LNN SPY

ඒකාබද්ධ පොදුජන පෙරමුණ කරලියට…මහින්ද නිල වශයෙන් නායකත්වය භාරගනී

ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්විමට කටයුතු කළා.

ඉදිරි පලාත් පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට තිබේ.

ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්‍ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු පසුගිය Nov 27,අනාවරණය කළා.

http://198.211.112.164/archives/16629

 

 

Top