Featured

ඊළාම් සිහිනයට බාධාවක් වන ඔනෑම අයෙකු මරාගෙන මැරෙනවා -කොටියා ගොරවයි

ඊළාම් සිහිනයට බාධාවක් වන ඔනෑම අයෙකු මරාගෙන මැරෙන එක තමන්ගේ ප්‍රතිපත්තිය බව චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ  පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් වසර 13ක් LTTE ය නියෝජනය කල එඩ්වඩ් පුලියන් නැමති  අත් අඩංගුවට ගත් කොටි මරාගෙන මැරෙන හමුදාවේ ප්‍රභලයා හමුදා බුද්ධි අංශ ප්‍රශ්ණ කිරිම් හමුවේ පවසා තිබේ.මීට අමතරව තමන්ට උතුරේ මෙන්ම දකුණේ දේශපාලනඥයන්ගේ සහය ඔනෑවටත් වඩා ලැබෙන බවද ඔහු අනාවරණය කර තිබේ.

මේ අතර අදාළ කොටි සමාජිකයාගෙන් ප්‍රශ්ණ කිරිමට එරෙහිව උතුරේ දේශපාලන බලවතුන්ගෙන් මේ වනවිට දැඩිලෙස බලපෑම් එල්ල වෙමින් තිබේන බව හමුදා බුද්ධි අංශ වාර්තා අනාවරණය කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී ඇති අතර මේ වනවිටත් උතුරේ එක්සත් ජාතින්ගේ නියෝජිතයන් අදාළ කොටි සාමාජිකයා වෙනුවෙන් අනවශ්‍ය අකාරයට පෙනී සිටින බවත් ඒ හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කිරිමට නිළධාරි හට ගැටලුකාරි තත්ත්වයක් උදාකර ඇති බවයි මේ වනවිට වාර්තා වේ.

මෙම අවි ආයුධ සම්බන්ධයෙන් කෙරෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පෙරේදා රාත්‍රි කාලයේම යාපනය බලා පිටත්ව ගොස්‌ තිබේ.

 

 

Top