Featured

ඇට ඉදිමෙන්න ගුටි කෑ රන්ජන්ට පිස්සුව තදවෙලා – මානසික ප්‍රතිකාර සදහා නීලම්මහරට

මහින්දානන්ද මන්ත්‍රීවරයාගෙන් යටිබඩ ප්‍රදේශයට වැදුණු පා පහරින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ වෘෂණ කෝෂ තැලීමෙන් හටගත් ඉදිමුම ගැන අපි පසුගිය දින වාර්තා කළෙමු. එම රෝගී තත්වය පිළිබඳව මන්ත්‍රීවරයා පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍ය හිමිනමක් වෙතින් තෙල් ගැල්වීම්, බෙහෙත් පොට්ටනි වලින් තැවීම් ඇතුලු ඉදිමුණු ප්‍රදේශය වටා බඳින සුවිශේෂ බඳින ගොනිකා කොළ මැල්ලුම ප්‍රමුඛ ප්‍රතිකාරය ලබාගත් අතර ඉන් පසු මන්ත්‍රීවරයාහට සෑහෙන පහසුවක් සැලසුණු බව ඔහුට සමීප ආරංචි මාර්ග සහතික කළ අතර ඔවුන්ගේ නිගමනය වූයේ ඉක්මනින්ම ඉදිමුම බැසයනු ඇති බවයි.

ඉහත සඳහන් කළ ප්‍රකට ආයුර්වේද වෛද්‍ය හිමිනමගේ නිර්දේශය වී ඇත්තේ මන්ත්‍රීවරයා දින කිහිපයක් තමන් ප්‍රිය කරන ශරීරයට හිර ඇඳුම්, විශේෂයෙන්ම ඉන ප්‍රදේශයෙන් පහලට අඳිනු ලබන ඇඳුම් මෙන්ම යට ඇඳුම් ඇඳීමෙන්ද වැළකී විවේකයෙන් සිටිය යුතු බවයි. නමුත් ප්‍රතිකාර වලින් තරමක සුවයක් ලද මන්ත්‍රීවරයා පසුගිය දින මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී ඇඟට හිර ඇඳුමින් සැරසී දුව පනිමින් වෙඩි පුහුණුවක නිරත වී ඇති අතර එය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් අගමැතිවරයා වෙත වාර්තා කිරීමෙන් පසු අගමැතිවරයා තම ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට යවා වහාම එය නතරකර ඇත. ඉන් අනතුරුව රාමනායක මන්ත්‍රීවරයා සමාව අයැදීම පිණිස අගමැතිවරයාට දුරකථන ඇමතුමක් එම අවස්ථාවේදීම ගෙන ඇති අතර අගමැතිවරයා සාමාන්‍යයෙන් භාවිතා නොකරණ පරුෂ වචන යොදා මන්ත්‍රීවරයාට තදබල ලෙස බැනවැදුණු බව එම අවස්ථාවේදී අගමැතිවරයා අසල සිටි අයෙක් වාර්තා කරයි.

ආපසු පැමිණි අගමැති ආරක්ෂක අංශ නිලධාරීන්ද අගමැතිවරයාට වාර්තාකර තිබුනේ මන්ත්‍රීවරයාගේ වෙඩි පුහුණු අවස්ථාව තමන් විසින්ද දකින ලද බවත් තම නිරීක්ෂණය අනුව එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා යම් උමතු ස්වභාවයකින් හැසිරුණු බවත්ය. මේ පිළිබඳව සැලකිලිමත්වූ අගමැතිවරයා එම අවස්ථාවේදීම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කැඳවා අලුත්ගමගේ – රාමනායක ගැටුමේදී රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම පිළිබඳව විමසා ඇත මක්නිසාද යත් ඒ ගැටුම වැලක්වීමට උත්සාහ කළ මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙක් වනුයේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වන බැවිනි.

එම සංවාදයේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අගමැතිවරයා වෙත පවසා ඇත්තේ රාමනායක මන්ත්‍රීවරයා විසින් පළමු පරුෂ වචනය භාවිත කළ බවත් ඉන් පසු දොරකට සහ තමන්ගේම මුහුණට ගසා ගනිමින් යම් උමතු ස්වාභාවයකින් හැසිරුණු බවත්ය.

මේ සියල්ල සැලකිල්ලට ගත් අගමැතිවරයා තම පෞද්ගලික විශේෂඥ වෛද්‍යවරයා අමතා ප්‍රකාශකර ඇත්තේ වහාම රාමනායක මන්ත්‍රීවරයා ජාතික මනෝ වෛද්‍ය ආයතනය වෙත රහසිගතව යොමුකරන ලෙසය. මෙම වෛද්‍යවරයා කිසිදු දේශපාලන ගැති බවක් නොමැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකි. ඔහු පවසා ඇත්තේ ජාතික මනෝ වෛද්‍ය ආයතනය දොස්තර රාජිත සේනාරත්න ඇමතිවරයා යටතේ ඇති ආයතනයක් නිසා මේ තොරතුරු ඔහු වෙත ලැබුනොත් රාමනායක මන්ත්‍රීවරයා වෙත දැඩි අගතියක් වීම අනිවාර්ය බවයි. මක්නිසාද යත් දොස්තර රාජිත සේනාරත්න ඇමතිවරයා සම්බන්ධ ඇවන්ගාර්ඩ් ගනුදෙනුවක් පිළිබඳව රාමනායක මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම වෙත පැමිණිලිකර තිබීම හේතුවෙනි. එසේම පෞද්ගලිකව ප්‍රතිකාර කරන විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙත මන්ත්‍රීවරයා යොමුකළද එම අනතුර පහව නොයන බව අගමැතිවරයාගේ විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කර තිබිණි.

එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පුජ්‍ය තිනියාවල පාලිත ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ සුප්‍රකට දේශීය විශේෂඥ මනෝ වෛද්‍ය නීලම්මහර හාමුදුරුවන් තමාගේ ඉතා හිතවත් හිමිනමක් බවත් එබැවින් රාමනායක මන්ත්‍රීවරයා නීලම්මහර වෙත ගෙනගොස් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වගකීම තමන් දරන බවත්ය.

නීලම්මහර විහාරස්ථානය අතීතයේ සිටම නස්න, ඉසකුඩිච්චි, ලය විරේක ආදියෙන් සමන්විත දේශීය විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලෝක ප්‍රසිද්ධ අතර වර්තමානයේ ධර්මවිජය වෙද රාළහාමි සතු දළදා කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාජා හස්තියා ද පෙර වැඩසිටි නීලම්මහර සුප්‍රකට වෙද හාමුදුරුවන්ට තෑගී ලෙස ලැබුනේ ඉන්දියානු මහාරාජා කෙනෙකුගේ මානසික රෝගයක් සුවකිරීම හේතුවෙනි.

වෙඩි පුහුණු දින රාත්‍රියේ රාමනායක මන්ත්‍රීවරයා වෘෂණ ආශ්‍රිත බලවත් වේදනාවකින් පෙලී ඇති අතර ආරක්ෂක නිලධාරීන් වහාම මන්ත්‍රීවරයාව පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍ය හිමිනම වෙත රැගෙන ගොස් ඇත. මන්ත්‍රීවරයා පරීක්ෂා කළ හිමිනම ප්‍රකාශ කර ඇත්තේ හිර ඇඳුම් ඇඳ කළ වෙඩි පුහුණුව නිසා වෘෂණ ආශ්‍රිත තැල්මේ රුධිරය ඝනවී ඇති නිසා දින කිහිපයක් දිය කූඩලු ප්‍රතිකාරය කළයුතු බවයි. මෙහිදී සිදුකෙරෙනුයේ ඖෂධ ගැල්වීමෙන් පසු ද්‍රව බවට හැරෙන නරක්වූ රුධිරය දිය කූඩල්ලන් ලවා උරවා ඉවත් කිරීමයි. එයට අමතරව ඖෂධවල ගිල්වා මද පවනේ වේලාගත් දුන්කලයක් අමුඩයක් ලෙස දින කිහිපයක් ඇඳ සිටීමද මන්ත්‍රීවරයාට අනිවාර්ය කෙරී ඇත. මෙම ප්‍රතිකාරය අතීතයේදී අණ්ඩවාත රෝගය සඳහා භාවිතා කෙරිණි. එසේම එම හිමිනම මන්ත්‍රීවරයාට අවධාරණය කර ඇත්තේ ප්‍රතිකාර අතරතුර ප්‍රවේසම් නොවී හිතුවක්කාර ලෙස ක්‍රියා කළහොත් නෂ්ටකාමී තත්වයක් උද්ගත වියහැකි බවයි.

එසේම නීලම්මහරින් ප්‍රතිකාර ලබාගැනීම පිළිබඳව මන්ත්‍රීවරයා උන්වහන්සේ වෙත පවසා ඇති අතර උන්වහන්සේද අවධාරණය කර ඇත්තේද එය කළ යුතුම දෙයක් බවයි.

http://www.lankanewsweb.today/archives/11483

Top