Featured

“ඔයා නිකන් ණයට කහින්න එපා…” එජාපයේ කුණු කතාවෙන් හඳුන්නෙත්ති දොට්ට

“ඔයා නිකන් ණයට කහින්න එපා… ඔයා අකමැති උනාට ඔයාගේ නායකයා අපි කියන දේට කැමති ” යනුවෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම තමන්ට විහිළු කිරිමත් සමග තමන් කෝප් කමිටු රැස්‌වීමේ මුලසුනෙන් තමන් නැගිට ආ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කර තිබේ.

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාවට ඉදිරිපත් කළ නිර්දේශ ඉවත් කර ගන්නා ලෙසට එම කමිටුවේ සාමාජිකත්වය දරන එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරුන් විසින් රජයේ විගණකාධිපතිවරයාට කළ බලපෑම්වලට එරෙහි වෙමින් ඊයේ (24) පැවැති කෝප් කමිටු රැස්‌වීමේ මුලසුනෙන් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත්ව ගොස්‌ තිබේන බවට මාධ්‍ය වාර්තා පලවු අතර ඒ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු කල සොයා බැලිමේදි මේ පිළිබඳව අනාවරණය වි තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා වරදකරු කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා සකස්‌ කළ වාර්තාවට අමතරව විකල්ප වාර්තාවක්‌ සකස්‌ කිරීම සඳහා කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන එජාප මන්ත්‍රීවරුන් ඊයේ පෙ. ව. 9.30 ට කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්‌වූ අතර එජාප කණ්ඩායම විගණාකධිපතිවරයා කෝප් වාර්තාවට ඉදිරිපත් කළ නිර්දේශ ඉවත් කර ගන්නා ලෙසට දිගින් දිගටම බලපෑම් කර ඇති අතර එයට විරුද්ධ වෙමින් සුනිල් හඳුන්නෙත්ති කතා කිරිමේදි “ඔයා නිකන් ණයට කහින්න එපා… ඔයා අකමැති උනාට ඔයාගේ නායකයා අපි කියන දේට කැමති ” යනුවෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම හදුන්නේත්තිට උසුලු විසුලු කර තිබේ.

මේ අතර කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුරකතනයෙන් කතා කර ඇති අතර පසුව ජනාධිපතිවරයා  කරන ලද අරාධනාවකට අනුව අද රාත්‍රීයේ හමුවිමට නියමිතව ඇති බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ අතර කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වර්තාව එම කමිටුවේ සාමාජිකයින් බහුතරයකගේ එකඟතාවයෙන් පසුගියදා සම්මත කරගනු ලැබීමෙන් පසුව එජාපය මෙම උත්සාහයේ නිරත වෙමින් සිටින බව පැවැසේ. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනය කිරීමෙන් අනතුරුව එම වාර්තාව මේ සතිය තුළදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාවලින් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නිදහස්‌ කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයන් විසින් සකස්‌ කරන විකල්ප වාර්තාවට එම කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ එකඟත්වය ලබා ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය කටයුතු කරමින් සිටින බවටද තොරතුරු අනාවරණය වි තිබේ.

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සකස් කරමින් ඇති අවසන් වාර්තාව හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ යලිත් දෙදරිමක් හටගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු ඊයේ  අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/13875

 

 

Top