Featured

ඊළා‍ම් මාතෘ භූමියෙන් ඇමරිකාවට රතු නිවේදන-කොඩියටත් ගිනී

ඇමරිකානුවන් දෙමළ ඊළා‍ම් මාතෘ භූමියෙන් ඉවත්විය යුතු බව පවසමින් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමේ ස්ථාවරයක් ගෙන ඇති ඇමරිකානු රජයට විරෝධය දක්වමින්, චෙන්නායි හි පිහිටි ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලය වටලා මැයි 17 සංවිධානය විසින් උද්ඝෝෂණයක නියැලුනා. සාමාන්‍යයෙන් ඇමරිකානුවන් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ සදහා මැදිහත් විමට භාවිතා කරන ප්‍රභලම අවිය මෙයයි… 

“ඇමරිකානුවන් දෙමළ ඊළා‍ම් මාතෘ භූමියෙන් ඉවත්විය යුතුය. ත්‍රිකුණාමලය දෙමළ ජනතාවගේ භූමියයි. අපගේ සාගරය දෙමළ ජනතාවගේ සාගරයයි. අධිරාජ්‍යවාදීන්ට එහි ඉඩක් නොමැත. දෙමළ ඊළාම් විමුක්තිය විනාශ කරන ඇමරිකාවට එරෙහිව ආර්ථික සටනක් ආරම්භ කරන්නෙමු” යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගා තිබේ.

මෙම උද්ඝෝෂණයේදී, ඇමරිකානු ජාතික ධජයට ගිනිතැබූ විරෝධතාකරුවන්, PEPSI, COCA COLA, KFC යන ඇමරිකානු නිෂ්පාදන භාණ්ඩ ප්‍රතික්ෂේප කලයුතු බවට අවධාරණය කර, PEPSI, COCA COLA ආයතනයන් වල නිෂ්පාදිත භාණ්ඩ කඩා බිඳ දමමින් තම විරෝධය දක්වා තිබේ.

තමිල්නාඩු ජනතා පෙරමුණේ නියෝජිතයින් වන පොලිලන්, ගුණසේගරම්, ස්වාධීන ගොවි සංගමයේ නියෝජිත කේ‍.ඩබ්.පොන්නයියා, තන්දෙයි පෙරියාර් ද්‍රාවිඩර් පක්‍ෂය, දෙමළ ජාතික සංගමයේ නියෝජිත අරුණභාරදී, එම සංගමයේ නියෝජිතයින්, දෙමළ විමුක්ති පක්‍ෂයේ නියෝජිත සුන්දරමූර්ති, එම පක්‍ෂයේ නියෝජිතයින්, දෙමළ නිදහස් පක්‍ෂයේ නියෝජිත බාබු, එම පක්‍ෂයේ නියෝජිතයින්, දෙමළ ජාතික ජනරජය සංවිධානයේ නියෝජිත ශිවකාලිදාසන්, එම සංවිධානයේ නියෝජිතයින්, න්‍යෂ්ටික බලශක්තියට එරෙහි ජනතා සංවිධානයේ නියෝජිත මුගිලන් සහ තිරුමලෙයි ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී තිබේ.

COCO Pro01 TAMIL

 

Top