Featured

ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමට හොර ලේබලය අලවන්න ගිය රාජිත සහ ගූ බට්ටෝ

ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අප සමාගම වන ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සිදුකරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා දොස්තර රාජිත සේනාරත්න මහතාට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප සමාගම තීරණය කර ඇත.

එම මාධ්‍ය හමුවේ දී අප සමාගම සම්බන්ධයෙන් දොස්තර රාජිත සේනාරත්න මහතා කරන ලද අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ මාධ්‍යවල පළවීම නිසා ඒවාට පිළිතුරු දීමට අපට අයිතියක් ඇතැයි අපි විශ්වාස කරමු.

සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් අප සමාගම ඉලක්ක කර ප්‍රකාශ සිදු කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අයගේ චරිතය ඝාතනය කිරීමට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදන සහ පුවත් පත් වාර්තා පිටුපස සිටින්නේ අප සමාගම බව අමාත්‍යවරයා විසින් තීරණය කිරීම හේතුවෙනි. ඒ අනුව අප සමාගමේ ව්‍යාපාර නාමය සඳහන් කරමින් දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අප ආයතනයට අසත්‍ය සහ නොමග යවන තොරතුරු පදනම් කර ගෙන පහර ගසමින්, ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අය සහ ඔහුගේ පවුලේ උදවිය වැදගත්, අහිංසක අය බව පෙන්වන්නට පෞද්ගලික උත්සායක් දරා ඇති බව මාධ්‍ය මගින් අපි දුටුවෙමු.

ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අයගේ සහ ඔහුගේ පවුලේ උදවියගේ වැදගත්, අහිංසකභාවය ගැන අප සතුව ලේඛනගත සාක්ෂි ඇති අතර, අවශ්‍ය අවස්ථාවේ දී ඒවා යහ පාලන ආණ්ඩුවේ, මාධ්‍යයේ සහ ඖෂධ මාෆියාවෙන් බැට කන අහිංසක රෝගීන්ගේ අවධානය පිණිස හෙළිදරව් කරන්නට අපි කිසිසේත් පසුබට නොවෙමු. එහෙත්, සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇති ගෞරවය සහ ඔහුට දීර්ඝ දේශපාලන ගමනක් යාමට ඇති අවස්ථාවට ගරු කරමින් අපි ඉතා ඉවසීමෙන් කටයුතු කරන බව ද ප්‍රකාශ කරමු.

එසේම සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් දක්වා තිබුණේ අප සමාගම රෝගීන් මරා දැමු සමාගමක් බවත්, අප සමාගමේ හිමිකරු අත් අඩංගුවට ගෙන, අධිකරණ නියෝග මත මාස හයක කාලයක් රිමාන්ඩ්භාරයේ සිටි බවත්ය. අප සමාගම රෝගීන් මරා දැමු සමාගමක් ලෙස අමූලික අසත්‍ය ගොතා කියන මට්ටමකට සෞඛ්‍ය අමාත්‍යවරයා පත්වීම පිළිබඳව අපි කණගාටු වෙමු.

එසේම අප සමාගම විසින් සිදු නොකරන ලද බවට අප දිගින් දිගටම කියා සිටින වරදක් සම්බන්ධයෙන් අප සමාගමට එරෙහිව ආරම්භ කරන ලද රහස් පොලිස් විමර්ශනයේ දී, පොදු දේපල විෂයෙහි ලා සැලකෙන වරදක් ආරෝපණය කරමින් අප සමාගමේ අධ්‍යක්ෂවරයෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව, පොදු දේපල සම්බන්ධයෙන් ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නොමැත යන පදනම මත එම අධ්‍යක්ෂවරයාට ගරු මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර, ඇප ලබා ගන්නා තෙක් රිමාන්ඩ්භාරයේ සිටීමට සිදු විය. එහිදී ගරු මහාධිකරණය විසින් අදාළ ඇප නියෝගය ලබාදෙමින් සදහන් කරන ලද කරුණක් අදාළ නියෝගයෙන් උපුටා අපි පහත දක්වමු.

“මෙම 03 වන සහ 04 විත්තිකරුවන් (අප සමාගමේ අධ්‍යක්ෂ සහ උපදේශක) විසින් ප්‍රශ්නගත එන්නත් වෛද්‍ය සැපයුම් ඒකකයට භාර දීමෙන් අනතුරුව ඔවුන් විසින් එකී එන්නත් සම්බන්ධයෙන් කිසිම කටයුත්තක් සිදුකර ඇති බවට කිසිම සාක්ෂියක් අනාවරණය වී නැත. වෛද්‍ය සැපයුම් ඒකකයේ අභ්‍යන්තර වාර්තාව ප්‍රකාර මෙකී සියලුම එන්නත් යහපත් තත්ත්වයේ තිබෙන බවට වාර්තාවක් ද ඉදිරිපත් කර ඇත. එබැවින් පොදු දෙපළක් සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයට භාර දීමෙන් අනතුරුව ද ඉන් අනතුරුව මහරගම පිළිකා රෝහලට මෙම එන්නත් භාර දීමෙන් එන්නත් පිළිකා රෝහලේදී ගබඩා කිරීමේදී ද එකී ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම සාවද්‍ය ක්‍රියාවක් මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදු කර නැත.”

මෙම විමර්ශනය සිදු කරන බලධාරීන්ගෙන් ඉතා ගෞරවයෙන් අභියෝග කර, අපි ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් විමර්ශන නිමා කර, සුදුසු නම් නඩු පවරන ලෙසයි. එවිට අපේ නිදොස් බව ඔප්පු කරන්නට අපට අවස්ථාව උදාවෙනවා පමණක් නොව, සැබෑ ඖෂධ මාෆියාව ගැන තොරතුරු ද අනාවරණය වනු ඇතැයි අපි යහ සිතින් අපේක්ෂා කරමු.

නුවන් ෆොන්සේකා
අධ්‍යක්ෂ
19-02-2017

රාජපක්ෂලාට එරෙහිව මුදලට මඩ ව්‍යාපාරය දියත් කරන අනුන්ගේ නිවුස් කොපි කරමින් මුදලට පුවත් වාර්තාකරණ වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා ලෙස තමන්ම නිවුස් ගසාගත් මංගලගේ චක් ගොලයා වන රුවන් ප්‍රදිනැන්දිස් “පිළිකා රෝගීන්ගෙන් පළිගන්න හොර ඖෂධ ජාවාරමක්”යනුවෙන් 2016 ජුනී 08 වැනිදා ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් මඩ පුවතක් නිර්මාණය කළ අතර එම පුවත් වෙනුවෙන් තවත් ඖෂධ මාෆියා කණ්ඩායමකගෙන් මුදල් ලබාගෙන තිබේ.පසුව එම මඩ පුවත් පාදක කරගනිමින් කක්කුස්සි කටා හේවත් දත් දොස්තර රාජිත සේනාරත්න අවස්ථා ගණනාවකදි ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ කර තිබේ.

උපුටා ගැන්ම දුමින්දගෙන් හොරා කෑ සත්හඩ පුවත් පතෙනි….

සිදු වී තිබුණේ කුමක්ද?

ඔන්කැස්පර් එන්නත මෙරටට ආනයනය කළා යැයි කියන ඔමැක්ස් හෙල්ත් කෙයාර් සමාගම OMACX Health Care (Pvt.) Ltd නීත්‍යනුකූල ලෙස මේ එන්නත මෙරටට ගෙන්වා නැත. අදාළ එන්නත වෛද්‍ය සැපයුම් අංශයෙන් මහරගම පිළිකා රෝහලට ලබා දීමෙන් පසුව කිසියම් එන්නත් ප‍්‍රමාණයක් පස්සා දොරෙන් ජාවාරම්කාරයා අතට පත් වන්නේය. ඔහු ඒවායේ දත්ත වෙනස් කර වෛද්‍ය සැපයුම් අංශය හරහා නැවත පිළිකා රෝහලටම ලබා දෙන්නේය. අධික සංවේදී බවකින් යුතු ඖෂධයක් ජාවාරම්කාරී ලෙස නැවත සංසරණය වී තිබුණේය. පිළිකා රෝගීන් වේලාසනින්ම ජීවිතයෙන් සමුගෙන යන්නේ මේ ජාවාරම්කාරී කි‍්‍රයාව හේතුවෙන්ය. මහරගම පිළිකා රෝහලේ ඉහළ පෙළේ වෛද්‍යවරු දෙදෙනකු මේ අසික්කිත ජාවාරමට හවුල් වී සිටින්නේය. නුදුරේ දීම විශ‍්‍රාම යෑමට නියමිත ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයකුට ඉකුත් සතියේ ඉන්දියානු සංචාරයක් ලබා දී තිබුණේ ඔමැක්ස් සමාගම විසිනි. හෙණගහන අපරාධයක් කළ ජාවාරම්කාර සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කළ යුතුව තිබුණත් එසේ වූයේ නැත. ඔමැක්ස් හෙල්ත් කෙයාර් පෞද්ගලික සමාගම දැන් කි‍්‍රයාත්මක වන්නේ ‘මෙඩ්මාර්ට්’ Medmrt Pharma (Pvt)Ltd වෙළෙඳ නාමය යටතේය. ජාවාරම තවමත් සිදු වන්නේය. ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන්ටත් සෞඛ්‍ය බලධාරීන්ටත් මෙඩ්මාර්ට් අල්ලස් ලබා දෙන්නේය. මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයකු සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබද්දී බෝධි පූජා පවත්වමින් ඇඳවටේ කරක් ගැසුවේ මේ ඖෂධ ජාවාරම්කාර නඩේය.

Top