Featured

ඔයාගේ පිහිටෙන් ඇමතිකම් ගත්තු අය ඔයාටම කෙලවනවා

පළාත් පාලන මැතිවරණයට සන්ධානය සමග සිටින පක්‍ෂ දහයක්‌ ඒකාබද්ධ පෙරමුණක්‌ ලෙස තරග කිරිමට තිරණය කිරිමත් ඒ සදහා සන්ධානය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පෙලේ පක්ෂ සන්ධානය අතහැරිමට තින්දුවක් ගැනිමත් සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ඔහුගේ සමිප බත් බැලයන් වන රාජිත සහ පාඨළි ගැටුමක් ඇතිකරගෙන තිබේ.

ඊයේ කැබිනට් රැස්විමෙන් පසුව මෛත්‍රී සමග විශේෂ සාකච්ඡාවකට එක්වු රාජිත සහ පාඨළි මෛත්‍රීට දොස් කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ සමග මොනතරම් දේශපාලන ගැටුම් පැවතියද මහින්දගෙන් තොරව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිම දිනක ජයග්‍රහණයක් ලබාගත නොහැකි බවත් පරාජය වී ඔබතුමාගේ පිහිටෙන් ඇමතිකම් ගත්තු සමහරුන් පොරවල් වෙන්න කියන් කතා නිසා ඔබතුමා ලොකු අමාරුවක වැටෙන බවද අමාත්‍යවරුන් තරයේම මෛත්‍රීට පවසා තිබේ.

එහිදි මෛත්‍රී පවසා ඇත්තේ “ඔයාලා කලබල වෙන්න එපා මම දන්නවා කරන්න ඔනෑ දේ “යනුවෙනි.

මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදීද රාජිත සහ පාඨළි ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ද ආණ්ඩුව ප්‍රසිද්ධියේම් විවේචනය කර තිබේ.

“පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුම ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් මුණිවත රකින බවට පවසමින් රාජිත අමාත්‍යරයා සහ පාඨලි චම්පික අමාත්‍යරයා දැඩි ලෙස විවේචන එල්ල කර තිබෙනවා.එහිදි අමාත්‍ය පාඨලි චම්පික පවසා ඇත්තේ “ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ආකාරයට කටයුතු කරන්නේ නම් තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බවයි .”එසේම රාජිත සේනාරත්නද පවසා ඇත්තේ ආණ්ඩුවේ ගමන් මග අනුමත කල නොහැකි නිසා තමන්ද දේශපාලන තීන්දුවක් ලබා ගැනීමට සුදානම් බවයි.”

Top