Featured

ඉන්දික තොටවත්තයනි කකුළුවා දියකෙලින්නේ හැලිය රත්වනතුරු පමණක් බව සිහිපත්කරගනු මැනවි

2015 ජනවාරි අටවැනිදා පැවති ජනාධිපතිවරණය පිලිබදව එවකට බොහෝ ජ්‍යෙතිෂ වේදීන් අනාවැකි කීමට තරම් බොහෝ උනන්දුවක් දැක්වූහ.ඒ අතර සුමනදාස අබේගුණවර්ධන ,මාපලගම විමලරත්න , පියසේන රතුවිතාන ආදීවූ ජ්‍යෙතිෂවේදීන් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයෙන් ජයගන්නා බවට ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුල ප්‍රකාශකරන ලදී.ඉන්දික තොටවත්ත , සරත්චන්ද්‍ර , නාත්තන්ඩියේ පී.ඩී. පෙරේරා යන මහත්වරුන් මයිත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයෙන් ජයගන්නා බව ප්‍රකාශකරන ලදී.තවත් බොහෝ ජ්‍යෙතිෂ වේදීන් පිරිසක් පක්ෂ විපක්ෂ වශයෙන් අනාවැකි ප්‍රකාශ කලද ඉහත නම් සදහන් මහත්වරුන් විශේෂිත විය.

මෙම ලිපිය ලිවීමේදී ඒ ඒ නම් භාවිතා කිරීම පිලිබදවත් එම මහත්වරුන් සමග කිසිදු අමනාපයකින් මෙම කටයුත්ත සිදුනොකරන බවත් ප්‍රතමයෙන් කිවයුතුය.ජනාධිපතිවරණයෙන් පසු එක් පිරිසකගේ අනාවැකි නිවැරදි වූ අතර තවත් පිරිසකගේ අනාවැකි බොරු බවට පත්විය.එයින් ජ්‍යෙතිෂයට සිදූවූ සෙතක් යහපතක් නැත.සිදුවූයේ ජ්‍යෙතිෂ වේදියා සහ ජ්‍යෙතිෂ සාස්ත්‍රයට කනකොකා හැඩීමක් පමණි.උපුල් සාන්ත සන්නස්ගල වැන්නවුන්ට ජ්‍යෙතිෂය සහ එම මගපෙන්වීම් විහිලුවක් බවට පත්විය.රූපවාහිනී සංස්තාවේ සභාපතිවරයා විසින් සිය ආයතනය තුල ජ්‍යෙතිෂ වැඩසටහන් තහනම් කිරීමට තරම් කුහකවිය.

මේ අතරින් ප්‍රධාන චරිතයක් වූ ඉන්දික තොටවත්ත මහතා මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරනය පිලිබදවද අනාවැකි කියමින් සිටී.මහින්ද රාජපක්ෂ මහතා ගිය මැතිවරණයෙන් පරාජයවන බව කී ප්‍රතම පුද්ගලයා ඉන්දික තොටවත්ත බව පවසමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ද සමාජ මාධ්‍ය බොරු ප්‍රචාරයක් වර්තමානයේ ගෙනයමින් සිටී.එය පට්ට පල් බොරුවකි.ඉන්දික මහතාගේ අනාවැකියට ප්‍රතම මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වන බව පැවසුවේ 2013.04.30 වන දින ටී එන් එල් රූපවාහිනිය හරහා පැවසුවේ විජයමුණි විජිත රෝහන මහතා විසිනි.ඔහුගේ නම ජ්‍යෙතිෂවේදියෙකු ලෙස එතරම් සුප්‍රකට නැතත් ඔහු මුලු ලංකාවම දන්නා හදුනන විශේෂ පුද්ගලයෙකි.රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අවස්තාවේ රට හමුවේ ඇති අවධානම හදුනාගත් පුද්ගලයෙකු වූ ඔහු,රජිව් ගාන්ධි අගමැතිවරයාට තුවක්කුවෙන් පහරදුන්නේ ඔහුය.මහින්ද රාජපක්ෂ මහතා ස්තිරවශයෙන්ම පරාජයට පත්වනබව සියල්ලන්ට ප්‍රතම ජ්‍යෙතිෂ අනාවැකියක් ලෙසින් ප්‍රකාශකරන ලද්දේ විජයමුණි විජිත රෝහන මහතා බව නොදන්නා අයගේ දැනගැනීම උදෙසා මෙසේ දන්වා සිටිමි.

අනෙක් අතට , මහින්ද රාජපක්ෂ මහතා පරදින බවට අනාවැකියක් කිවූ ඉන්දික තොටවත්ත මහතාට එවකට ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ මහතා බලපෑම් කල බව තොටවත්ත මහතා ප්‍රසිද්ධ මාධ්‍ය තුල ප්‍රකාශ කල අතර ඔහු තවමත් එම ප්‍රකාශය කරමින් සිටී.එසේ සිදුකලානම් එය ඉතා වැරදි දෙයකි.එවකට රාජපක්ෂවරුන් යටතේ රාජ්‍ය පාලනය පැවති නිසා ,එම බලපෑම සම්බන්දව නීතිමය පියවරක් ගැනීමට තොටවත්ත මහතා මැලිවූවායැයි සිතමු.නමුත් ජනවාරි අටවැනිදායින් පසුව රාජපක්ෂ පාලනය අවසන්වීම සමග ඉන්දික තොටවත්ත මහතා විසින් ගෝටාබය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවරක් නොගත්තේ ඇයි.එයට තොටවත්ත මහතාට පුලුල් අවස්තාවක් පැවතියත් ඔහු ඒ සදහා යොමුනොවූවේ ඇයි.ඉන්දික තොටවත්ත මහත්තයො,ඔබතුමාට තවමත් අවස්තාව පවතිනව ගෝටාබය රාජපක්ෂ මහතාට විරුද්දව නීතිමය පියවරක් ගැනීමට.ඇයි ඔබ එසේ නොකරන්නේ.එහෙම නොකරන්නේ ඔබ කිව්වේ මුසාවක් නිසා නොවේද ?

ඉන්දික තොටවත්ත සහ සරත්චන්ද්‍ර යන මහත්වරුන්ගේ සැබෑ ජ්‍යෙතිෂ පතිවත

ජ්‍යෙතිෂයේ අවභාවිතය මැයෙන් සම්මන්ත්‍රනයක් 2015 ජනාධිපතිවරනයෙන් පසුව කොළඹදී පැවැත්වූවා.ඊට අමතරව රජයේ මාධ්‍ය ආයතනයක් සමග තොටවත්ත මහතා සම්මුඛ සාකච්ඡාවක් පවත්වන අතරතුර මාධ්‍යවේදියා විසින් මෙවන් ප්‍රශ්ණයක් තොටවත්ත වෙත යොමුකරනු ලබයි,

මාධ්‍යවේදියා = ඔබට රාජකීය ජ්‍යෙතිෂවේදියා වශයෙන් කටයුතු කරන්නට ආරාධනයක් ලැබුණොත් ඔබ එය පිලිගන්නවාද ?

ඉන්දික තොටවත්තගේ පිලිතුර = මහින්ද රාජපක්ෂගේ හෝ සිරිසේනගේ රාජකීය ජ්‍යෙතිෂ වේදියා වීමට කිසිදු කැමැත්තක් නොමැති අතර අනුර කුමාර දිසානායක යම් දිනයක මෙරට ජනපති හෝ අගමැති උවහොත් එම කටයුත්ත ඉතා කැමැත්තෙන් බාරගන්නා බව.

පෙර කී සම්මන්ත්‍රනය අතර තුරදීද ඉන්දික තොටවත්ත විසින් පවසන්නේ ඉහත සදහන් ආකාරයෙන්ම වේ………මෙපමණක් නොවේ ඔහුගේ වැඩි මාධ්‍ය භාවිතාවන් තුල සමාජවාදයත් ජනතා විමුක්ති පෙරමුණත් ඉතා යහපත් දේශපාලන ව්‍යාපාරයන් ලෙස වර්ණනාවට ලක්කරයි.මේ සියල්ල අනුව ඉන්දික තොටවත්ත යනු ඉතා භක්තිමත් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙක් බව නොකියා කියයි.

as01සරත්චන්ද්‍ර මහතා ප්‍රසිද්ධියේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකි.ඔහු එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ( ග්‍රීන් බ්ල්ඩ් ) සම සභාපතිවරයායි.ඔහුගේ දේශපාලණ අනාවැකි ඉතිහාසයේ වැඩිම අනාවැකි ප්‍රමාණයක් පවසා ඇත්තේ එක්සත්ජාතික පක්ෂය ජයග්‍රහනය කරන බවටයි.වරක් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට පත්වන බවත් ඔහු අගමැතිවරයා වන බවත් සරත්චන්ද්‍ර මහතා විසින් ප්‍රකාශකරන ලදී.නමුත් එවැන්නක් තවමත් සිදුවී නැත.ඔහු එම අනාවැකිය පවසා බොහෝ කාලයක් ඉක්ම ගොසින්ය.

ඉන්දික තොටවත්ත පවසන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන බවයි.නමුත් ඔහු පෙනී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වෙනුවෙන් බව පැහැදිලිය.සරත්චන්ද්‍ර මහතා ප්‍රසිද්ධියේ තමාගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නෙකි.ගැටලුවක් නැත.ඕනෑම අයෙකුට දේශපාලන මතයක් දැරීමේ නිදහස පවතී.නමුත් මොවුන්ගේ ජ්‍යෙතිෂ අනාවැකි තම දේශපාලනික අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම සහ එසේ කරමින් ජ්‍යෙතිෂයේ අවභාවිතාව ගැන පුරසාරම් දෙඩවීම තමන්ට තරම් නොවන බව දන්වා සිටිමි.

අනෙක් කරුණ නම් .. ඉන්දික තොටවත්තයන් විසින් ජ්‍යෙතිෂය මගින් තමන් ආර්තික හෝ වෙනත් ලාබයන් බලාපොරොත්තු නොවන බව පවසයි.එයට මම මෙසේ ප්‍රකාශ කරමි.ඉන්දික තොටවත්ත යනු සමහරවිට වෙස්සන්තර කෙනෙකු විය හැකිය.නැතිනම් ඔහුට මුදල් මගින් කිරීමට දෙයක් නැතුවා විය හැකිය.පුරාණයේ ජ්‍යෙතිෂ වේදියා ගරු කටයුතු චරිතයකි.ඔහු මිල මුදල් බලාපොරොත්තු වූයේ නැත.නමුත් ජ්‍යෙතිෂවේදියා වෙනුවෙන්,ඔහුගෙන් සේවය ලබාගන්නා අය කිසියම් උපකාරයක් කරන ලදී.එය තමාගේ කුබුරෙන් හෙනෙන් ලබාගන්නා , වී , හාල් , හෝ එලවලු ආදිය විය.නමුත් වර්තමාණයේ සියල්ල මුදල් මත පදනම්වූ ආර්තික වටපිටාවක ජ්‍යෙතිෂවේදියා පමණක් නොමිලේ සේවය කරන්නේ කෙසේද ? රජයෙන් හෝ වෙනත් ආකාරයකින් ජ්‍යෙතිෂ වේදියා ජීවත්කරන්නට වැඩපිලිවලක් යොදා ඇත්නම් ජ්‍යෙතිෂ සාස්ත්‍රයේ සේවය ජනතාවට නොමිලේ ලබාදිය හැකිය.ඉන්දික තොටවත්ත දෑස අන්ධ පුද්ගලයෙකි.ඔහු සරලය.ඔහුගේ එම අඩුපාඩු පිලිබදව මාහට කිසිදු ගැටලුවක් නැත.මම ඔහුට අනුකම්පා කරමි.මෙවන් තත්වයක් කිසිදු මිනිසෙකුට හෝ සතා සිව්පාවෙකුට නොවේවායි මම තොටවත්ත මහතා වෙනුවෙන් ප්‍රර්තනා කරමු.නමුත් තොටවත්ත මහතා තමාගේ ජීවන තත්වය වෙනත් ජ්‍යෙතිෂ වේදීන් සමග සසදා කතා කිරීම ඔහුට තරම් නොවේ.මහත්තයො මහපොලවේ දෙපයින් සිටගෙන සමාජ ආර්තික වටපිටාවන් පිලිබද මනා අවබෝදයෙන් යුතුව තමාගේ කතාව කිරීම යහපත් බව මම ඔබට දන්වා සිටිමි.

ජ්‍යෙතිෂයෙන් 100% නිවැරදි අනාවැකි කිවහැකිද ?

පුලුවන්.නමුත් එවැනි අය දැනට නැත.මානසික තත්වයන් දියුණුකරගත් සෘෂිවරුන් වැනි උගතුන් උතුමන් අද නැත.වර්ථමානයේ සිටිනුයේ පොතපත භාවිතා කරමින් ගුරුවරුන් ඇතිව හෝ නැතිව ජ්‍යෙතිෂය හැදෑරූ සාමන්‍ය මිනිසුන්ය.පොතපතේ සියල්ල නැත.වර්තමානයේ ජ්‍යෙතිෂ කරුවෙකුගෙන් 100% ක අනාවැකියක් බලාපොරොත්ත්තු වන්නේ නම් එය මෝඩකමකි.ඒ ආකාරයෙන් අනාවැකි කිවහැකි අයෙකු සිටීනම් ඔහු මේ ලෝකයේ ප්‍රධාන පාලකයා වනු ඇත.ලොකුම ධනවතා බලවතා වනු ඇත.සියලු රාජ්‍ය නායකයන් ඔහු සොයා පැමිණෙනු ඇත.වර්තමානයේ සිදුවන යුධ ගැටුම් නොපවතිනු ඇත.මිනිසුන් අකාලයේ මියනොයනු ඇත.ගුවන් යානා අතුරුදහන් නොවනු ඇත.අතුරු දහන් වූවත් සෙවීමට මහා ශ්‍රමයක් කාලයක් වැය නොවනු ඇත.සුනාමි භූමිකම්පා ඇති වූවත් එය මුලතියා හදුනාගැනීමට හැකිවනු ඇත.

ජ්‍යෙතිෂය මගින් 75% වත් නිවැරදිව අනාවැකියක් කිවහැකිනම් එය සුවිශේෂී හැකියාවකි.කිසියම් කාලසීමාවකට යටත්ව අනාවැකි පවසනවා මිස 100% නිවැරදි දින වකවානු සහිතව අනාවැකි කිවහැකිදැයි මා තවමත් නොදනී.එවැනි අයහමුවී හො එවැනි අය පිලිබ්දව අසාද නැත.

සිදුහත් කුමරු උපතලැබූ මොහොතේ සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුද්ධත්වයට පත්වන බව පැවසුවේ කොන්ඩඤඥ බමුණා විසින් පමනි.අනෙක් සැවොම ප්‍රකාශකලේ සක්විත රජවන බව පමණි.සියල්ලන් සක්විතරජකම ලබන බව පවසද්දී කොන්ඩඤඥ බමුණා පමණක් ඒකාන්තයෙන් බුද්ධත්වයට පත්වන බව පැවසුවේ කෙසේද ? එය ජ්‍යෙතිෂය සහ අංග ලක්ෂණ විද්‍යාව හා රේඛා සාස්ත්‍රය භාවිතයෙන් ප්‍රකාශකරන ලද්දකි.සුද්දෝධන රජු සිදුහත් කුමරා කොන් බමුණාවෙත ඔසවා දක්වද්දී සිදුහත් කුමරාගේ පාදය ප්‍රතමයෙන් බමුණා දෙසට යොමුවිය.එහිදී යටි පතුලෙහි සටහන්ව තිබූ ශංකයක සංකේතය බමුණා විසින් හදුනාගත් බවත් සිදුහත් කුමරුගේ ජම්ම කේන්ද්‍ර සටහනත් ඉහත සදහන් කල ශංකයේ සටහනත් සසදා බලා කොන්ඩඤඥ බමුනා විසින් සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුද්ධත්වයට පත්වන බවට අනාවැකි ඵලකල බවට පොතපතෙහි සදහන්ව ඇත.ඒ අනුව පැහැදිලිවන්නේ පුද්ගලයෙකුගේ ජම්මපත භාවිතයෙන් පමණක් අනාගත තත්වයන් පැහැදිලි කිරීමට නොහැකි බව නොවේද ? මෙම ලිපිය කියවන පාඨක ඔබ දැනගතයුතු දෙයක් ඇත.එනම් ජ්‍යෙතිෂය මගින් 100% නිවැරදි අනාවැකි ප්‍රකාශකල නොහැක.ජ්‍යෙතිෂය යනු සමස්තයෙන් ඉතා කුඩා මගපෙන්වීමක් පමණි.

මේ අනුව පෙර පැවති ජනාධිපතිවරණයත් ඉදිරි මැතිවරණයත් පිලිබදව 100% නිශ්චිත අනාවැකි ප්‍රකාශ කිරීම ඉතාමත් අසීරු කරුණකි.නමුත් අනාවැකි ඵලකල එක් පිරිසකගේ අනාවැකි සාර්තකවිය.තවත් පිරිසකගේ අනාවැකි අසාර්ථක විය.මෙයින් බොහෝ දෙනෙකු අනාවැකි ප්‍රකාශකලේ තම දේශපාලණික මතවාදයේ සිටිමින්ය.එයින් නාත්තන්ඩියේ පී.ඩී. පෙරේරා මහතාගේ දැක්ම පිලිබදව මා වැඩිමනක් තොරතුරු නොදන්නා නමුත් දන්නා තරමින් එතුමන් ස්වාධීම මතදාරී ජ්‍යෙතිෂ වේදියෙක් ලෙස මම දකිමි.ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ සහ සිරිසේන මහතාගේත් ලංකා කේන්ද්‍රයත් භාවිතා කරමින් සිය අනාවැකි ප්‍රකාශකලා විය හැකිය.

තවත් කිවයුතු දෙයක් තිබේ.ඉන්දික තොටවත්තයන් විසින් සිය අනාවැකි ප්‍රකාෂකරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ වරුන් දැඩි විවේචනයක් එල්ලකරමිනි.අනෙක් පුද්ගලයා සරත්චන්ද්‍ර මහතාය.ගැටලුවක් නැත.ඒ ඒ මතය ඔවුන්ගේය.නමුත් ගැටලුව වන්නේ ජ්‍යෙතිෂ අනාවැකිය සමග මහින්ද රාජපක්ෂ මහතාට ජ්‍යෙතිෂයෙන් එපිට ගිය නිර්ධය විවේචනයක් එල්ල කිරීම.එය අනාවැකි කීම හෝ ජ්‍යෙතිෂය නිසි භාවිතාකිරීම නොව කුහකත්වයෙන් තම හැකියාව මවා පෙන්වීමක් පමණි.තිස් වසරක කුරිරු යුධ සාපයෙන් රටත් ජනතාවත් මුදවාගත් ගැලවුම් කරුවා වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රභාකරන්ට වඩා ඉතා පහත් තත්වයකට දමමින් ජ්‍යෙතිෂයට මුවාවී කරනු ලබන පහත් විවේචනය ජ්‍යෙතිෂවේදියෙකුට තරම් නොවන බව කිව යුතුය.

මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු රාජයෝගයක් උදාවී නැතිබව ඉන්දික තොටවත්ත ප්‍රකාශකරයි.නමුත් ඉන්දික මහතාටත් නොදන්නා වූ සියලු දෙනාටත් කිවයුතු දෙයක් තිබේ.එනම් මෙලොව උපත ලබන මිනිසුන්ගෙන් බහුතරය රාජ යෝගයන්ට හිමිකම් කියයි.රාජ යෝගයක් නැති කේන්ද්‍ර සටහනක් හමුවන්නේ ඉතා කලාතුරකින්ය.මෙම ලිපිය ලියන 2015.07.18 වන දින රාත්‍රී 9.51ට උදාවී ඇති තත්කාල කේන්ද්‍රයේ ලග්න රාශිය වන්නේ කුම්භ රාශීයයි.මෙම තත්කාල කේන්ද්‍ර සටහනේ ගජකේෂරී නම් රාජ යෝගයත් පරෙවිරාජ යෝගයත් තවත් රාජ යෝග දෙකකුත් පැහැදිලිවම පිහිටා ඇත.මෙය වැරදි නම් ඉහත සදහන් දිනය සහ වේලාවට කේන්ද්‍ර සටහන සකසා එය පරීක්ෂා කර බැලිය හැක.ඉහත සදහන් කාලයේ උපදින පුද්ගලයන්ට ඉහත සදහන් කල රාජ යෝගයන් පිහිටනු ලබයි.නමුත් එයින් කියවෙන්නේ ඉහත වේලාවේ උපත ලබන්නේ ශ්‍රී ලංකාවේ අනාගත නායකයා බව නොවේ,එසේ වීමටද බැරි නැත.රජ කම වර්ථමානයේ ක්‍රියාත්මක නැත.ඒ හේතුවෙන් කෙනෙකුට ගැටලුවක් මතුවනු ඇත.රාජ යෝගය යනු රාජ්‍යත්වය ලැබීමම පමණක් නොවේ.ඕනෑම කේෂ්ත්‍රයක උසස් වීමක් ලැබීමයි.එය ආර්ථික දේශපාලණික හෝ ඕනෑම අංශයකින් උසස් තත්වය ලැබීමක් විය හැකිය.වර්ථමාන සමාජීය දේශපාලනික තත්වයන් අනුව රජ වීම නොහොත් දේශපාලනයේ උසස් තත්වයකට පත්වීමට පවුල් පසුබිම වැදගත්ය.ආර්ථික හැකියාවත් ප්‍රධාන සාධකයකි.මේ සියල්ලගෙන් ශක්තිමත් පුද්ගලයා දේශපාලනයේ උසස් තනතුරු ලබයි.පාසලේ විදුහල්පති වරයාද පාලකයෙකි.ග්‍රමසේවකට ඇත්තේද රාජයෝගයකි.ඒ ඒ රාජ යෝගයන් ක්‍රියාත්මක වන්නේ තමන්ගේ තත්වය සහ සමාජ දේශපාලණික වටපිටාවන් තුලය.මහින්ද රාජපක්ෂ මහතාගේ ජම්ම ලග්නය කන්‍යා රාශියවේ.2015.07.19 වන දිනයේද කන්‍යා ලග්නයට සදු සහ ගුරුගෙන් යෙදෙන ගජකේෂරී නම් රාජ යෝගයත් රවි ග්‍රහයාගෙන් පරෙවිරාජ යෝගයත් ගුරු සහ සිකුරු ග්‍රහයන් දෙදෙනාගෙන් තවත් රාජයෝගයකුත් යෙදී ඇත.සමත්ස කන්‍යා ලග්න හිමියන්ටම මෙම පිහිටීම පොදුවේ.එය සුභ තත්වයකි.නමුත් මෙම සුබ තත්වයන් ක්‍රියාත්මක වීමට උප්පත්ති කේන්ද්‍ර සටහනත් දැනට ගෙවමින් පවතින මහදසා අතුරු දසාත් ඒරාශ්ටක අපල ආදියත් බලපානු ලබයි.ඒ හේතුවෙන් එක් එක් පුද්ගලයාට ඒ ඒ තත්වයන් උදාවනු ඇත.

ඉන්දික තොටවත්ත විසින් සිය දැනුම සහ ජ්‍යෙතිෂය භාවිතා කරමින් මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් සිටින බව පක්ෂ විපක්ෂ ජ්‍යෙතිෂය දන්නා නොදන්නා ඔබට තේරුම් ගැනීමට හැකිවිය යුතුය.මෙම කටයුත්ත මගින් ඔබ සිදුකරන්නේ මහා පාප කර්මයක් බව මම ඉන්දික තොටවත්තයන් වෙත දන්වා සිටිමි.ඔබ ඔබගේ තත්වය වටහාගනිමින් මතු ආත්මයට පව් නොව පිං රැස්කරගැනීම වටිනා බව තේරුම්ගත යුතුය.එසේ හෙයින් ඔබට පිං රැස්කරගැනීමට මා මගක් පෙන්වා දෙමි.එයින් ඔබට සමස්ත ලෝකයටම ඉතා වටිනා මානුෂීය සේවයක් කිරීමට හැකියාව ලැබෙනු ඇත.එපමණක් නොව ඔබ සොයනා ප්‍රසිද්ධිය ගෞරවය ජීවිත කාලය දක්වාම පවත්වාගෙන යා හැකිය.මෙය අබියෝගයක් ලෙස ගත්තාට කම් නැත……සමස්ත ලෝකයේ හෙට දිනයේ සිදුවිය හැකි සියලු විපත් පිලිබදව අනාවැකි ප්‍රකාශකරන ලෙස මා ඔබට ආරාධනා කරමි.ඔබ මහින්ද රාජපක්ෂ පිලිබදව නිවැරදි අනාවැකි පැවසුවේ නම් ඔබට එය ඉතා සරල දෙයක් වනු ඇත.ඔබට එය එසේ කල නොහැකි නම් ඔබ මහින්ද රාජපක්ෂ පිලිබදවද ප්‍රකාශ කරන්නේ පට්ට පල් බොරු බව මම මුලු ලක්වැසියාටම පෙන්වා දීමට මම පසුබට නොවෙමි.

වෙනස වෙනස් වෙමින් ඇත.රනිල් වික්‍රමසිංහ මහතාට කුමනහෝ ආකාරයකින් ලැබුණ අවසන් අවස්තාවද ඔහු ඇතුළු දේශපාලන නඩය විසින් අවභාවිතා කිරීමේ අදුරු ප්‍රතිපලයත් වෛරය , කුහකත්වය ඊර්ෂාව ආදීවූ දුර්ගුණයන්ගේ ප්‍රතිඵ්ලයත් අගෝස්තු 17 වනදා එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද විරෝධී සියලු දෙනාටම ලැබෙනු ඇත.එය ලොව කිසිදු බලවේගයකින් නැවැත්වීමට හැකියාවක් නැත.ඉන්දික තොටවත්තයනි කකුළුවා දියකෙලින්නේ හැලිය රත්වනතුරු පමණක් බව සිහිපත්කරගනු මැනවි.

Top