Featured

ඊළම වෙනුවෙන් තවත් පාරක්

මේ වසර තුල ‘පුදිය දේශම්’ (අළුත් රටක්) බිහිකිරිම අරමුණු කරගනිමින් ලෝකයේ රටවල් රැසක ‘පුදිය දේශම්’තේමාව යටතේ දෙමළ ඊළාමය සංකේත කරමින් විවිධ ද්‍රව්‍ය සහිත ප්‍රදර්ශණයක් පැවැත්විමට ජාත්‍යන්තර කොටි ත්‍රස්ත ජාලය කටයුතු කරමින් සිටි.

LTTE  ත්‍රස්තවාදීන් ඝාතනයට ලක්විම හා ජාති ඝාතනයට ලක්වෙමින් සිටින දෙමළ ජනතාවට දෙමළ ඊළමක් ලබාගැනීම සිදුකරන සටනේ සාධාරණත්වය පිළිබඳව මෙම ප්‍රදර්ශණය තුලින් නිරූපණය කිරිම ඔහුන්ගේ අරමුණ වි තිබේ.

එහි පලමු පියවර වශයෙන් ජර්මනියේ ZKM | Center for Art and Media Karlsruhe හිදී ‘පුදිය දේශම්’ (අළුත් රටක්) යන තේමාව යටතේ දෙමළ ඊළාම් චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වා තිබේ.

කුර්දිස්තාන්, ටිබෙට්, උරුගුවේ ඇතුළු රටවල් කීපයක ප්‍රදර්ශණයද මෙහිදී පවත්වා ඇත. මෙම ප්‍රදර්ශණය 2015.09.05 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, එය නැරඹීමට පැමිණෙන මෙන් විවෘත ආරාධනාවක් කර තිබේ.

මාතෘ භූමියේ අඛණ්ඩව සිදුවෙමින් තිබෙන දෙමළ ජාති ඝාතනය පිළිබඳව විවිධ ජාතීන් දැනුවත් කිරීම සඳහා ජර්මන් භාෂාවෙන් රචනා කල ග්‍රන්ථ, ලේඛණ, දෙමළ ඊළාම් සිතියම්, දෙමළ ඊළාම් ජාතික ධජය, යුද්ධයේ කුරිරුකම පෙන්නම් කරන ඡායාරූප යනාදිය දෙමළ ඊළාම් ප්‍රදර්ශණ කුටියේ තබා ඇති අතර, දෙමළ ඊළාම් මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල මහවිරුවන්ගේ සොහොන්කොත් හි අනුරූ එහි නිර්මාණය කර තිබේ.

LTTE

 

Top