LNN SPY

“ඒ යකා…අපේ යකාට වඩා හොදයි…අඩුම ගානේ කියන දේ අහගෙන ඉන්නවා”

“ඒ යකා…අපේ යකාට වඩා හොදයි…අඩුම ගානේ කියන දේ අහගෙන ඉන්නවා “යැයි ගොඨාගේ එළිය නැමති සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම්කරු වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පසුගියිදා මෛත්‍රී ජනාධිපතිවරයා හමුවිමෙන් පසුව සිය ප්‍රධාන දායිකාව හමුවේ වදාරා තිබේ.

දැඩි මහින්ද වාදියෙකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එලිය’ නැමති වැඩසටහනේ ප්‍රධාන මෙහෙයුම්කරු වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි සිය විහාරස්ථානයේ 120 මාර්ගයට මුහුණලා ඉදිකල අලුත්ම වහල්කඩ විවෘත කිරිම සදහා ජනාධිපතිවරයා සහ එජාප අමාත්‍යවරුන් මෙන්ම ආණ්ඩුවේ සමාජිකයන් පමණක් කැදවිම සම්බන්ධයෙන් පාරම්පරික මහින්දවාදි දායක සභාවේ ප්‍රධානින් අභයතිස්ස හිමි හමුවි ඒ සම්බන්ධයෙන් කල විමසිමේදි අභයතිස්ස හිමි පවසා ඇත්තේ…

“ඒ යකා…(මෛත්‍රී) අපේ යකාට(මහින්ද) වඩා හොදයි…අඩුම ගානේ කියන දේ අහගෙන ඉන්නවා යනුවෙනි…”

එම හමුවේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මැදගොඩ අභයතිස්ස හිමි විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊනියා ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන් එක ම එක තැනැත්තා මෛත්‍රිපාල සිරිසෙන බවත් රටේ ජනමනස ගොඩ නැගිම සදහා  සර්ව පාක්‍ෂික කමිටු පිහිටු විමට කටයුතු කලයුතු බවටත් යෝජනා කර තිබේ.

මේ අතර අභයතිස්ස හිමියන් රටම එපා කියන ආණ්ඩුක්‍රම සම්බන්ඩයෙන් එලියේ එකක් කියා ජනපති ඉදිරියේ තවත් එකක් කීම හේතුවෙන් බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි අතිපුජ්‍ය මහාචාර්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ද අභයතිස්ස හිමියන් සම්බන්ධයෙන් කලකිරිමට ලක්ව සිටින බව වාර්තා වේ. තමන් කල දේ සම්බන්ධයෙන් අවුලක් සිටින අභයතිස්ස හිමියන් බෙල්ලන්විල විහාරයට ගොස් විමලරතන හිමියන් මුණ ගැසි තමන් මෛත්‍රී ජනපතිට කී දේ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමට උත්සහ ගත්තද විමලරත්න හිමියෝ එම අවස්ථාව මන්දෝත්සාහී අකාරයට අතහැර දමා ඇති බවද වාර්තා වේ.

පසුගියදා වහල්කඩ විවෘත කිරිමේ අවස්ථාවට එක්වු බෙල්ලන්විල විමලරතන හිමියන් එම අවස්ථාව ආරම්භක මොහොතේ එක්ව සිටි අතර විනාධි 10ක පමණ කාලයක් එම ස්ථානයේ රැදි සිට උන්වහන්සේ වහාම පිටත්ව ගොස් තිබේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ අතර එදා එහි සඳහන් වූ යෝජනා අද එලෙසම මේ නව ව්‍යවස්ථා සම්පාදන යෝජනාවලියේද අන්තර්ගතව ඇති බවත් මෙම යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලාංකේය සමස්‌ත ජනතාවගේ අනාගතය හා ජන සමාජයේ සහජීවනය අවදානමේ හෙළීමට හා බෙදුම්වාදී අරමුණුවලට රුකුල් දීමට පාදක විය හැකි ව්‍යවස්‌ථා නිර්දේශ එහි අන්තර්ගතව ඇති බවත් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් මිට පෙර පෙන්වාදුන් අතර එහිදි උන්වහන්සේ අවධාරණය කලේ නව ව්‍යවස්ථාවක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත් අනිවාර්යෙන්ම ව්‍යවස්ථාව ගෙන එම නතර කලයුතු බවත් ය.

Top