Anonymous Reporter

ආලෝකය මෙන්ම අන්ධකාරයද මල් පුබුදුවනු ඇත

ඉන්දියානු ආක්‍රමනිකයාට බියෙන් හෙලයා උතුරේ සිට දකුනට පලා ගිය බව ඉතිහාසයෙන් සැගවිය නොහැක. අවස්ථා ගනනාවකදී ආක්‍රමනිකයා හෙල බිම යටත් කලේය. එසේම එබිම යලි එක්සේසත් කල විරුවන්ද විය.පුලතිසිපුර අග නගරය බිද වැටීමෙන් පසු ලක්බිම වසර 400 පමන අරාජික විය.1449 වර්ශයදී සෙන්පති සපුමල් කුමරු යාපා පටුන ජය ගෙන යුග යුග පැවති අරාජිකත්වය අවසන් කලේය. මෙම සංක්‍රාන්තිය සිදුවූයේ 6 පරාක්‍රමබාහු රජදවසය. පැරකුම් රජ දවසේ වසර 17 ක් යාපා පටුන පාලනය කලේ සෙන්පති සපුමල්ය. අවසන් වරට ලක්බිම ඒකීය රාජ්යක් ලෙස පැවතියේද එකල්හිය. පරාක්‍රමබාහු රජුගේ අවසානයත් සමග යලි ලක්බිම අරාජික විය. එකී අරාජික බව වසර 2009 තෙක් දිව ගියේය.

පෙර දවස උතුර ජයගත් සපුමල් කුමරු කොඩිකාමම්හිදී සිංහ කොඩිය එසවීය. අප ඉතිහාසය කියවා ඇත්තේ ලක්බිම එක්සේසත් කල අවසන් විරුවා සපුමල් කුමරුන් ලෙසය.අවුරුදු 600ක් පුරා කියවූ ඒ ඉතිහාසය නුතනයේ සෙන්පතියකු අලුතින් ලිවීය. අවුරුදු 2500ක හෙල ඉතිහාසයේ වීර රාජ නාමාවලිය අලුත් කලේය.හේ ගෝඨාභය රාජපක්ෂයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දු‍ටුගැමුනු නොවන්නට හෙල ඉතිහාසය එලාරගේ දමිල ඉතිහාසයට යටවන්නේ යම්සේද, 21 සියවසේ රෝහනයෙන් පැමිනි රාජපක්ෂලා නොවන්නට ඉතිහාසය උඩු යටිකුරු වනු නියතය.

2005 රාජපක්ෂලා බලයට පත්වනවිට ත්‍රස්තවාදියෙකුට ඔ‍ටුනු පලදවා තිබුනි.දේශ සීමා ලකුනු කොට තිබුනි. ඉහට උඩින් විදේශ අතපෙවීම් ක්‍රියාත්මකව තිබුනි.ආර්ථිකය කඩා වැටී තිබුනි.සංචාරක කර්මාන්තය නට්ටංව තිබුනි. උතුරු නැගෙනහිර පය ගැසීම සිහිනනක්ව තිබුනි.තැන තැන පිපිරුනු බෝම්බ ජන ජීවිතය භීතියට පත්කොට තිබුනි.දරුවන් නිවස කරා පැමිනෙන තෙක් මව්පියන් දෙගිඩියාවෙන් පසුවිය.අසාර්ථක රටක ලේබලය අලවා තිබුනි.හමුදාවන්ට යුධ ආම්පන්න සැපයීමට ජත්‍යන්තරය මැලිවිය.රජය සහ ත්‍රස්තවාදී කන්ඩායම සම තන්හිලා සලකනු ලැබීය.ප්‍රභාකරන් ඇමෙරිකානු කදවුරේ සුරතෙලකු විය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය බින්දුවට බැස තිබුනි.30 වසරක යුද්ධයෙන් හෙම්බත් වූ ජනයා තුල එක්සේසත් රටක බලාපොරොත්තු මියදෙමින් තිබුනි.

සටන් විරාමයට මුලාවී කොටියා ශක්තිමත් වූයේය.ගෝඨාභය සියල්ලටම පෙර හමුදාව සංනද්ධ කලේය. යුද්දය වවන් කෑමට නොව අවසන් කිරීමට අවැසි අවි අයුධ ගෙන ආවේය. මිග් යානා වලින් ගුවන සංනද්ධ කලේය. මරනීය පරාසය විශාල මල්ටිබැරල් ගෙන ආවේය.කන්ටේනර් පිටින් අවි අයුධ ඉදිරි ආරක්ෂක වලල්ලට බෑවේය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය නැංවූයේය.ඊනියා සාම ගිවිසුම කුනුගොඩට විසිකරමින් ඉදිරි ආරක්ෂක වලල්ලේ බංකර් තැනීය.කොටියාට කඩේ යන මාධ්‍ය කාරයන්ට, කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට,කොටි සමග නිදිවදින තානාපතිවරුන්ට රතු ඉර ඇන්දේය.කොටින්ට කහින සුද්දන්ට මැදමුලන භාෂාවෙන් පිලිතුරු බැන්දේය . සාම බ්‍රෝකර්ලාට මැද මුලන තියරියෙන් සංග්‍රහ කලේය.

කොටි බලමුලු සුන් කරමින් ඉදිරියට ඇදෙන විට ජයග්‍රහනය ආපිට හැරවීමට කුමන්ත්‍රන දියත් විය.තානාපති කාර්යාල ඇගිලි ගනිමින් සිටියේ මහින්ද වැටෙන තුරුය .වරෙක අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ පර්ලීමේන්තු කන්ඩායම රජයෙන් ඉවත් විමට තීරනය කෙරීය.තොප්පිගල අල්ලාගත් විට එජාපය කීවේ කැලය ඇල්ලිමෙන් පලක් නොමැති බවය. අලිමංකඩ පාමංකඩට උපමා කලේය.යුද්ධය දිනිය නොහැකි බවට මොර දුන්නේය. මංගල සහ ශ්‍රීපති බටහිර අගුපිලේ වැද කොටින්ට කත් ඇද්දේය.තමිල්නාඩු මහ ඇමති උපවාස කලේය. රොබට්ලා මිලිබෑන්ලා කුෂ්නර්ලා යුද්ධය නැවැත්වීමට නොකල දෙයක් නැත. අවසන් සුද්දයට සැරසෙත්ම ඇමෙරිකාව පරල වූයේය. ඉන්දියන් සාගරයේ සිය නාවික බලය යොදවා ප්‍රභාකරන් බේරා ගැනීමට සැලසුම් කලේය.

තිස් වසරක යුද්දය නිමා වූ පුවත අසා ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ.ජාති භේදයකින් පක්ෂ භේදයකින් තොරව එකිනෙකා වැලද ගත්තෝය. සිංහ කොඩි ලෙලදෙවමින් ජයග්‍රහනයේ උත්කර්ශය සැමරූහ.උතුරා යන දේශප්‍රේමය නිම් හිම් නොවිනි .තැන තැන පිසුනු කැවුම් කිරිබතින් සංග්‍රහ කලේය.රජයේ හමුදා සාමාජිකයන් සිප වැලද ගනිමින් ජනයා කෘතුගුන දැක්වීය. මුලු රටම මගුල් සිරි ගෙන තිබුනි. විජයග්‍රහනයේ පුවත රැගෙන රාජ්‍ය නායකයා ජොර්දානයේ සිට මව් බිමට සැපැමිනිනි .මහ පොලව සිප ගනිමින් ලක් මවට වැද ආචාර කල ඒ හැගීම්බර මොහොත ජන සිත් දේශප්‍රේමයෙන් අවුලුවා ලීය .

විදේශ බලපෑම් වලට නතු නොවී දේශීය චින්තනය සමග ඉදිරියට ගිය රාජපක්ෂ රජය ඇමෙරිකානු කදවුරට තර්ජනයක් විය. ඔවුන් කිරි පොවා ඇති දැඩි කල ප්‍රභාකරන් මිය පරලොව යැවූ වේදනාවද විය. එපමනක් නොව චීනය සමහ නව ගමනක් ගියේය. රාජපක්ෂ රජය පෙරලීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට විය.ප්‍රභාකරන්ගේ අඩුව හේතුවෙන් ලංකාව බෙදාවෙන් කිරීමේ අධිරාජ්‍යවාදී සිතියම වැඩි ජවයකින් ක්‍රියාත්මය වූයේය.

රාජපක්ෂලාගේ ජන පදනම බිදීමේ කුමන්ත්‍රනය සියුම්ව දියත් විය.රාජපක්ෂ රජය තුල සිටිමින් මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචන්ඩත්වයේ අයිඩියොලොජිය දියත් කලේ චම්පිකය.ඉස්ලාම් මූලධර්ම වලට එරෙහිව පොත් ලියුවේ චම්පික රණවකය.මුස්ලිම් ප්‍රජාවට එරෙහි පලමු පොත නිකුත් කලේ ඊලාම් යුද්ධය අවසාන වනවාත් සමගය. තැන තැන සම්මන්ත්‍රන තිබ්බේ ඔහුය.අලුත්ගම සිදුවීම් මාලාව නොවන්නට මුස්ලිම් ජනයා වූයේ රාජපක්ෂලා සමගය.

දේශීය චින්තනය සහ නවෝත්පාදනය සමග පෙරට ඇදෙන පාලකයකුට එරෙහිව පොදුවේ දමා ගසන චෝදනාවක් වන්නේ දූෂණය හා විනිවිදභාවයයි. යහපාලන පිරුවටයෙන් ජනතාව මුලා කිරීම පහසුය. අලුත් රටක්,නව ගමනක් ,යහපාලනයක් වැනින් සුන්දර වැනි වචන වලින් ජනතාව මුලා කලේය.ලිබියාවේ ගඩාපිට , ඉරාකයේ සදාම් හුසේන්ට පහර දීමට බටහිරයන් යොදා ගත්තේ මෙම අවියමය.රාජපක්ෂලා බලයෙන් පහකිරීමට ඔවුන් යොද ගත් අවිය ද එයමය. රාජපක්ෂලා ඉතිහාසයෙන් පිටමන් කිරීමට ඔවුන් යොදා ගන්නා අවියත් එයමය. අත් අඩංගුට ගැනීම් පිටුපස කථාව එයයි. එෆ්.සී.අයි.ඩී ය පිහිටුවූයේ මේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමටය.

ඇස්පනාපිට අද දූෂනය රජවී ඇත.වංචාව රජ වීඇත.යහපාලකයන් මහජන දේපල ගසා කන්නේ මහපොලව නුහුලන අයුරිනි. නමුත් පොලීසියේ කාරිය රාජපක්ෂලා ලුහු බැදීමය. ජන මාද්යේ කාරිය රාජපක්ෂලාට මඩ ගැසීමය. විනිසුරන්ගේ කාරිය රාජපක්ෂලාට අච්චු කිරීමය.පොලීසිය ක්‍රියාත්මක වන්නේ නීතිය ආරක්ෂා කිරීමට නොවේ. විනිසුරන් ක්‍රියාත්මකව ඇත්තේ යුක්තිය පසිදලීමට නොවේ. ජන මාද්ය ක්‍රියාත්මකව ඇත්තේ සත්ය හෙලි කිරීමට නොවෙ. මේ සියල්ලන් අද පරයන්ගේ අතකොලු බවට පත්ව ඇත. මේ සියලු ආයතන නඩත්තු වන්නේ මහජන මුදලිනි.මහජන මුදලින් නඩත්තු වන ආයතන වග විය යුත්තේ එක් කල්ලියට නොව සමස්ථ ජාතියටය.ජාතියේ හෙට දවස වෙනුවෙන් මහ ජනයා නැගී සිටිය දිනය උදා වී ඇත. පාරට බැසිය යුතු දිනය උදා වී ඇත.

නොබෝදා තුර්කි පාලකයා පන්නා දැමීමට අසාර්ථ කුමන්ත්‍රනයක් දියත් විය.කුමන්ත්‍රනයේ මහ මොලකරු වූ ෆතුල්ලා ගුලෙන් ක්‍රියාත්මක වූයේ ඇමෙරිකාවේ සිටය. කුමන්ත්‍රනයේ ප්‍රමුඛ අනුග්‍රාහකයා වූයේ ඇමෙරිකාවය. ඇමෙරිකන් හමුදාව සෘජුව සහ වක්‍රව කුමන්ත්‍රනකරුවන්ට අත් උදව් දුන්නේය.කුමන්ත්‍රනයේ පලමු වෙඩිල්ල නිකුත් වෙත්ම තුර්කි ජනපති රෙසෙප් එර්ඩෝගන් මහජනයා වෙත පනිවිඩයක් එව්වේය. ඔහු ජනයාගෙන් එක් ප්‍රශ්නයක් විමසුවේය. “තුර්කිය තවත් ලිබියාවක් වනු දැකිමට කැමතිදැයි ” විමසා සිටියේය. නො එසේනම් මව් බිම ආරක්ෂා කරගැනීමට වීදි බසින ලෙසට ජනතාවට දන්වා සිටියේය. බාල, තරුන , මහලු බේදයකින් තොරව තුර්කි ජනයා වීදි බැස්සේය. වෙඩි පිට වෙඩි පත්තු කලත් ඔවුන් ආපසු නොගියේය. කුමන්ත්‍රනය අසාර්ථක විය. තුර්කිය ආරක්ෂා විය.

තුර්කිය ආරක්ෂා වූයේ අන් කිසිවක් නිසා නොව රට වැසියන්ගේ දේශප්‍රේමය නිසා වෙනි. තුර්කි ජනතාව කියා දුන් පාඩම ලක් වැසියන්ට මොනවට අදාලය. දෙනෙත් හැර බලන්න අද උතුරේ සිදුවන දේ, විමසිලිමත් වන්න රට යන අත පිලිබදව. ලක්බිමේ හෙට දවස වෙනුවෙන් පුරවැසියන් නැගී සිටිය යුතු දිනය උදාවී ඇත. පරයා නැගුනු පවුරු බිද හෙලමින් නායකයෙක් පෙරට විත් ඇත. පවුරු වෙනුවට ඔහු මේ පාලම් ගොඩ නගන්නේ ඔබ වෙනුවෙනි, ඔබ හා එක් වීමටය. ඔබ හා යා වීමටය

චිරං ජයතු , සෙන්පති ගෝඨාබය.
චිරං ජයතු , ලක් මවුනි ගරු

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top