Featured

ඇමති සුජිවගේ ගල් ගැටුමේ සමයං…වෙඩි කා නසී

සුජිව සේමසිංහගේ සමිපතම මිත්‍රයෙකු විසින් සුජිවට කොමිස් දෙමින් පවත්වාගෙන යන වංචනික ගල් ව්‍යාපාරයේ (කලින් කල අනාවරණය –ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි) කොමිස් බෙදියාම හේතුවෙන් හටගත් ගැටුමක් නිසා කලක පටන් පාතාල සමාජිකයන් අතර පැවැති ගැටුමක් ප්‍රතිපලයක් ලෙස කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තබා ඝාතනය කිරිමට උත්සහ කළ පාතාල නායකයෙකු වන සමයං නැත්තා අද උදෑසන බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදි වෙඩි තබා ඝාතනය කර තිබේ.

2015 සැප්තැම්බර් 24 වැනිදා සමයං ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය අප අනාවරණය කල අයුරු ……

පාතාල “සමයං”ට වෙඩි තැබුවේ “සුජිවගේ” “කඩුවෙල ගප්පියා”
in Featured, LNW SPY September 24, 2015

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං නැමති පාතාල සාමාජිකයාට වෙඩි තැබීම පසුපස සිටින්නේ හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය,වත්මන් ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ සුජිව සේමසිංහගේ මැර කණ්ඩායමේ සමාජිකයෙකු බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.කඩුවෙල අධිකරණ සංකීර්ණය තුළදී ඊයේ (23) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් සමයං නැමති පාතාල සාමාජිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මොහු 30 හැවිරිදි කඩුවෙල – රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.වෙඩි තැබිම සිදුකල පුද්ගලයා “කඩුවෙල ගප්පියා” ලෙස හදුන්වන අයෙකු බව අප ඔත්තුකරුවන් අනාවරණය කළා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 4 ක් විභාගවන අතර ඉන් එක් නඩුවක් විභාග කිරීම සඳහායි ඊයේ මොහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යනු ලැබුවේ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙළ අසල බංකුවක වාඩිවී සිටි පුද්ගලයෙකු මොහුට වෙඩි තබා තිබේ.
වෙඩි තැබිමෙන් පසුව අදාළ පාතාල ඝාතකයා අධිකරණ භූමියෙන් එලියට පැමිණ සුදු පැහැති පැජරෝවකින් පැන ගිය බවද අනාවරණය වි තිබේ.අදාළ පාතාල සමාජිකයා පසුගිය මහා මැතිවරණ සමයේ සුජිව සේමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කල අයෙකු බවද අනාවරණය වි තිබේ.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ බලපෑම් හේතුවෙන් මේවන විට කඩුවෙල පොලිස් ස්ථානය වටා එස්.ටී.එෆ් ආරක්ෂාව යෙදවිමට පසුගිය මහා මැතිවරණ සමයේ සිදුවුනා.

සුජිව සේමසිංහගේ සමිපතම මිත්‍රයෙකු විසින් සුජිවට කොමිස් දෙමින් පවත්වාගෙන යන වංචනික ගල් ව්‍යාපාරයේ (කලින් කල අනාවරණය –ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි) කොමිස් බෙදියාම හේතුවෙන් හටගත් ගැටුමක් නිසා කලක පටන් පාතාල සමාජිකයන් අතර ගැටුමක් හටගෙන තිබේ.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ ‘එක ගමකට එක වැඩක්’ ව්‍යාපෘතිය ය.මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් ගසා එති අතර එම කොමිස් මුදල් බෙදා ගැනිමේදි මෙම අර්බුදය මතුව ඇති බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අධිකරණය හැල්ලුවට ලක්කිරිම සදහ මෙවැනි සිද්ධින් සිදුවිම බහුල තත්ත්වයක් වන අතර අධිකරණය තුලටම පැමිණ සැකකරුවන්ට වෙඩි තැබිම “යහපාලනය”ද?

(කලින් කල අනාවරණය –තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා – කොමිස් සුදා වු හැටි)

ඇමති සුජීව සේනසිංහත් හොද ගල් වැඩකාරයෙකි.පහුගිය කාලේ කඩුවෙල කොරතොට ගමේ ගල් මෝල් හිමියන් වෙනුවෙන් පෙනි සිටි ඔහුගේ මේ අලුත් මෙහෙයුම කුමක්දැයි පසුගිය කාලයේ කිසිවකුට සිතා ගැනීමට නොහැකි විය.

පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් සිය කැවුත්ත මේසය මත තබා කතා කල නිසාය.නමුත් සේනසිංහ හදිස්සියේ ගල් මෝල් හිමියන්ගේ පැත්ත අරන් වැඩකිරීම නිසා පැපාටත් ටිකක් මේ ගැන සිතා බලන්නට සිතිනි.

කොරතොට ප්‍රධාන පෙලේ ගල් කාරයෝ කිහිපදෙනෙකු නැතිනම් ගල් කඩන්නන් කිහිපදෙනෙක් සිටිති.ඒ අතරින් ඉරේෂ්, ගිත් හා විජේතුංග තරමක වැඩකාරයෝය.කෙසේවුවද මේ වැඩකාරයන්ටත් වඩා කෙළිකාරයා කවුදයි ඇපි සොයා බැලුවේය.එසේ සොයාගෙන යද්දී ඔවුන් ඔක්කෝටම ඉදිරියෙන් සිටින්නේ ඇමති සුජීව බව අපට සොයා ගැනීමට හැකි විය.

පෝර්ට් සිටි ව්‍යාපෘතියට ගල් සපයන්නාව සිටින්නේ ඇමති සුජීවගේ කිට්ටුම හාදයකි.නැත්නම් ඇමති සුජීවට කිට්ටුම හාදයා ඇමති සුජීවගේ ව්‍යාපාරික සගයා වන අජිත් ප්‍රසන්නය.පොර්ට් සිටියට ගල් සපයන්නේ ඔහුය.ඔහු පොර්ට් සිටියට ගල් සපයන විට ඔහුගේ පවුල සුජීවට ගල සපයන බවද මේවන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/5837

Top