයට බලපානජනාධිපතිවරයා ව්‍යසන තත්ත්වය ගැසට් කළා.

ලාංකිකයන් අමතක නොකළ යුත්තේ අතුරුදහන් කාර්යාල පිහිටුවීමේ පනතේ 27.3 වගන්තියේ දැක්වෙන අතුරැදහන් වූ අය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති නිව්යෝර්ක් වල හොර රසසේ සම්මත කළ මංගල සමරවීර අද මුදල් ඇමති බවත් එදා මුදල් ඇමති අද විදේශ ඇමති බවත් ය.

ජාඩියට මූඩිය බදු මේ දෙදෙනා ඉදිරියේ ඇල්ලීමට යන්නේ රට අස්ථාවර කිරීමේ අවසන් නාටකය බව මොවුන්ගේ හාදු දීමේ ආකාරයෙන්ම කිව හැකිය‍

ඇයි මේ වෙලාවේ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කරන්නේ නැත්තේ.

වැඩිදුර කියවීමට යොමු වන්න…

http://www.sinhala.lnwtoday.com/archives/12882

නීතීඥ අරුණ ලක්සිරිඋණවටුනB.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2017.05.28

 

 

Top