All

ඉන්දීයාවට පහරදිමේ චීන මෙහෙයුම ඇරඹෙයි! චීන වහල්ලුන්ගේ වෛරස් වලින් ප්‍රවේශම් වනු!

රුසියාව විසින් ශ්‍රී ලංකාවට බොරතෙල් බැරලයක් ඩොලර් 35කට ලබාදීමට එකඟ වී තිබියදි එම අවස්ථාව මගහැර යමින් රජය කටයුතු කරන බවට පලවන පුවත් වාර්තා චීන බලපෑම් මත පලවන වාර්තා බව LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා. ඔහු අනාවරණය කළේ චීනය සහ චීන වහල්ලුන් මේ වනවිට ජනතා මතය අවුල් කිරිම සදහා කුමන්ත්‍රණයක නියැලී සිටින බවයි.

පසුගිය සතියේ දිවයින පුවත්පතේ පුවතක් වාර්තා කර තිබුණේ රුසියාව විසින් ශ්‍රී ලංකාවට බොරතෙල් බැරලයක් ඩොලර් 35කට ලබාදීමට එකඟ වී ඇති බවයි.දිවයින චීන හිතවාදී පුවත්පතක් බව ප්‍රසිද්ධ රහසකි. එම පුවත ලියා ඇත්තේ ඉන්දියාවට එරෙහිව ද්වේශසහගත පුවත් නිතර පළ කරන කීර්ති වර්ණකුලසූරිය විසිනි.

ශ්‍රී ලංකාවට බොරතෙල් බැරලයක් ඩොලර් 35ක් ගෙවීමට රුසියාව එකඟ වූ බවට දිවයින පුවත්පතේ පළ වූ වාර්තාව බොරුවක්. තෙල් බැරලයක් බිමෙන් එසවීමට රුසියාවට ඩොලර් 35 කට ආසන්න මුදලක් වැය වේ. රුසියාවේ අයවැය සමතුලිත කිරීමට නම් තෙල් බැරලයක් ඩොලර් 105 කට විකිණිය යුතුය. ‘දිවයින’ බොරුවේ දිග පළල මෙම සංඛ්‍යා වලින් තේරුම් ගත හැකිය.

අද ශ්‍රී ලංකාව ඉන්දියානු ණය පහසුකම රේඛාව යටතේ ක්‍රියාත්මක වන බව අවිවාදිත කරුණකි. ඉන්දියානු ණය රේඛාව නොමැති නම් රට දරුණු ව්‍යසනයකට පත් වනු ඇති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සමග සමීපව කටයුතු කිරිම අවශ්‍යම සාධකයක් බවට පත්වෙමින් තිබේ.

තත්ත්වය මෙසේ තිබියදි තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් අඩුවිම පුරවැසියන්ට යහපත් වුවද එය විපක්ෂයට අවාසිදායක තත්ත්වයකි. බොරදියේ මාළු බෑමට සිටින චීනයටද එය අවාසියි . ඒ නිසා මේ බලවේග සියල්ල එක්වි චීන සහයෝගීතාව යටතේ බොරු පුවත් මවා ජනතාව නොමග යැඉමට කටයුතු කරන බව අනාවරණය වි තිබේ.

අදාල පුවත් හරහා ජනතාව තුල මතුකිරිමට උත්සහ දරණ කරුණු දෙකක් ඇති බවය අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. ඒ

01 රනිල්ගේ ආණ්ඩුව අකාර්යක්ෂම බව පෙන්වීම

02 ඉන්දියාව කෙරෙහි වෛරය ඇති කිරීම

මේ වන විට රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂ ගණනාවක් සක්‍රියවකටයුතු කරන අතර එනම්

  • ඉන්දියාව කෙරෙහි අවිශ්වාසයක් ඇති බව පෙනෙන සජිත් ප්‍රමුඛ ප්‍රධාන විපක්ෂය
  • චීන වැටුප් ලේඛනයේ මාධ්‍යවේදීන්
  • JVP ඇතුළු චීන ආධාරවලින් පෝෂණය වූ වාමාංශික පක්ෂ
  • තමන් පක්ෂග්‍රාහී නොවන බව ප්‍රකාශ කරන සිවිල් ක්‍රියාකාරීන්

සති දෙකකට පෙර, චීන සහ පාකිස්තාන තානාපති කාර්යාල සමඟ සමීප සබඳතා පවත්වන Shiraz Yoonus නොමඟ යවන වීඩියෝවක් නිකුත් කළේය. එහි ඔහු කියා සිටියේ ඉන්දියාව උදව් නොකරන නමුත් ජාවාරමක නිරත වන බවයි. එය සම්පූර්ණයෙන් චීනයේ අනුග්‍රහය දක්වන ලද එකක් වන අතර ඒ හරහා අදාළ විඩියෝව සමාජ ජාළා තුල ප්‍රවර්ධනය කිරිමට කටයුතු කර තිබේ.

තත්ත්වය මෙසේ තිබියදි ඉන්දීයනු ණය ක්‍රමයට දැඩිව පහර දෙන ජනතා විමුක්ති පෙරමුණද චීනය සමග සමීප සබඳතාවයක් ඇති බව අද පෙන්වා සිටියා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං  (Qi Zhenhong)  අතර හමුවක් සිදුවිම හරහාය.

පසුගියදා “මගේ රට බංකොලොත් කලේ කවුරුද?” යනුවෙන් දේශනයක් පවත්වමින් අනුර කුමාර ඉන්දීය ණය සැපයිම පිළිබඳව දැඩිව දෝෂදර්ශනයට ලක්කර තිබුනා. අනුර කී කතාව පහලින් බලන්න ...

ඉන්දීයානු ණය සහන නිකන්ම ලබා නොදෙන බව ඉතා පැහැදිලිය එය යලි ගෙවිය යුතුය.නිකං ණය දෙන්න ඉන්දීයවට හෝ වෙනත් රටකට කැසිල්ලක් නැති බව නොරහසකි. දැනට සිදුවන්නේ අදාළ ඉන්දීය සමාගම් සදහා අවශ්‍ය මුදල් ඉන්දීය රජය ගෙවන අතර එම මුදල් අප ඉන්දීය රජයට ගෙවිය යුතු විමයි. තත්ත්වය කුමක් වුවත් සෑම පුරවැසියෙකුටම ආපදා අවස්ථාවලදී ඉන්දියාව සහන සැලසීම ගැන කෘතඥ විය යුතුයි.

Top