Featured

ඔබේ සටන් සගයෙකු වු මම අදත් කොන්දේසි විරහිතව ඔබගේ යුක්තිසහගත අරගලයට උර දෙමි

1951 සැප්තැම්බරයේ අප ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය ගොඩ නැගුවේ අධිරාජ්‍ය ගැති ධනේෂ්වර යු.එන්.පීයට එරෙහි සියලු ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානයක් ලෙසිනි.වර්තමානයේ සමස්ථ ශ්‍රී ලංකාවාසී ජනතාව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගලවාගත හැක්කේ යූ.එන්.පී විරෝධී සියලු ප්‍රගතිශීලි පක්ෂ හා කණ්ඩායම් ද පොදු ජනතා බලවේගද ඒකරාශී කොට ශක්තිමත් කිරීමෙනි.වැඩ කරන ජනතාව ද මුළු මහත් දේශයම අදුරට ඇද දමන බගවේගවලට එරෙහිව බලමුළු ගැන්වෙන සියලු දෙනාද සමග මමද එක්වෙමි.වැඩ කරන ජනතාවට ජය වේවායි පතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි දින පණිවිඩය නිකුත් කරමින් කියා සිටි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැයි දින පණිවිඩය

ජාත්‍යන්තර මැයි දිනයේ ලෝකවාසී වැඩ කරන ජනතාවත් සමග එක්වී නිදහස සාමය සහ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින සමස්ථ ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට මාගේ ආචාරය පුද කරමි.

අද රට පුරා මැයි දිනය හේතුවෙන් නිදහසේ බලමුළු ගැන්වෙන වැඩ කරන ජනතාවට මෑත අතීතයේ තම අයිතීන් පැවති ආකාරය පිලිබදව මතකය අලුත් වනු ඇතැයි සිතමි.උතුරු නැගෙනහිර පළාත් සේම මුළු රටේම වැඩ කරන ජනතාවගේවෘත්තීය අයිතීන් පමණක් නොව  ජීවත්වීමේ අයිතියද ත්‍රස්තවාදය නිසා වසර 30 ක් තිස්සේ අහිවී තිබිණි.අපරටේ අගනුවර මැයි රැළි පැවැත්වුයේ වැඩ කරන ජනතාවගේ ජීවිත අවධානම මධ්‍යයේය.සාමය උදා කිරීම තුළ ඒ  වටපිටාව වෙනස් කර ගැනීමට අපට හැකි වු බව සිහිපත් කරන්නේ මහත් සැනසිල්ලකිනි.

මෙරට ඉතිහාසයේ වැඩ කරන ජනතාවට එල්ලවු දරුණුතම ප්‍රහාරය වු අසූවේ ජුලි වර්ජකයින් අසූදහසකට අධික ප්‍රමාණයක් රැකියාවෙන් නෙරපීම වැනි ක්‍රියා යළි සිදු නොවිය යුතු බව අපි මේ මැයි දිනයේදී අවධාරණය කරන්නෙමු.ඉතිහාසයේ වරක් සිදුවුනු දෑ ඒ හා සමාන අවස්ථාවලදී නැවත නැවතත් සිදුවන බැවින් වැඩ කරන ජනතාවගේ රැකියා සුරක්ෂිතභාවය යළි අනතුරෙහි නොහෙළන ලෙස වර්තමාන පාලකයින්ගෙන් මම තරයේ ඉල්ලා සිටිමි. රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිණු අතීතය යළි උදා නොවේවායි යන්න අපේ ප්‍රාර්ථනයයි.රාජ්‍ය සේවකයන් පමණක් නොව ජාතික සංවර්ධන ක්‍රියාදාමය එකවර අතරමග අතහැර දැමීමේ වෛරී තීරණය විසින් මෙරට පෞද්ගලික අංශයේ වැඩකරපු ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වී ඇත.වැඩ කරපු ජනතාවගේ යන යෙදුම මා භාවිත කලේ අද ඔවුනට කරන්නට වැඩක් හෙවත් වෘත්තියක් නොමැති නිසාය.පිටස්තර රාජ්‍යයන්ගේ රැකියා වියුක්තිය  පිලිබද ගැටළු මෙරටදී විසදා ගැනීමට අවස්ථා නිර්මාණය කරන ගිවිසුම් වලට එළඹීමෙන් ස්වදේශික වෘත්තිකයින්ගේ රැකියා අවස්ථා අහිමි නොකරන ලෙස වර්තමාන පාලකයින්ට සිහිපත් කල යුතුව තිබේ.එමෙන්ම මහ පොළොව සමග ගැටී ස්වකීය ආදායම් මාර්ග නිර්මාණය කර ගත් ගොවි ජනතාව මුහුණ දෙමින් සිටින නොවිසදුනු ගැටළු සදහා වහාම පිළියම් සෙවිය යුතුව තිබේ.

දශක ගණනාවක් තිස්සේ මෙරට වැඩ කරන ජනාතවගේ සාධාරණ අරගල සියල්ලෙහිම ඔබේ සටන් සගයෙකු වු මම අදත් කොන්දේසි විරහිතව ඔබගේ යුක්තිසහගත අරගලයට උර දෙමි.

1951 සැප්තැම්බරයේ අප ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය ගොඩ නැගුවේ අධිරාජ්‍ය ගැති ධනේෂ්වර යු.එන්.පීයට එරෙහි සියලු ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානයක් ලෙසිනි.වර්තමානයේ සමස්ථ ශ්‍රී ලංකාවාසී ජනතාව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගලවාගත හැක්කේ යූ.එන්.පී විරෝධී සියලු ප්‍රගතිශීලි පක්ෂ හා කණ්ඩායම් ද පොදු ජනතා බලවේගද ඒකරාශී කොට ශක්තිමත් කිරීමෙනි.වැඩ කරන ජනතාව ද මුළු මහත් දේශයම අදුරට ඇද දමන බගවේගවලට එරෙහිව බලමුළු ගැන්වෙන සියලු දෙනාද සමග මමද එක්වෙමි.වැඩ කරන ජනතාවට ජය වේවායි පතමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති.

Top