Featured

ඇමතිවරයෙකුයි,මාධ්‍යකාරයෙකුයි අපෙන් කප්පම් ගන්න හදනවා -අර්ජුන,රාජිත,චම්පික

තමන් ඉලක්ක කර ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ ඔහුන් සමග සමීප සබඳතාවන් පවත්වන මාධ්‍යා මාෆියා කරුවන් දෙදෙනෙකු ඇවන්ගාඩ් සමාගම හරහා ලබාදෙන මුදල් හරහා මඩ ගැසිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම කල්ලියේ උත්සහ වි ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරුන් මෙහෙය විමේ බලය තමන් අතට ගැනිමටත් බව රාජිත සේනාරත්න,පාඨ්ළි චම්පික රණවක,අර්ජුන රණතුංග අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ලිඛිත ඉල්ලිමක් යොමුකර තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඇමැති රාජිත සේනාරත්න ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් ලක්ෂ 50 ක් ලබා ගත් බව ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම් වරයා වන, රාජිත යටතේ ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති දොස්තර සයුරු සමරසුන්දර හරහා හෙලිකිරිමත්,ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ‘සත්හඬ’ පුවත්පත සහ තවත් වෙබ් අඩෙවි ගණනාවකට ලබා දී ඇති ප්‍රකාශ මඟින් රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග කප්පම් ගත් බවට අනාවරණය කිරිමත් පසුපස ආණ්ඩුවේ ඇමතිවරුන් අපහසුතාවට පත්කර ඔහුන්ගෙන් කප්පම් ගැනිම සදහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරුන් තිදෙනා ජනපති හා අගමැති හමුවේ අනාවරණය කර තිබේ.

අදාළ චොදනා සිදුකිරිමෙන් පසුව විවිධ පුද්ගලයන් හරහා අදාළ මාෆියා කරුවන් තමන්ගෙන් කප්පම් ගැනිම්ට උත්සහ කල බවද අමාත්‍යවරුන් තිදෙනා සදහන් කර තිබේ.

ඒ අනුව අදාළ තොරතුරු සියල්ලම අගමැතිවරයාට භාරදි ඇති අතර ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද ඇමතිවරුන්ට පොරොන්දුවක් ලබාදි තිබේ.

කිසිදු අවස්ථාවක තමන් ඇවන්ගාඩ් ප්‍රධානියා යැයි සැලකෙන නිශ්ශංක සේනාධිපති නැමැත්තාගෙන් හෝ ඇවන්ගාඩ් ආයතනයකට සම්බන්ධ කිසිවෙකුගෙන් මැතිවරණ අරමුදල් හෝ අල්ලස් ඉල්ලීමක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමන් වෙත එල්ලකර ඇති චෝදනාවල සත්‍යය අසත්‍යයතාවය සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ව පොලිස්පතිවරයා වෙතද පසුගියදා ලිපියක් යොමුකර තිබේ.

Top