Featured

එජාප පරාජය තහවුරු වේ-පාඨලී,සන්නස්ගල අවදානම් කළාපයට

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවිම කිසිසේත්ම සිදුනොවන බව මේ වනවිට එජාප මැතිවරණ මෙහෙයුම් මණ්ඩල සමාජිකයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දි තිබේන බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු අනාවරණය කර සිටි.ආරක්ෂක අමාත්‍යංශයේ බලතල අසීමාන්තිකව සියතට ගෙන බුද්ධි අංශ සියල්ලම තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවමින් ලබාගත් අවසාන වාර්තාවට අනුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 120ක් ඉක්මවා ලබාගැනිම වැලැක්විය නොහැකි බව අනාවරණය කර තිබේ.ඒ අනුව ඉදිරි දින 17ක කාලය තුල කවර ආකරයේ දේශපාලන තින්දු තිරණ ගත්තද මෙම තත්ත්වය වෙනස් කිරිමට එය අසමත් වන බවද එම කමිටු සමාජිකයන් පෙන්වා දි තිබේ.

මේ අතර 17 වැනිදා එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විමත් සමග සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය ඇල්ලිමේ අනතුරක් ඇති බවද පක්ෂ නායකත්වයට පෙන්වා දි තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයෙන් පරාජය වන් බවත් එකදිගටම මැතිවරණ 30ක් පරාජය වු නායකයා 18 වැනිදා වනවිට පක්ෂයෙන් එලවා දමා තමන් පක්ෂයට නායකත්වය දිමට සුදානම් බව සජිත් පසුගියදා හම්බන්තොට සිය සගයන් සමග පවසා තිබුනා.

යුරෝපා නියෝජිතයන් 5ක්,NIB එක්ව සැදු වාර්තාවෙන් අලියා කූජිත වේ- මහින්දට දැනටම ආසන 127ක්! යනුවෙන් අප කළ අනාවරණය

[box type=”success” ]පසුගියදා හොර රහසේම ලංකාවට රිංගු ජාත්‍යන්තර නිරික්ෂණ කණ්ඩායම් සහ රාජ්‍ය බුද්ධි අංශය(NIB) එක්ව වත්මන් දේශපාලන තත්ත්වය අනුව මහ මැතිවරණයේ ආසන බෙදියාම සම්බන්ධයෙන් පසුගිය මැතිවරණ 3ක් ආශ්‍රයෙන් කරන ලද විශ්ලේෂණ වාර්තාව ඊයේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට භාරදි තිබේන බව LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.යුරෝපා රටවල් කිහිපයකම නියෝජිතයන් 5 දෙනෙකු මෙම සමීකරණය සදහා සහභාගි වි ඇති බවද අප වාර්තාකරු සදහන් කළේ. එම විශ්ලේෂණයට අනුව මේ පවතින තත්ත්වය අගෝස්තු 17 වැනිදා දක්වා පැවතියහොත් මහින්දගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ආසන 127ක් සහ එක්සත් ජාතික පක්ෂයට ආසන 68ක් ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක් ද්‍රවිධ ජාතික සන්ධානයට ආසන 11ක් සහ උතුරේ තවත් දේශපාලන පක්ෂ අතරේ ආසන 6ක් බෙදි යා හැකි බවද පෙන්වා දි තිබේ. [/box]

මේඅතර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලබාගනිමින් ජයග්‍රහණය කළ හැකි මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනයක්ද රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්කර තිබේ.කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරිමට සියයට 50ක ප්‍රතිශතයක් ඇති නමුත් ජයග්‍රහණය කිරිමට වැඩි ඉඩක් ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බවද එම වාර්තා හරහා පෙන්වා දි තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 8ක් හෝ 10ක් ලබාගත හැකි බවත් ඒ අනුව

රනිල් වික්‍රමසිංහ
රවී කරුණානායක
විජයදාස රාජපක්ෂ
රෝසි සේනානායක
එස්.එම්.මරික්කාර්

මුජිබුර් රහුමාන්
මනෝ ගනේෂන්
ෆෙරෝසා මුසම්මිල්

අවදානම් කලාපය 

පාඨලී චම්පික (දැනටමත් පාඨ්ළීට මනාප නොදේන ලෙස එජාපයේම අපේක්ෂකයන් රැස්විම් තබමින් පාක්ෂිකයින්ගෙන් ඉල්ලා තිබේ.)

උපුල් ශාන්ත සන්නස්ගල

හර්ෂ ද සිල්වා

හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර

පරාජිතයන් 

මංජු ශ්‍රී අරංගල
නිරෝෂන් පාදුක්ක

උදාර රත්නායක
ජයන්ත ද සිල්වා
සුනේත්‍රා රණසිංහ
ශ්‍රීනාත් පෙරේරා

ලෙනාඩ් කරුණාරත්න
එස්.කුහවර්ධන්
ඉරාන් වික්‍රමරත්න

Top