Anonymous Reporter

“උඹට පුලුවන් රට නසන්නට උඹ වගේ නරියෙක් ”

අභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා කුලයේ
ඉතිහාසයෙම දැලි තවරලන්නට උඹට නොදෙමුයි
අපේ මව් දෙරණේ

අපාගතවෙයි උඹ සදාකල්ම
එයම වෙයි මතු අනාගතෙ නියත

හූ ………….. හූ…………..

වැටුණු රටකින් බිය බිඳක්වත් ඉතිරි නොකරා පලවහැරි මිහිඳුන්
රටට ඕනෑ මහපොලොවෙ තතු අඳුනගත් මිනිහෙක්

උඹට පුලුවන් රට නසන්නට උඹ වගේ නරියෙක්
උඹ වගේ නරියෙක්

හූ ………….. හූ…………..

එදත් ගැයුවා බොරුරැසක් දේශ ද්‍රෝහියො වනසන්න මිහිඳුන්
නොරැවටී නොසැලෙමින් පෙරමෙන් යායුතුයි හෙටටත්

උඹට පුලුවන් රට නසන්නට උඹ වගේ නරියෙක්
උඹ වගේ නරියෙක්

විජාතික පර අඳුරු සෙවනැළි උඹ වටා කැරකේය ළඟ හිඳිමින්
ව්‍යාජකම හා වෛරයමමයි උඹට හිමි අවියත්

ජාතියට කෙලවා තබනු මැන හෙට
එයයි උඹ පැතුමත්
එයයි උඹ පැතුමත්

අභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා කුලයේ
ඉතිහාසයෙම දැලි තවරලන්නට
උඹට නොදෙමුයි අපේ මව් දෙරණේ

උඹට පුලුවන් රට නසන්නට උඹ වගේ නරියෙක්
උඹ වගේ නරියෙක්

විශේෂ වාර්තාකරුවෙකු විසිනි  

Top