Featured

ඊළඟ ජනපති මමයි – ප්‍රා නායක චම්පික

ජනාධිපති පුටුවේ ඉද ගැනිමේ මහත් අශාවෙන් පෙලෙන චම්පික සිය ජනපති සටන පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටම ක්‍රියාත්මක කරමින් සටන යලිත් අරඹා තිබේ. ජනාධිපති විමේ සිහිනය ඊළඟ ජනාධිපති මැතිවරණයේදි තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමට නියමිත බවත් දැන් තියා සටන නිවැරදිව මෙහෙයවුහොත් නියත වශයෙන්ම තමන් ඊළග ජනාධිපති ලෙස පත්වෙන බව ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි සන්දීප් යටකර පලාගිය, අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක සිය කණ්ඩායම සමග පැවැත්වු සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාල සාකච්ඡාව පසුගියදාඅමාත්‍යවරයාගේ නිළ නිවසේ පවත්වා ඇති අතර එම සාකච්ඡාව සදහා හෙළ උරුමය නැමැති දේශපාලන පක්ෂය ගණිකා වෘත්තීයේ යොදවමින් යහපාලනයේ විවිධ වරප්‍රසාදයන් ලබන යහපාලන නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කරූ පරණවිතාරන,නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුලු කිහිප දෙනෙකුම සහභාගි වි තිබේ.

ඒ අනුව ආණ්ඩුව මුහුණ දෙමින් සිටින ආර්ථික සමාජ මෙන්ම අනිකුත් ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වි ඒවා විසදිමට කටයුතු නොකර ආණ්ඩුව අර්බුදයට යැමට ඉඩ හැරිම හරහා තමන්ගේ බලය වර්ධණය කර ගැනිමට කටයුතු කිරිම උචිත බවයි එහිදි අමාත්‍යවරයා සිය සගයන්ට පෙන්වා දි ඇත්තේ. ඒ අනුව ඉතා ඉක්මනින්ම සැම දිස්ත්‍රික්කයක් තුලම ජාතික හෙල උරුමයේ නායකත්වයක් ගොඩ නැගීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා තම තමන්ට රජය හරහා ලැබෙන වරප්‍රසාදයන් මෙන්ම පහසුකම් භාවිතා කරන ලෙසද අමාත්‍යවරයා දැනුම් දි තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවෙහි කඩා වැටෙන ආර්ථිකය යලි නැංවීමට නව ආර්ථික වැඩපිලිවෙලක් සකස්කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (10) විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ කාර්යාලයේදී පවත්වාඇති අතර ඒ සඳහා විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන සහ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් සහභාගි වි තිබේ.පිරිහෙන ආර්ථිකයට පිලියම් සෙවීම යනුවෙන් පිටතට පෙන්නුවද එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය සඳහා ඉදිරිපත්වීමට අමාත්‍ය චම්පික කරණවක මහතා සැරසෙන බවක් එම සාකච්ඡාවේදී පැහැදිලි කර තිබේ.

Top