Featured

කටුනායකදි “රම්පෝසා” හොරෙන් හමුවු “පොරිසාදයා” මෙන්න-මංගලත් “රම්පෝසා” හමුවෙන්න යයි

පසුගිය 22 වැනිදා උදෑසන 8.30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පෝසා සහ ශ්‍රි ලංකාවේ VIP දොරටු අලින් ඇතුලු වි එම ගුවන් යානයටම ගොස් ඔහු හමුවු විශේෂ නියෝජිතයා වනුයේ ප්‍රභාකරන් සමයේ LTTE නීතිඥවරයෙකු ලෙස කටයුතු කල ද්‍රවිධ ජාතික සන්ධානයේ නීතිඥ අංශයේ කටයුතු කරන  පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පරීක්‍ෂණ කොමිසම් ඉදිරියේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ කේ.එස්.රත්නවේල් බව අනාවරණය වි තිබේ.

පසුගිය 22 වැනිදා උදෑසන 8.30සිට 9.30 දක්වා කාලයක් රම්පෝසා කටුනායක ගුවන් තොටුපලේ රැදිසිටි අතර එම කාලය තුල මෙම හමුවිම සිදුව තිබේ.(අප පසුගිය 22 වැනිදා කල අනාවරණය කියවන්න –ගුවන් තොටුපොලේදි “රම්පෝසා” හමුවු අපේ “පොරිසාදයා”කවුද? )

බලය බෙදිම,පුනුරුත්තාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ දකුණු අප්‍රිකානු ජනාධිපති ජකොබ් සූමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස සිරිල් රම්පෝසා ජපානය බලා යන අතර ඔහු එහිදි ජපාන විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි සමග විශේෂ සාකච්ඡාවටද සහභාගි විමට නියමිතයි. එම හමුවට අදාළව මහින්ද රාජපක්ෂ,ගොඨාභය රාජපක්ෂ සහ අනිකුත් හමුදා නිළධාරි යුධ අධිකරණය හමුවේ වරදකරුවන් කිරිම සදහා  අවශ්‍ය වන සාක්ෂි සහිත වාර්තාවක්  රම්පෝසාට ලබාදි තිබේන බව ජාත්‍යන්තර අප වාර්තාකරුවන් අනාවරණය කළා.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අභ්‍යන්තර පරීක්‍ෂණ ක්‍රමවේදය පිළිබඳව විශ්වාසයක් නොමැති බවත් වහාම ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට සහයෝගය ලබාදෙන බව ඇමරිකාව ගන්නා උත්සහය පරාජය කර කඩිනමින් යුධ අධිකරණයකට රාජපක්ෂවරු රැගෙන යැම පමණක් තමන්ගේ ඊළාම් ජාතිකයන් බලාපොරොත්තු වන බවද නීතීඥ කේ.එස්.රත්නවේල් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාව 2015 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත්කරනු ඇතැයි අප බලාපොරොත්තුවෙන් සිටින බවත් එය එලෙසම සිදුවිය යුතු බවද ඔහු පෙන්වා දි තිබේ.

මේ අතර ශ‍්‍රි ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකට අවශ්‍ය අධ්‍යන කටයුතු සඳහා විදේශ ඇමති මංගල සමරවීර දකුණු අප‍්‍රිකාව බලා යාමට නියමිත අතර මංගල  එහිදි එරට උප ජනාධිපති සිරිල් රමපෝසා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතයි.

Top