Featured

ඒකාධිපතියා ගුවන්සේවා අධිකාරිය භාරගෙන වසර 14ක් සපිරේ!”බෝනස් ඔය වෙබ් සයිට් වලින්ම ඉල්ල ගන්නව ඕයි”

2013 වසරට සාපේක්ෂව 2015 වසරේ ගුවන් සේවා අධිකාරිය 67% ක හෙවත් මිලියන 1,579ක් වාර්තාගත ශුද්ධ ලාභයක් ලැබුවද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු හෙංචයියන් රැල ද්වේශ සහගත ලෙස තම බෝනස් දීමනාව ලබාදීම නවතා ඇති බව එහි සේවකයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපයේම විවිධ වෙබ් අඩවි වලින් ගුවන් සේවා අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා හෙළි කිරීමයි.පසුගියදා සේවකයින් කිහිපදෙනකු එක්ව ජනාරාල් ඌෂ්ණය වැළඳුන මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් බෝනස් පිළිබඳ විමසූ විට ඔහු කියා ඇත්තේ “බෝනස් ඔය වෙබ් සයිට් වලින්ම ඉල්ල ගන්නව ඕයි” යනුවෙනි.

ඒකාධිපතියා ගුවන්සේවා අධිකාරිය භාරගෙන වසර 14යි….

මේ අතර සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සිවිල් ගුවන් සේවා අධිකාරිය බවට පත්කොට 14 වසරක් සපිරීම අද සිදුවිය (2002.12.27-2016.12.27). අඳුරු යුගය අරඹමින් එච් එම් චන්ද්‍රසේන නිමල්සිරි නැමති ඒකාධිපතියා ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර භාර ගත්තේද මීට වසර 14කට පෙර අද වන් දිනකදීය.මුලින්ම 14 වන වසර සැමරීමේ කෝලම් මඩුවක් 27 වනදා මත්තල සූදානම් කර තිබුණද නොසිතූ ලෙස වෙබ් අඩවි වලින් එල්ල වූ චෝදනා හේතුවෙන් එය තාවකාලිකව හකුලා ගත්තේ එහි යටි අරමුණ වූ තම හෙංචයියන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමේ වුවමනාව හෙලිවෙතැයි බියෙනි .

මෙකී අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාගේ බලලෝබීත්වය පෙන්වමින් වසර 14ක් පුරාවට අධිකාරියට අරක් ගෙන සිටින්නේ තමාගේ සහ ගජ මිතුරු කැලගේ මඩිය තර කරගැනීමට මිස ආයතනයට හෝ රටට ආදරයකට නොවන බවද අධිකාරී සේවකයින් පවසයි.තමාට රිසිසේ විභාග අසමත් සේවකයින් තම අණින් තනතුරු වලට පත් කරන මොහු, හොරපාරෙන් තමන්ගේ පඩිය ලක්ෂ 04කින් වැඩිකර ගන්නා ගමන්ම හිඟ මුදල් ලෙස මිලියන 02කට ආසන්න මුදලක් කිසිදු හිරිකිතයකින් තොරව ලබා ගනී.

ආයතනයක සාමාන්‍ය සම්ප්‍රධාය වන්නේ ආර්ථික පීඩනයට සෘජුව මුහුණ දෙන සිය පහළ මට්ටමේ සේවකයින්ටත් රුපියලක් හෝ පඩිය වැඩි කිරීම වුවත් මෙම ඒකාධිපතියා කරන්නේ අනෙක් උන්ට තඹ දොයිදුවක් හෝ ලබානොදී තමන් ඇතුලු අධිකාරිය වනසන්නන්ගේ මඩි තර කර ගැනීමයි.

Top