Featured

කන්නදුන් අත හපා කා යහපාලනයට ආවඩන්න ගිය ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් නිමල්සිරිත් FCID ලිස්ට් එකේ!

වර්තමාන සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් වන එච් එම් චන්ද්‍රසේන නිමල්සිරිද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන පරීක්ෂණ වලදී වරදකරුවකු වීමට බොහෝදුරට ඉඩ ඇති බව දැනගන්නට ලැබේ. විශේෂයෙන්ම පසුගිය කාලයේ ගුවන්සේවා අධිකාරිය තුළ සිදුවූ බරපතළ දූෂණ අක්‍රමිකතා රැසක් මේ දිනවල පරීක්ෂාවට බඳුන් කරමින් සිටින අතර බොහෝ ඒවායේ චූදිතයාව ඇත්තේ චන්ද්‍රසේන අධ්‍යක්ෂ ජනරාල්වරයා බවද දැනගන්නට තිබේ.

නමුත් මේ කපටි සූකරයා ඒ සියල්ලක්ම හිටපු සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රියංකර ජයරත්නගේ ගිණුමට බැර කරමින් ඇමතිවරයා විසින් කරන ලද ජීවිත තර්ජනය හේතුවෙන් බියවී සිදුකළ ඒවා ලෙස හුවා දැක්වීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද වාර්තාවේ. පසුගිය රජය සමයේ පටන්ම මෙවැනි කරුනු සඳහා ලක ලෑස්තිවී ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාගේ කීකරු ගෝලයකු වන මූල්‍ය අංශයේ ප්‍රධානී හරිස්චන්ද්‍ර නම් නිල්චිත්‍රපටි උන්මත්තකයා ලවා කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරවීමට තරම් උපායශීලි වී තිබේ.

පසුගිය රජය අපකීර්තියට පත්වීමට ප්‍රධාන හේතුවක් වූ ගුවන්සේවා අංශයේ අත්තනෝමතික ගණුදෙනු රැසකට මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා හවුල්වී ඇත. සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට වඩා රුපියල් මිලියන 100කට වඩා වැඩියෙන් ලංසු තැබූ සන්කෙන් පුද්ගලික ආයතනය වෙත පැවරීම මෙහිදී ඉහළින්ම පවතින චෝදනාවක් වේ. තවද හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා නොමග යවමින් කල් ඉකුත්වූ හොර ලයිසන් වලට රුපියල් ලක්ෂ ගණනින් දීමනා අනුමතකරවා ගැනීම, තම හිතවතුනට රිසිසේ විදේශ සංචාර ලබාදීම, අමාත්‍යාංශ නිලධාරීන්ගේ ඥාතීන් කිසිදු කාර්යාල පටිපාටියකින් තොරව සේවයට බඳවා ගැනීම්, නාස්තිකාර ගුවන්සේවා ප්‍රවර්ධන වැඩසටහන්, දැනට සිටින කුලී බිල්ඩිමකට ඇස්තමේන්තුවට වඩා වැඩි මුදලක් මාසිකව ගෙවීම, ඉතා ඉහළ මිල ගණන් යටතේ කුලී පදනම මත වාහන ලබාගැනීම වැනි චෝදනා බොහෝමයක් ඔහුට විරුද්ධව එල්ලවී තිබේ.

Top