Anonymous Reporter

ඔබ යහපාලනයට තාමත් කඩේ යන සිංහල බෞද්ධයෙක්ද!

සිංහල බෞද්ධයන්ට තිරිසන් ලෙස සලකන ගමන්, අන්තවාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට ගරු බුහුමන් දක්වන පුදුම ආණ්ඩුවක් මේක.යහපාලනයට තාමත් කඩේ යන අයට මේවා බොරු වගේ පේන්න පුලුවන් නිසා මූලාශ්‍ර පහතින් දක්වා ඇත.

1. බුද්ධ චීවරය පිටින් මාංචු දමා බන්ධනාගාරයේ සිට ගෙන එයි. බුද්ධ චීවරය දරන්නේනම් මාංචු නොදැනීමත්, මාංචු දැමිය යුතු අපරාධයක් කර තිබේනම් බුද්ධ චීවරය ඉවත් කර සුදු ඇඳුම් ඇන්දවීමත් සම්ප්‍රදාය වුවද බුද්ධ චීවරයටම මාංචු දැමීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අණ කර තිබේ. දිනය 2015/03/12 වීඩියෝව https://www.facebook.com/SinhalaBuddhist/videos/10153200890851934/

2. කූරගල පුදබිමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ව වැඩමවීමෙන් ජාතිවාදය ඇවිස්සේවියැයි පවසා බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රමුඛ බැතිමතුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි. දිනය 2015/04/05 වීඩියෝව https://www.facebook.com/SinhalaBuddhist/videos/10153259604196934/

3. මහසොහොන් බලකායේ විශේෂ බලකා රණවිරු මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, කොටි ත්‍රස්තවාදියෙක්ගේ බොරු සාක්ෂි මත මරණ දඬුවම ලබා දෙයි. දිනය 2015/06/15 එජාප නිල පුවත්පත වන ලංකාදීප මූලාශ්‍රය මෙතනින් https://www.facebook.com/SinhalaBuddhist/photos/pb.151742781933.-2207520000.1446287187./10153471901591934/

4. සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණ සිසුන් පිරිසට කඳුළු ගෑස් ගසා එහි සිටි ගැහැණු දරුවෙක්ව මහ පාරේ දණ ගස්වා හිස කුඩු වෙන්නම පොල්ලකින් පහර දෙයි. දිනය 2015/10/29 වීඩියෝව https://www.youtube.com/watch?v=6JxwbTMKp-s

5. රිෂාඩ් බදියුදීන්ට මෙන්ම රාවුෆ් හකීම්ට ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා නොමිලේ හෙළිකොප්ටර් ලබා දී තිබේ. එසේ කර ඇත්තේ මුස්ලීම් ඡන්ද ලබා ගැනීමටයි. දිනය 2015/07/23 පින්තූර https://www.facebook.com/SinhalaBuddhist/photos/pb.151742781933.-2207520000.1446287125./10153545437671934/?type=3&theater

6. මහ බැංකු බෝම්බ ප්‍රහාරය, ලක්‌ෂ්මන් කදීර් ගාමර් ඝාතනය, පිලියන්දල බස්‌ බෝම්බ ප්‍රහාරය, කටුබැද්ද බස්‌ බෝම්බ ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එල්ල වූ මිනිස්‌ බෝම්බය සහ දිගම්පතහ ලොරි බෝම්බ ප්‍රහාරය ඇතුළු ඉකුත් යුද සමයේ දකුණේ සිදුවූ ත්‍රස්‌තවාදී ක්‍රියා ගණනාවකට සම්බන්ධ කොටි සැකකරුවන් රැසක්‌ නිදහස් කිරීමට තීරණය කරයි. දිනය 2015/10/28 දිවයින http://www.divaina.com/2015/10/28/news08.html
මේවා ගොඩක් අය දන්නේ නෑ. ඒ වගේම මැදහත් අය හිතන විදිහ නොදන්නා සමහරු මේව හතර අතේ බෙදන්නේ කිසිදු මූලාශ්‍රයක් නොමැතිවයි. එනිසා මූලාශ්‍ර සහිතව ඇති මේ ලිපිය හැකි තරම් Share කරන්න.

මේ දැක්වෙන්නේ 1964 මාර්තු 1 දින පළවූ “බෞද්ධ පෙරමුණ” පුවත්පතේ කොටසකි. ඉතිහාසය පුරාවටම UNP ය බුදු සසුනට එරෙහි වූ බව මෙයින් පැහැදිළි වෙයි.

Sinhala Buddhist

 

UNP

Top