Anonymous Reporter

ඇමති මණ්ඩලයටම කෙළවේ-රට ගොනාට අන්දවා ඇමතිවරුන් දිවුරුම් දිලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ ( සැප්තැම්බර් 04) දිවුරුම් දුන් සියළුම ඇමතිවරුන්ගේ ප්‍රතිඥාවේ තිබූ තාක්ෂණික වැරැද්දක් හේතුවෙන් එම ඇමතිවරුන් ට රාජකාරී කටයුතු කිරීමේ නීතිමය හැකියාව අභියෝගයට ලක් ව ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් පෙන්වා දෙති.

2015 මැයි මස 15 වන දින එවකට සිටි කතානායක තුමාගේ සහතිකය ලැබීමෙන් පසු නීතිගත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 න සංශෝධන පනතේ සිංහල පිටපතේ 26 වන පිටුවේ මෙසේ දැක්වේ.

Diffusé par Adcash“ 53. මේ පරිච්ඡේදයේ දැක්වෙන්නේ යම්කිසි ධුරයකට පත්වූ සෑම තැනැත්තෙකුම හතරවන උපලේඛණයේ සහ හත්වන උපලේඛණයේ දැක්වෙන ප්‍රතිඥාව දී ඊට අත්සන් තබන්නේ නම් මිස ස්වකීය ධුරයට අයත් කාර්යයන් හි නොයෙදිය යුත්තේ ය”.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛණයේ මෙසේ දැක්වේ.

“ හත්වන උපලේඛණය 157 (අ) 7 වන ව්‍යවස්ථාව සහ 161 (ඈ) iii වන ව්‍යවස්ථාව

. …………………………………. වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද, ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට, කෙළින් ම හෝ අන්‍යාකාරයකින්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී ආධාරදීම, අනුබලදීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥාදෙමි / දිවුරුම් දෙමි”.

එහෙත් මෙම හත්වන උපලේඛණය ට අනුව තමන් පත්වන අවස්ථාවේ දිවුරුම් ලබාදී ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යාංශවල හැර වෙනත් කිසිදු ඇමතිවරයෙකුට අයත් අමාත්‍යාංශවල රාජකාරී කටයුතු ඇරඹීව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය කිරීමකි.

සියළුම් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම්දුන් අවස්ථාවේ මෙම හත්වන උපලේඛණයට අනුව දිවුරුම් දුන් නිසා නැවත දිවුරුම් නොදීම එතරම් ගැටළුවක් නොවන්නේ යැයි මෙහිදී කිසිවෙකුට තර්ක කල හැක. එහෙත් මෙහිදී බලපාන නෛතික තත්ත්වය වන්නේ මතුයම් දිනෙක රට බෙදීමේ ව්‍යවස්ථා විරෝධ කටයුත්තට වැරදිකරුවකු වන කිසියම් ඇමතිවරයෙකු තමන් එය සිදුකලේ ඇමතිවරයෙකු වශයෙන් මිස මන්ත්‍රීවරයෙකු වශයෙන් නොවේ යැයි නෛතික තර්කයක් ඉදිරිපත් කල හැකි බැවිනි.

මෙම තත්ත්වය පැහැදිලි ලෙසම බෙදුම්වාදයට උල්පන්දම් දීමකි. එය ජනාධිපති ලේකම්තුමා හෝ එතුමාගේ නීති උපදේශකයන් වෙතින් සිදුවිය හැකි කිසියම් අත්වැරැද්දක් වුවත් කිසිවකුගේ අත්වැරැද්ද හේතුවෙන් රටක අනාගතය අඳුරුවීම සාධාරණිකරය කල නොහැකි අපරාධයකි.

මෙවැනි කරුණු මීට පෙර ඉදිරිපත්වුන අවස්ථාවල දී එවැනි අදහස් ඉදිරිපත් කල අය “කොරහේ කිඹුලන් දකින්නන්” ලෙස සලකා කටයුතු කල ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව ඇත. නමුත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ එම කිඹුලන් කොරහෙන් පිටතට අවුත් සමාජයට තර්ජනයක් වන තත්ත්වයට පත්වූ අවස්ථාවල පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නොසැලකිල්ල හේතුවෙන් සමස්ත සමාජයට ම වන්දි ගෙවීමට සිදුවීමයි.

චන්දන එස් ජයකොඩි – chandana.jayakody@gmail.com

Top