දශක තුනක් තිස්සේ මුුලු මහත් ශ්‍රී ලංකාවම අගාධයකට ඇද දැමූ වර්ගවාදී යුුද්ධය අවසන් කිරීමෙහි ලාඋදාර මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරල් කමල් ගුණරත්න රණවිරුවානන් අතින් ලියැවුන ‘රණ මග ඔස්සේනන්දිකඩාල්‘ නම් කෘතිය එලි දැක්වීම පසුගිය සතියේ සිදුවිය. මේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය තමන්වෙත පවරා ගන්නට විවිධ පිරිස් උත්සාහ කලත්, මේ පොත එලි දැක්වීමේ උත්සවයට සහභාගි වූ පිරිස,සිදුවුන කතාබහ ඔස්සේ ඊට නියම හිමිකරුවන් කවුද යන්න ජනතාවට යම් ප්‍රමාණයකට අවබෝධ වූ බවනම් පැහැදිලිය. වත්මන් ආරක්ෂක ලේකම්වරයා සහ හමුදා ප්‍රධානීන් ද, රජයේ වගකිව යුත්තෝද මෙයට සහභාගි නොවූහ. අද දහම් පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයකට පවා යන්නට මැලි නොවන අප ජනාධිපති, එදා වැඩ බැලූ ආරක්ෂක ඇමතිවරයාය. විදේශගතව සිටි එවක ජනාධිපතිවරයා සිය රටට පැමිනෙන විට පෙරමුණේම ගොස් බදා වැළඳ සුභ ආරංචිය පැවසුවේ ඔහුය. ඔහුත් එතැන නැත. රණමග කෙසේ වෙතත් එදා ඒ අනභිභවනීය සටන තුලින් ගලවා ගත් අප මාතෘ භූමිය යලිත් ඇදගෙන යන මග නම්මේ තුල පැහැදිලිව පෙන්නුම් කරයි.
ඒ අතර මාධ්‍යවේදීන් වෙත අදහස් දැක් වූ හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා තමාද තම අත්දැකීම්අලලා පොතක් ලියන බවත්, සමහරු යුද්ධය පිලිබඳ පොත් පල කරමින් තම ප්‍රතිරූපය ගොඩ නගා ගන්නටතැත් කරන බවත් පැවසීය. එයද සුපුරුදු පරිදි ඔහුගේ සිත තුල කැකෑරෙන වෙෙරය සහ ඊර්ෂ්‍යාව පිටතටදැක්වුන අවස්ථාවකි. මේ අනුව නම් සරත් ෆොන්සේකා ලියන්නට යන පොත ගැන, ඔහු පෙරලූ පොත් ගැනද හොඳ හැටි දන්නා ජනතාවට නම් අමුතුවෙන් කිව යුතු නැත. එදා ඒ කල යුද්ධය අද රනිල්ලා ට විහිලුවක්වූවාට වෙනත් කිසිවකුට විහිලුවක් නොවීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඒ පොත පිදුවේ පිදිය යුත්තන්ටමය. යුද්ධයේ විපාකය තම දෑස් ඉදිරියේ පෙනී යත්දීත්, තම දරුවන් යුද හමුදාවට යවන්නට පසුබටනොවූ ඈත පිටිසර දෙමව්පියන්ට ඔහු පුදකල කෘතඥතාව අතිශයෙන් සංවේදීය. වසර 35 ක් තිස්සේ යුදහමුදාවේ සේවය කරමින් ඉනුත් වසර 26 ක් ම, අවසන් තත්පරය දක්වාම ඒ බිහිසුනු වර්ගවාදී යුද්ධයසැබැවින්ම අත්විඳි ඔහු වැන්නෙකුම මිස ඊට සුදුස්සෙක් තවත් වේද?
ශ්‍රී ලංකා හමුදාවනට යුද අපරාධ පිලිබඳව චෝදනා එල්ල කරන්නට දත කන විදේශීය බලවේගයන් හමුවේතම පිට කොන්ද පාත් කරන වත්මන් පාලකයන්ට නම් මේ යුද්ධය ගැන අවබෝධයක් තිබුනේම නැත.තොප්පිගල අත්පත් කරගත් විට තොප්පිගල යනු නිකම්ම කැලයක් යයි රනිල් එදා පැවසුවේ එහෙයිනි. රවිකරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර වැනි පුද්ගලයන් එදා කී කතා ඔබේ මතකයේ ඇති බවනිසැකය. අද බැන් කි මූන් ඇතුලු ජාත්‍යන්තරය සතුටු කිරීම තම න්‍යාය පත්‍රයේ අංක එකට තබාගත්ඔවුන්ගෙන් යුද්ධය සිදු වූ ආකාරය පිලිබඳ හෙලි කෙරෙන සැබෑවක් කෙරෙහි මීට වඩා හොඳ ප්රතිචාරයක්අපේක්ෂා කල නොහැක.
තම චාරිකාව අතරතුර ශ්‍රී ලංකාවේ සිදු වූ වර්ගවාදී ප්රශ්නය ගැන කතා කල එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒ වර්ගවාදී ප්රශ්නය රුවන්ඩාවේ සිදු වූ සමූලඝාතන සමග සැසඳීය. මේ කතා තරන්නේ 1994අප්‍රේල් මස 6 වන දා ඇරඹී මාස කිහිපයක් ඇදී ගිය ගෝත්රවාදී අරගලය ගැනය. වරක් නිවාස ඇමති සජිත්ප්‍රේමදාස, පසුගිය රජය ආශ්‍රය කලේ රුවන්ඩාව, බුරුන්ඩාව (බුරුන්ඩිය විය යුතුය) වැනි රටවල් (ගණන්ගත යුතු නැති) බවට උපහාසාත්මකව පැවසුවේ ගැමියන් පිරිසක් අමතමිනි. ඒ තමන් ආශ්‍රය කරන ‘සුද්දන්‘ගැන උදම් වෙමින්ය. රුවන්ඩාව ගැන එවන් ආකල්පයක් දරන වත්මන් රජය එහි සිදු වූ සිද්ධීන් පිලිබඳ හරිහැටි නොදන්නා නිසා මේ ප්‍රකාශය එක කණකින් අසා අනිත් කණින් පිටතට දැමුවා විය යුතුය. නමුත් එයබරපතල කියමනකි.
රුවන්ඩාවේ සිදු වූ සමූල ඝාතනයන්ට තුඩු දුන් හුටූ හා ටුට්සි ගෝත්‍රිකයන් අතර පැන නැගුනු ප්රශ්නය කිසිසේත් ශ්‍රී ලංකාවේ වර්ගවාදී ප්‍රශ්නයට සමාන නොවේ. 1959 – 1962 අතර කාලයේද ඒ රටේ බහුතරය වූහුටූන් විසින් සුලුතරය වූ ටුට්සීන් 150,000 ක් පමන මරා දැමුවෝය. එවිට තම පණ බේරාගෙන අසල්වැසිසයරේ (කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය) වෙත පලා ගිය ටුට්සීන් කලබල සංසිඳුන පසු යලි රුවන්ඩාවටසංක්රමණය වූහ. නමුත් මේ ගැන අසතුටු වූ හුටූ අන්තවාදීන් ටුට්සීන් පලවා හැරීමට විවිධ ප්‍රහාර සිදු කරඅවසානයේදී 890,000 ක් ඝාතනය කල මහා අපරාධය සිදුකලේ තම හුටූ වර්ගයාම එක සේ බුද්ධිශෝධනයට ලක් කිරීමෙනි. 1994 අප්‍රේල් මස 6 වන දා සවස 6 ට පමන කිගාලි ගුවන් තොටුපලට සේන්දුවෙමින් සිටි රුවන්ඩානු ජනාධිපති හබ්යෙරිමානා සහ අසල්වැසි බුරුන්ඩියානු ජනාධිපති සයිප්රියෙන්න්ටර්යාමිරා රැගත් ජෙට් යානය අන්තවාදී හුටූන් විසින් වෙඩි තබා බිම හෙලනු ලැබීය. මීට හේතු වූයේ හුටූහා ටුට්සි ගෝත්‍රිකයන් අතර බලය බෙදී යන පරිදි ඔවුන් අත්සන් කල ‘අරූෂා ‘ නම් සාම ගිවිසුමයි.
හුටූන් හා ටුට්සීන් අතර ගැටුම ඇරඹුනේ කෙසේද? ඔවුන් දෙපිරිසම රුවන්ඩානු ජාතිකයෝය. කතා කලේ,ලියුවේ එකම භාෂාවය. වෙනස මතු වුනේ බාහිර පෙනුමේය. ටුට්සීන් ශරීර ස්වභාවයෙන් උස, සිහින්, මඳක්පැහැපත් හා විශේෂයෙන්ම සිහින් දිග නාසයක් ඇත්තෝය. හුටූන් මිටි හා පලලැති සිරුරද, පලල් නාසයක්දසහිත වඩාත් අඳුරු ඡවි වර්ණයක් ඇත්තෝය. 1935 වන තෙක් එය ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ නැත. 1918 දීමේ රටවල් යටත් කරගත් බෙල්ජියම්වරු, 1935 දී මේ මිනිසුන්ගේ ශාරීරික වෙනස් කම් අනුව වර්ගීකරණයකර, ඔවුන්ට හුටූ, ටුට්සි සහ ට්වා යන ගෝත්‍රික හැඳුනුම්පත් නිකුත් කලහ. ඒ අනුව 85% ක් හුටූන් ද, 14%ක් ටුට්සීන් ද, 1% ක් ට්වා ද වශයෙන් රුවන්ඩානු ජාතිය බෙදී ගියේය. සුදු ප්‍රමිතීන්ට අනුව වඩා හැඩ වැඩැතිටුට්සීන්ට වරප්‍රසාද ලබා දෙමින් හුටූ වරුන් පහල තලයේ ජීවනෝපායන්හි තබා කොන් කලහ. ඒ අනුව මෙම ප්රශ්නයේ ආරම්භකයන් කවුරුන්ද කියා පැහැදිලිය. 1994 දී පුපුරා ගියේ එසේ පරම්පරාගතව වැඩීගිය වෙෙරයේ ආතතියයි. එහිදී හුටූ අන්තවාදීන් පමනක් නොව බුද්ධි ශෝදනයට ලක් කර තිබූ සාමාන්යජනතාවද හිතු මතයේ මිනී මැරූ අතර එරට අගමැතිනිය, ජනාධිපති ඇතුලු මධ්‍යස්ත හුටූවරුන් ඇතුලුව890,000 ක් ඝාතනය කරන ලදී. මෙම ප්‍රශ්ණය කෙසේවත් ශ්‍රී ලංකාවේ වර්ගවාදී ප්‍රශ්නයට සම කලහැකි දැයි බලන්න. 1983 දී සාමාන්‍ය සිංහලයන්, ආයුධ ගත් ම්ලේච්ඡයන් හමුවේ අසරණ වූහ. කිසි විටෙකඔවුන් තමා සමග එකට හිඳ තේ කෝප්පයක රස විඳිමින් සුහද සාමීචියේ යෙදුනු අසල්වැසියාගේ උදරය පිහිපාරකින් ඉරා දමා ඝාතනය කලේ නැත. අනික ඉන් පසුව අද දක්වාම රටේ අනිකුත් ප්‍රදේශවල ජීවත් වීමට,තම ආගමික හෝ සංස්කෘතික විධි පවත්වාගෙන යාමට සුලු ජාතීන්ට සැලකිය යුතු බාධාවක් නැති තරම්ය.
නමුත් තව අතකින් බලන කල බැන් කි මූන්ගේ ඒ සමානත්වය අදාල වන තැනක්ද වෙයි.ඒ 1983 න් පසුඋතුරු නැගෙනහිර මායිම් ගම්මාන වල ජීවත් වූ සිංහල හා මුස්ලිම් ජාතිකයන්ට එල්ල වූ ප්‍රහාර ය. ඩොලර්කෙන්ට් ෆාම් ධීවර ගම්මානයන්හි සිට අම්පාර ගෝනගල දක්වා සිදු වූ සමූල ඝාතනයන් හෝ සමූල ඝාතනඋත්සාහයන්ය. අද රජය මේ තරම් සංහිඳියාව ගැන කතා කරද්දී සිංහලයාගේ සෙවනැල්ලකටවත් තමප්රදේශවල ඉඩ නැතැයි යන පණිවුඩය දෙන විග්නේශ්වරන්ලා, ශිවාජිලිංගම්ලාගේ කතා වල හොල්මන්කරන්නේ ද සමූලඝාතනයක සෙවනැලි නොවේද?
අවසානයේ රුවන්ඩාවේ ප්රශ්නය සෑදූ වුන්ම සාම සාධක හමුදාවක වෙසින් පැමින ප්‍රශ්න විසඳන්නට තැත්කලහ. නමුත් හුටූන් මේ ම්ලේච්ඡ ඝාතන ඇරඹූ විට පිහිට ඉල්ලා ඔවුන් වෙත පැමිනි ටුට්සීන්ට එක්සත්ජාතීන්ගේ සාම සාධක හමුදාව පවසා ඇත්තේ ‘අපට පහර නොදෙනතුරු අපට මීට මැදිහත් වෙන්න බැහැ‘යනුවෙනි. ඉතින් බැන් කි මූූන් මෙවර චාරිකාවේදී අපටද පැවසූ කතාව, එනම් තමන් ඒ් කාලයේ මැදිහත් වූවානම් විිිශාල ජීවිිත විනාශයක් වලක්වා ගන්නට තිබුනාය යන්න සැබෑවක් වනු ඇතිද?
ඔහු මේ කියන මැදිහත් වීමේ සැබෑ තතු ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්‘ පොතෙහි සටහන් වී ඇත. අනිකඔහු මේ කතා කරන්නේ මොන ජීවිත ගැනද? නොඅනුමානවම යුද්ධයේ අවසන් දින කිහිපය තුල එල්ටීටීඊ යමිනිස් පලිහක් ලෙසින් රඳවා ගත් ජීවිත විය යුතුය. එය ඉතා ඛේදනීය මතකයක් බව සැබෑය. එමෙන්ම ඒ වනතුරු යුද්ධයට ගොදුරුව මිය ගිය සිංහල, දෙමළ, මුස්ලිම් සිවිල් වැසියන්, ප්රභාකරන්ගේ සංවිධානය විසින්විවිධ චෝදනා කර මරා දැමූ ටෙලෝ ඇතුලු අනිකුත් ද්‍රවිඪ සංවිධානවලට අයත් මිනිසුන් ගැන මේ කතාවේදීසඳහන් වනවාදැයි සැක සහිතය. 80 දශකයේ අග භාගයේදීද සිදුකල අමානුෂික ඝාතන මේවාටගෑවෙන්නේත් නැත.
අනික ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාව රුවන්ඩානු බහුතරය බඳු වී නම් එදා 1993 මැයි මස 1 දාදෙමළ බෙදුම්වාදීන් විසින් එවකට සිටි ජනාධිපති ආර්. ප්‍රේමදාස මරා දැමීමට පෙර, 1989 දී සාමය ගැනපවසමින් ඔහු විසින් එල්ටීටීඊ සංවිධානයට ආයුධ, සිමෙන්ති, පතොරම් මෙන්ම තම විරුද්ධවාදීන් දඩයම්කිරීමේ අවස්ථාව ලබා දුන් වරදට සිංහල ජනයා විසින්ම ඔහු මරා දමන්නට තිබිනි. සිංහල ජනතාව 1994 දීචන්ද්රිකා බණ්ඩාරනායකට අති විශාල ජන වරමක් දුන්නේ ඇය සාම දූතිකාවකගේ වෙසින් පැමිනි නිසාය. 2002 වසරේ රනිල් වික්‍රමසිංහ විසින් එල්ටීටීඊ ය ට තම පාලන ප්‍රදේශය ගිවිසුමකින් ම පවරා දීප්රභාකරන් නිළ නොවන අයුරින් වුව දෙමළ ඊලමේ ජනාධිපති සහ අගමැති බවට උසස් කල විට ජනතාවනිහඬව සිටියහ. අදද සිංහල ජනතාව උපන් බිමේ කොන් කරමින් යන වැඩ පිලිවෙල දෙස මිනිසුන් බලාසිටින්නේ සිත් වේදනාවෙනි. ඒ නියම තත්වය බැන් කි මූන් ට පැහැදිලි කර දෙන්නට රජයේ කිසිමකෙනෙකුට අවශ්‍ය නොවන හෙයිනි.
ජාත්‍යන්තරය කියන ඕනෑම කපුටෙකුට අප රටට පැමින අපේ හිස මත මල පහ කර යන්නට හැකි අන්දමේරටක් ගොඩ නැගීමට නම් මේ ඊනියා සම්මුතිවාදී රජය පසුබට නොවේ. දෙමළ ඩයස්පෝරාව මැලේසියාවේදීමහින්ද රාජපක්ෂට එරෙහිව නැටූ යක් නැටුම රනිල්ට හා රජයේ අනිත් මුග්ධයන්ට මහත් විනෝදයක් සැපයූබව මේ ප්රශ්නය පාර්ලිමේන්තුව තුල මතුකල අවස්ථාවේ ඔවුන් හැසිරුනු ආකාරයෙන් පැහැදිලි විය. මෙයමහින්ද රාජපක්ෂ විසින්ම සැලසුම් කල ක්‍රියාවක් ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමපවසන විට එය අනුමත කරන්නට ඊනියා හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ ද නොපැකිලුනේය.මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය ගැන කතා කරත්දී පසුගිය රජය සමයේසජින්ද වාස් ගුණවර්ධන විසින් එවක මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වූ ක්‍රිස් නෝනිස්ටසිදුකල පහර දීම සම්බන්ධව කතා කරමින් පසුගිය රජයට බර පැටවීමේ සුපුරුදු තැටිය වාදනය කරති. ඉතාබරපතල වැරදි ලෙස ගැනුනද, මේ සිද්ධීන් දෙකම එකම කාණ්ඩයට ලා සැලකිය හැකිද? අනෙක දැන් එකවරදකට මුල්වූ පාර්ශ්වයට දැන් දඬුවම් ලැබී ඇත. හැබැයි එදා ඒ පහර දුන් සජින්ද වාස් සුරතල් කරමින්සංධානයේ මැයි රැලියේ සංවිධාන කටයුතු ඔහුට බාර කරන විට නම් ඒ ගැන අවස්තාවෝචිත පරිදි කටඅරින්නට හෝ වසාගෙන සිටින්නට සියල්ලෝම දක්ෂ වූහ.
සැප්තැම්බර් මස 4 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර රැස්වීමේ දී තමා සමග සිටින පාක්ෂිකයන්කන්දරාව දැක සතුටු වී තම හිතාදර ඇමතිලාට ඇඬෙන්නට කතාවක් කල ජනාධිපතිවරයා අද එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර රැස්වීමට ගොස් 2015 ජනවාරි 8 වන දා තමාට ඡන්දය දුන් 62,00,000 න්බහුතරය එක්සත් ජාතික පක්ෂයෙන් බව කියමින් ඔවුන්ට ස්තුති කරයි ! ඉතින් ඊයේ කියූ දේ අද මතකනැති සහ එවන් කතාවල පරස්පරයන් නොවැටහෙන අන්දමේ නායකයන් සිටින අප රටේ අනාගතය ගැනජනතාවට දෙන පොරොන්දු ගැන කවර කතාද?