LNN SPY

එස්. බී ගේ මැර දේශපාලනය යලි අවදිවෙයි……….. තරුණයන් දෙදෙනෙකුට මහ මගදි වෙඩි……!

Published on – Nov 6, 2019  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බි දිසානායක ගේ ආරක්ෂකයන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු  රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

දැනට පැයකට පමණ පෙර ගිනිගත්හේන ප්‍රදේශයේ දි දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර තරුණයන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ මංගල උත්සවයකට සහභාගි වී පැමිණෙමින් සිටි මන්ත්‍රිවරයාගේ රථ පේලිය හරස් කර බවට චෝදනා කරමින් පුදගලයන් පිරිසකට දිසානායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් විරෝධය එල්ල කළ බවත් එහිදි මෙම වෙඩි තැබීම සිදුවි අදාළ තරුණයන් දෙදෙනා තුවාල වූ බවත් ය.

අදාළ සිදුවීම වූ ස්ථානයේ තිබු පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින් විසින් උණ්ඩ කොපු කිහිපයක් සොයා ගෙන ඇති අතර එම උණ්ඩ කොපු සියල්ල එස්. බි මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරින්ගේ රිවෝල්වර වල උණ්ඩ හා සමපාත වන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වූ ස්ථානයේ සිට අනාවරණය කර ගත් උණ්ඩ කොපු වල ඡායාරූප අපට මේ වන විට ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් ද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

 

Top