Anonymous Reporter

එජාප පාතාලය මැතිවරණයට-මැ:කෝගේ ඉල්ලිමට පොලිස්පති ආරක්ෂාව තරකරයි

මෙම මැතිවරණය තුල එක්සත් ජාතික පක්ෂය මැර බලය භාවිතා කිරිම ඉහල ගොස් ඇති බවත් එය මැතිවරණ දිනයේද උග්‍ර විය හැකි බැවින් ආරක්ෂාව තර කිරිම සදහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පතිවරයාට කල නියෝග අනුව ඡන්දපොළ 615 කට දැඩි පොලිස්‌ රැකවල් යෙදිමට මෙන්ම ඡන්ද දායකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා කැරලි මර්දන කණ්‌ඩායම් 165 ක්‌ සහ අතිරේක විශේෂ කාර්‍යය බලකා කණ්ඩායමක් එම ස්ථාන වලට අනුයුක්ත කිරිමට තින්දු කර තිබේ.

මහමැතිවරණයේදී ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති ඡන්ද මධ්‍යස්‌ථාන 615 කට දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යෙදවීමට පොලිස්‌ මූලස්‌ථානය සැලසුම් කර ඇති අතර ඒ අනුව මෙම ඡන්ද මධ්‍යස්‌ථානවලට පොලිස්‌ නිලධාරීන් තිදෙනකුට වැඩි පිරිසක්‌ යොදවන අතර එම මධ්‍යස්‌ථාන වලට පිටතින් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යෙදවිමට තින්දු කර තිබේ.

මෙවර මහ මැතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ සිවිල් ආරක්‍ෂක අංශ නිලධාරීන් 75,000 ක්‌ යෙදවීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා පොලිස්‌ නිලධාරීන් 63,000 ක්‌ ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් 4500 ක්‌ද සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් 7500 ක්‌ද යෙදවීමට නියමිතය.

මැතිවරණයේ ආරක්‍ෂාව සඳහා යොදවා ඇති ආරක්‍ෂක අංශ නිලධාරීන් ලබන 15 වැනිදා අදාළ ස්‌ථාන වෙත වාර්තා කළ යුතු අතර 16 වැනිදා සිට ඔවුන් සිය රාජකාරි ආරම්භ කරනු ඇත.

මහමැතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිස්‌ හදිසි මාර්ග බාධක 310 ක්‌ද පොලිස්‌ ජංගම සංචාර 2885 යෙදවීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කර තිබේ.

 

Top