Featured

ඔන්න ඔක අල්ලලා දාන්න …..සිරිසේන ජනමාධ්‍ය ලේකම්ට කඩේ යයි

ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් නීතිඥ නිමල් බෝපගේ පසුගියදා නිකුත් කල නිවේදනය සම්බන්ධයෙන් කටයුතු කිරිමට යෑම් යහපාලනයට එච්චර හිතකර නැති බැවින් …..ඔන්න් ඔක අල්ලලා දාන්න යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ නිවසටම ගොස් ඉල්ලිමක් කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ධර්මකීර්ති ශ්‍රී නන්දසාර යන ගෞරව නාමය සහිත ගාලු කෝරළයේ ප්‍රධාන සන්ඝ නායක පදවිය පිළිගැනීම හා උපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය 29වනදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  සහ අමාත්‍ය චන්දිම වීරක්කොඩි, ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සහභාගි වි තිබේ.

වැඩසටහන අවසන් වු විගසම ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ නිවසට ගිය සිරිසේන ජනාධිපතිවරයා ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා පසුගියදා නිකුත් කල නිවේදනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විවිධ මතයන් දැරිම හේතුවෙන් තමන් අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පවසා ඇති අතර “ඔන්න ඔක අල්ලලා දාන්න…….” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේන් ඉල්ලිමක්ද කල බව අප වාර්තාකරු සදහන් කළ.

පසුගියදා හදිසියේම සිරිසේනගේ කඩේ යන අලුත් පත්විම ලැබු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් නීතිඥ නිමල් බෝපගේ ලවා මැයි 1 වැනිදා ගාල්ලේදි ශ්‍රිලනිපය ලබන අන්ත පරාජය මාධ්‍ය හරහා වසන් කිරිමේ සුදානමක් අද අනාවරණය වුනා.උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු! යනු මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීගේ වන්දි බට්ටයා උත්සහ දරා ඇත්තේ “ඒකාබද්ධ විපක්ෂය” යන නාමය භාවිතා කිරිම මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තරම් වරදක් බවයි.

 

Top