Featured

කටුනායක ගුවන් තොටුපොළේ තීරු බදුවලින් නිදහස් සාප්පු ඉන්දියාවට විකුණයි…

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ තීරු බදුවලින් නිදහස් සාප්පු සංකීර්ණයේ මත්පැන් අලෙවි සල වසා දමා යන්නට කටයුතු සැලැසුණේ කොහොමද? වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී නමින් වූ මෙය ස්විට්සර්ලන්තයේ ආයතනයකි.

මුළු ලෝකයේම සෑම අන්තර්ජාතික ගුවන් තොටුපොළකම තීරු බදුවලින් නිදහස් මත්පැන් අලෙවිහලක් පවත්වාගෙන යන මේ ආයතනයට අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් මෙන්ම අන්තර්ජාතික ගුවන්තොටුපොළ පවත්වා ගෙන යන මත්පැන් අලෙවි සල් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබිණි.

ඒ ආයතනය කටුනායක තීරු බදුවලින් නිදහස් සාප්පු සංකීර්ණයෙන් ඉවත් කර ඒ වෙළෙදාම කරගෙන යන්නට භාරදී තිබෙන්නේ ඉන්දියානු සමාගමකටය. එම සමාගම කාගේ වුවමනාවකට ගෙන්වා ගත්තාද? නැතිනම් ටෙන්ඩර් මඟින් ලබාදුන්නාද කියන්නට දන්නේ නැත. දැන් විදේශගතව සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ දෙනා එතෙරින්ම මත්පැන් ගෙන ඒමට වැඩි නැඹුරුවක් දක්වති. එය අපට ලැබෙන විනිමය අඩුවීමකි. ස්විට්සර්ලන්තයේ වෙළෙඳ ආයතනයට නොතිබූ විශේෂ සැලකිල්ලක් දැන් ඉන්දියානු සමාගමට ලැබෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඳුම් මැසීමේ නියැළි ආයතනයක් කටුනායක ගුවන්තොටුපොළේ තීරු බදුවලින් නිදහස් වෙළෙඳසලක් පවත්වාගෙන ගිය වෙළෙඳසල වහාම ආපසු භාර දෙන ලෙසට ලිඛිතව දැනුම් දීමක් කර ඇත. එම වෙළෙඳසල පවත්වාගෙන ගිය ස්ථානයත් මත්පැන් විකුණන ඉන්දියානු වෙළෙඳසලට ලබාදීමේ උත්සාහයක්ද පවතී.

මේ සමාගමේ අලෙවි භාණ්ඩ ගබඩා කර තිබෙන්නේ ඇමැතිවරයකුට අයත් ගබඩාවක බවද වාර්තා වේ.

මේ තොරතුරු සටහන් කෙළේ වෙන කිසිවක් නිසා නොව පසුගිය 20 වැනිදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කළ සඳහනකට අවධානය යොමු කරවීමටය.

“සෑම ආණ්ඩුවක්ම ගුවන්තොටුපොළේ තිබෙන තීරු බදුවලින් නිදහස් වෙළෙඳසල් ටික තමන්ට හිතවත් අයට දෙන එක තමයි කෙළේ. පසුගිය කාලවලදී ඒවා ආණ්ඩුවේ ඇමැතිවරුන්ටයි අයත්වලා තිබුණේ. නැතිනම් ඔවුන්ගේ හිතවතුන්ටයි’ පළමු වතාවට ආණ්ඩුවක් මේ වෙළෙඳසල් ටෙන්ඩර් දැම්මා. කලින් කළේ කවුරුහරි ඉන්න කෙනකුට අත යටින් ගාණක් අරන් ඉන්න කෙනකුට දෙන එක.

Top