Featured

ඇමරිකාවට ගොට්ට අල්ලන්න කියු සිරිසේනගේ අනාවැකියටත් කෙලවේ(video)

රටේ වෙනදේවල් පත්තරෙන් දකින සිරිසේන පසුගියදා  “පිබිදෙන පුරවර පුලතිසි අසිරිය” නමින් පොළොන්නරුවේ ජනතාව ගොනාට අන්දවන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට උඩගේඩි දෙන තමන් ජනාධිපති කිරිමට මහන්සි වි වැඩ කල අමරිකානු වත්මන් ජනපති ඔබාමාගේ හිත සැනසිමේ අරමුණනින් අනාවැකියක් පවසා තිබේ.එම අනාවැකියට අනුව නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔබාමාගේ අපේක්ෂිකාව වන හිලරී ක්ලින්ටන් ජයගන්නා බවට අනාවැකියක් පලකර තිබේ.

“මේ රැස්වෙලා ඉන්න පිරිසෙන් සියයට හැත්තැවක් විතර කාන්තාවන් පිරිමි සියයට තිහක් විතර. රටේ සංවර්ධනයේ වගකීම හා ප්‍රමුඛත්වය පැවැරිලා තියෙන්නේ කාන්තාවන්ට. මම ඒ ගැන සතුටු වෙනවා. අද ලෝකයේ රාජ්‍ය නායිකාවන් ඉන්නවා 18ක්. මම හිතන්නේ තව මාසෙකින් දෙකකින් ලෝකයේ ප්‍රබලම රාජ්‍ය පාලනය කාන්තාවක් සතුවන්නට යන බව පෙන්වනවා.”

මේ අතර සිරිසේන ජනපතිගෙ ප්‍රධානම ප්‍රතිවිරුද්ධ ජ්‍යොතිෂයවේදියා වන විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි අද ඇමෙරිකාවේ මීලග ජනාධිපති කව්ද ?අනාවැකියක් කියා තිබේ.එම අනාවැකියට අනුව ලෝකයේ ප්‍රබලම රාජ්‍ය පාලනය කාන්තාවක් සතු නොවන බව පැහැදිලියි.

Top