Featured

ඉන්දියාවෙන් හිඟමනට දුන් මන්ත්‍රීකම අරන් ජනතා මර්දණයක සුදානමක්

තමන් මොනතරම් අකමැති වුවත් තමන්ට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එජාප ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රි ධුරයක්‌ ලබාදීමට සිදුවන බව අද එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ සදහන් කල බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

කවුරුන් කවර අකාරයේ තර්ක ඉදිරිපත් කලද අද දිනයේ  දිනයේ සරත් ෆොන්සේකාට මන්ත්‍රිධුරයේ දිවුරුම් දිම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල්ගේ උපදෙස් මත කමැති වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දිය රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් නියෝගය බවත් ඒ සම්බන්ධයෙන් ෆොන්සේකාගේ පත්විමෙන් පසුව හෙළිදරවු කරන බවත් අප ඊයේ අනාවරණය කළා.

බෙදුම්වාදීන්ගේ උවමනාවන් ඉටුකර ගැනිම සදහා බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රයට නටන්නේ නැති සියලුම දෙනා මර්දණය කිරිමට කටයුතු කලයුතු බවත් ඒ සදහා සරත් ෆොන්සේකා වැනි කලවැද්දෙකු භාවිතා කිරිම ඉතා පහසු බැවින් සරත් ෆොන්සේකාට අදාළ මන්ත්‍රිධුරය මෙන්ම ඇමතිකමද ලබාදිමට කටයුතු කරන ලෙසයි.මිට අමතරව යුධ අපරාධ චොදනා යටතේ රණවිරුවන්ගේ ගෙලසිදිමේ යටි අරමුණක්ද ඉන්දියාව සතුව තිබෙ.

ඊයේ කල අනාවරණය –ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් අත්හරි!

[box type=”success” ]නමුත් හෙට දිනයේ සරත් ෆොන්සේකාට මන්ත්‍රිධුරයේ දිවුරුම් දිම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල්ගේ උපදෙස් මත කමැති වනු ඇත.ඊට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දිය රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් නියෝගයයි. (ඒ සම්බන්ධයෙන් ෆොන්සේකාගේ පත්විමෙන් පසුව හෙළිදරවු කරමු )ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයා හදිසි කටයුත්තක් සදහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු මේ වනවිටත් අවශ්‍ය ලිපි සදහා අත්සන් තබා තිබේ.[/box]

කොළඹ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ මුලු පක්ෂයම ලබාගත් ඡන්ද සංඛයාව 5,238ක් වන අතර එහි ප්‍රතිශතය  ප්‍රතිශතය 0.43% කී එයින් ෆොන්සේකා ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 2300ටත් අධුය.නමුත් ඉන්දියාවේ පිහිටෙන් හෙට දිවුරුම් දෙන ෆොනීට ඉතා ඉක්මනින්ම නීතිය හා සාමය සම්බන්ධ රටේ බෙදුම්වාදින්ට එරෙහිව නැගී සිටින සමාජ ජනරැල්ල මර්දණය කිරිමේ ඇමතිකමද ලැබෙනු ඇත.

Top