Featured

එජාප අපේක්ෂිකා විජයකලා ප්‍රභාට මරණ සහතිකයක් ඉල්ලයි- එජාප ආණ්ඩුවක් යටතේ “ප්‍රභාගේ” පිළිරුවක්

ප්‍රභාකරන් මියගිය බවට රජය මරණ සතිකයක් ලබාදෙනවා නම්, ප්‍රභාකරන්ගේ පිළිරුවක් උතුරේ ඉදිකරන බව නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික් අපේක්‍ෂිකා විජයකලා මහේෂ්වරන් පවසා තිබේ. ඊයේ කිළිනොච්චියේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඇය සදහන් කර ඇත්තේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් ඝාතනය කලා නම්, මරණ සතිකයක් ලබාදීමට රජය කටයුතු කලයුතු බවයි.ප්‍රභාකරන් මියගිය බවට රජය මරණ සතිකයක් ලබාදෙනවා නම්, ප්‍රභාකරන්ගේ පිළිරුවක් උතුරේ ඉදිකිරිමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවද ඇය සදහන් කර තිබේ.

නමුත් යම් පුද්ගලයෙකු මියගිය පසු ඔහුට අදාල මරණ සහතිකය කිසියම් පවුලේ සම්බන්ධයක් ඇති අයෙකු ඉල්ලා සිටිය යුතුය. මිනීමරු වෙලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ බල්ලෙකු ලෙස මිය ගිය අකාරය මහේෂ්වරන්ලාට දැන් අමතක වි තිබේ.ප්‍රභාකරන් වෙනුවෙන් ඔහුගේ පවුලේ කිසිවෙකුත් මරණ සහතික ඉල්ලා සිටියේ නැත.

අවුරුදු 33කට අධික කාලයක් මේ රටේ අහිංසක ජනතාවගේ ජිවිත බිලිගනිමින් රට කැලි වලට කඩන්නට හැදු බල්ලන් මියගිය පසු ඔහුන්ගේ පිළිරු තනන්නට මේ රටට ආදරය කරන ජනතාවට මොලේ අමාරුවක් නැති බව මහේෂ්වරන්ලා පමණක් නොව ඔහුන් ඡන්දය ඉල්ලන එක්සත් ජාතික පක්ෂය දැනගත යුතුය.

 

Top