Featured

එයා මාමණ්ඩිය සනසන්න එක දා ගන්න හදනවා…මෛත්‍රීට කටවුට් ගැසිමේ මෙහෙයුම

ඔක්තෝබර් පලමු වැනිදා අහසින් කඩාවැටුණු ශ්‍රිලනිප මහා ලේකම් දුමින්ද දිසානායක හදිසියේම මෛත්‍රීට සහ තමන්ට හිතවත් ජනතාව ප්‍රතිකේෂ්ප කල වන්දිභට්ටයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවක නිරතවුයේ රට පාවාදි එන මෛත්‍රීව පිලිගැනිම සදහා වහාම පිළිගැනිමේ උත්සවයක් සංවිධානය කලයුතු බවත් එය ජනතාව විසින් සංවිධානය කල එකක් ලෙස රටට හැගේන ලෙස කටයුතු සකස් කලයුතු බවත් පවසා තිබේ.මෙහිදි මෛත්‍රී බත් ගොට්ටෙකු අසා ඇත්තේ…ලෝක්කා ඔය වැඩවලට කැමති වෙයිද.. යනුවෙනි… එවිට දුමින්ද පිළිතුරු දුන්නේ…නෑ…කිසිම වුලක් නෑ…නායකතුමා තමා කිව්වේ මෙක කරන්න කියලා.

මෛත්‍රීගේ ගණිකාව ලෙස කටයුතු කරන බුකීකාරයා ඒ පාර තවත් ප්‍රශ්ණයක් දැම්මේ …තමන් කවදත් එක්සත් ජාතික පක්ෂයට ලැදි බව පෙන්විමටය..

දුමින්ද…දැන් අපි නායකතුමාව පිලිගත්තාම එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්ණයක් වෙයි නේද?…..අපිට එවට කරන්න දෙයක් නෑ..එයාලා දැන ගන්න ඔනෑ..එයාලාගේ නායකතුමාව එහෙම පිළිගන්න..

දැන් කොහොමද මෙවා කරන්නේ…තිලංගගේ ඊළග ප්‍රශ්ණය විය…ඊට බලෙන් පැන පිළිතුරු දුන්නේ පැරදි,ජාතික ලැයිස්තුවෙන් ආ අවජාත්ක එස්.බි. දිසානායකය …අපි..කටවුට් ගහනවා….මිනිස්සු කටුනායකට ගෙනල්ලා නායකතුමාව පිලිගන්නවා…යනුවෙන් දිග ලැයිස්තුවක් කියවාගෙන ගොස් තිබේ.

අන්තිමට තිලංග ඇහුවේ ..දැන් කවුද සල්ලි දෙන්නේ…එවිට දුමින්ද තිලංග සහ ෆයිසර් මුස්තාෆා දෙස බලා කියා ඇත්තේ..එකටනේ ඔයාලා ඉන්නේ යනුවෙනි…

කතාබහ එසේ අවසන් වුවද සල්ලි වියදම් කරන එවුන්ට දැනෙන ඇගේ අමාරුව අම්තුවෙන් කිවයුතු නැත..ඒ නිසාම ෆයිසර් යනගමන් තිලංගට කියා ඇත්තේ එයා මාමණ්ඩිය සනසන්න එක දා ගන්න හදනවා කියාය….තිලංග එම ප්‍රකාශයෙන් පුදුමයට පත්වුවා හැරෙන්නට වෙන කිසිවක් සිදුනොවු බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

Top