Featured

කප්පම් හල්ඔලුවගේ ජාවාරම් ගැන පරීක්ෂණ යට ගහන්නේ කවුද?

වත්මන් යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අලුගුත්තේරු අනංගයා ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත තුසිත හල්ඔලුව නැමැත්තා මේ වන විට විවිධ වෙස් මුහුණු දමාගෙන ඔහු විසින් සිදු කොට ඇති ජාවාරම් සියල්ලම යට ගැසීමේ සූක්‍ෂම මෙහෙයුමක නිරත වී සිටින බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර සම්බන්ධතාවල හොඳ නමක් දිනා ගෙන ලංකාවේ කැත වූ නම ශුද්ධ පවිත්‍ර කරමින් සිටින බව කියන මොහොතක මෙම පුද්ගලයා විසින් තමන්ගේ ආශාවන් සංසිඳුවා ගන්නා කාමසුඛල්ලිකානු යෝගයේ සිට යහමින් තම මඩිය තර කර ගැනීම දක්වා වූ සියලුම කී නොකී කතා සියල්ලගේම නිරත වී සිටින ආකාරය ගැන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් බොහොමයක් මහත් පිළිකුලෙන් යුතුව හෙළා දකිති. ඔහු මේ දක්වා කළ මගෝඩි කම් සම්බන්ධයෙන් ගෙවී ගිය පැය කිහිපය තුළ පමණක් දුරකථන ඇමතුම් රාශියක් අපට ලැබුණු අතර එහිදී හෙළිදරව් වූ කාරණා කිහිපයක් පමණක් මෙහිදී ජනතාවගේ දැන ගැනීම සඳහා වාර්තා කරන්නෙමු.

රාජ්‍යය නිලධාරියෙකු ලෙස රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන මෙවැනි පුද්ගලයින් තම රැකියාවේ කටයුතු ගැන ජනතාව හමුවේ වගකීමට බැඳී සිටින්නේය. යහපාලන ආණ්ඩුව ගෙන ඒමට සහය වීම මූලික කර ගනිමින් අලුත් ආණ්ඩුව හැදුවේ තමන් පමණක්ය යන මේනියාවෙන් පසුවන මෙම පුද්ගලයා රාජ්‍යය නිලධාරීන් රාශියකට බලපෑම් කොට තිබේ. එසේම රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතා ගැන මොලොව හසරක් නොදන්නා මෙම පුද්ගලයා තවත් එක් සජින් වාස් කෙනෙකු බව අපි මීට පෙරද සඳහන් කළෙමු. එපමණක් නොව විදේශ අමාත්‍යංශයේ ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි මෙම පුද්ගලයා “ ලිංගික අල්ලස්” ගෙන තිබේ. මෙය බරපතළ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු වේ.

මීට පෙර අප විසින් වාර්තා කළ පරිදි, පසුගියදා හෙතම සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ගුවන් තොටුපලට පැමිණියේ චෙන්නායි බලා යන ගුවන් යානයට නැගීමටය. සී. සී. ටී. වී. කැමරා සටහන් වලට අනුව තුසිත හල්ඔලුව, ෆාරුක් ෆර්ඩ්හවුස්, සහ ඉන්දීය ජාතිකයෙකු වන රාම් සුදර්ශන් එකම මෝටර් රථයකින් පැමිණ චෙන්නායි බලා යෑමට සූදානම් වූයේ ප්‍රකශ නොකළ ඇමෙරිකානු ඩොලර් හතලිස්පන්දාහක්ද රැගෙනය. එය මාට්ටු වූ සැනින්, තුසිත සහ ෆාරුක් දෙදෙනා අදාළ මුදල් රාම්ගේ බව සඳහන් කොට රාම් යනු ෆාරුක්ගේ මිතුරෙක් ලෙස හුවා දක්වමින් තමන් සුදෙනෙකු වීමට උත්සහ දරා තිබේ. නමුත් ෆාරුක් කියන්නේ රාම් යනු තුසිතගේ සහ ෆාරුක්ගේ මිතුරෙකු බවය.

ඉන් පසු ඇමති සන්ද්රේෂ් රවී කරුණානායක අමතා ඇති තුසිත, අදාළ කාරණය ගැන රවීට සඳහන් කළ පසු රවී තම ගෝලයා වූ තුසිත බේරාගෙන ඇත. රවීගේ සහ තුසිතගේ ඇමති-ගෝල මිත්‍රත්වයද ඉතා දුර දිග ගිය එකකි. මොහු විසින් මෙහෙයවන ලංඩන් නුවර සිට ක්‍රියාත්මක වන එක්තරා ශ්‍රී ලංකික වෙබ් අඩවියකට රවී විසින් තුසිත හරහා වෙළඳ දැන්වීම් ලබා දී තිබේ. එසේම, අදාළ වෙබ් අඩවිය රටේ කක්කුසියක් වැඩිපුර ගඳ ගැසුවත් විශාල කැපකිරීමකින් රට සැදීමට කැප වී සිටින නමුත් ඔවුහු තෝරාගත් ඇතැම් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ වැරදි ගැන පුදුම සහගත මුණිවතක් රකිමින් ශිෂ්ඨ සමාජයක් ගැන දොඩන්නේය.

පසුගිය කාලය පුරා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ඇතුළු කාරණා ගණනාවක් මෙහෙවනු ලැබුවේ මෙම තුසිත හල්ඔලුව නමැති පුද්ගලයාය. මොහු සැබවින්ම යහපාලනය නාමයෙන් මාධ්‍යය ත්‍රස්තවාදයක් පතුරුවා හැර ඇත. ඔහු පොලිස්පතිවරයාට පහරදීමට හේතුව ඔහුගේ මිත්‍රයෙකු මීළඟ පොලිස්පති ධූරය සඳහා කෙල හළමින් සිටීම බව වාර්තා වේ. වංචා දූෂණ වලට එරෙහි පරීක්ෂණ වල විශාල මැදිහත්වීමක් කරන මෙම පොලිස් නිලධාරියා හිතා මතාම ඇතැම් පරීක්ෂණ යට ගසා ඒවායින් මුදල් ලබාගත් තවත් එක් අනංගයෙකු බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නුදුරු අනාගතයේ සවිස්තරාත්මකව හෙළිදරව් වීමට නියමිතය.

තම ඉන්දීය සංචාරයෙන් පසු දිවයිනට පැමිණි තුසිත ඊයේ සඳහන් කොට ඇත්තේ අදාළ සිදුවීමට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බවය. නමුත්, මේ වන විටත් අමාත්‍යය සාගල රත්නායක මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතට ලැබී ඇති සී. සී. ටී.වී. කැමරා සටහන් වල සහ සේයාරූ වල තුසිතගේ සැබෑ කෙරුවාව සටහන් වී තිබේ. කෙසේ වෙතත්, ඔහු කියන පරිදි මෙම සිදුවීමට කිසිඳු සම්බන්ධයක් නැතැයි විහිලුවට හෝ කෙනෙකු සිතන්නේ නම්, එකම මෝටර් රථයකින් පැමිණ, ගුවන් යානය මඟ හැරුණු පසු එකම මෝටර් රථයෙන් යලි ගොස් පසුදා අදාළ ගමන සඳහා ගුවන් යානයට නැගීම සඳහා යළිත් තිදෙනා එකටම එන්නේ මන්ද? එයත් අහඹු සිදුවීමක් යැයි සඳහන් කළ හොත්, අදාළ පුද්ගලයා සහ ඔහුගේ මෙමෙ මිතුරන් දෙදෙනා මීට පෙර ගමන් ගත් ගුවන් වාර සංඛ්‍යාව සහ එහිදී ගිය පුද්ගලයින් ගැන විමසා බැලීමට හැකිය.

රාජ්‍යය සේවකයකු වන තුසිත හල්ඔලුව නමැත්තා, මේ වන විට පදිංචි වී සිටින්නේ කොල්ලු පිටියේ පිහිටා ඇති අධි ශුඛෝපභෝගී මහල් නිවාසයකය. නිවසේ වටිනකාම මිලියන 52 ක් වන අතර අයෙකු කුලියට සිටින්නේ නම් එහි මාසික කුලිය පමණක් රුපියල් ලක්ෂ හයකි. අදාළ නිවස ඔහුට “ඉතාම කිට්ටු” මිතුරෙකු විසින් ලබා දුන් එකක් විය හැකිය. නමුත් වැදගත් වන්නේ අදාළ නිවස ඔහු භාවිතා කරමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ස්ත්‍රීන් අපහරණය කිරීමට භාවිතා කරන්නේද යන්න බොහෝ දෙනෙකු මතුකරන ගැටලුව වී තිබේ. එසේම විදේශ කටයුතු අමාත්‍යංශයේ පත්වීම් වලදී මොහු සිදුකරණ අතපෙවීම් ඉතාම අප්‍රසන්න බව බොහෝ දෙනෙකු සිදුකරණ පැමිණිල්ලකි. ඔහුගේ එක් බිරිඳක්, බුරුමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලේකමවරියක් ලෙස සේවය කරන්නීය.

එසේම ඔහුගේ මිතුරෙකු වන ෆාරුක් යනු යහපාලන ආණ්ඩුව යටතේ ටෙලිකොම් හී අධ්‍යක්ෂක ධූරයට පත් වූ අයෙකි. ඔහු ලේක් ඩ්‍රයිව් ප්‍රොපර්ටි ඩිවෙලොපර් සහ පෑන් එශියා පවර් නමැති සමගාම් වල කොටස් කරුවෙකි.

තුසිත, ෆාරුක් සහ රාම් යනු ගජ මිතුරන් බවට පත් වූයේ අද ඊයෙක නොවේ. ඔවුහු මහින්ද රාජපක්ෂ පරිපාලනය තුළ ඉතාම හොඳින් තම අවශ්‍යතා සපුරාගත් අයවලුන් වූහ. එසේම, රාම් දකුණු ඉන්දියානු ලලනාවන් මෙරටට ගෙන්වා ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ට සන්තර්පණය කිරීමට අවශ්‍යය පහසුකම් සලසා දෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක්වූ ෆාරුක් කියා සිටියේ, ඔහු සහ තුසිත මිතුරන් බවත් ඔවුන්ගේ මිතුරෙකු වූ රාම් ගුවන්තොටුපලේදී මුහුණ දුන් අසීරුතාවයකින් ගොඩ ඒම සඳහා සහය වූ බවත්ය. ෆාරුක්ට අනුව ඇමෙරිකානු ඩොලර් පන්දාහක් පමණක් තම සාක්කුවේ දමාගෙන සිටි තුසිතට කිසිම ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදු නොවූ අතර ඔහු එදිනම චෙන්නායි බලා ගොස් ඇත.

නමුත් අපගේ වාර්තාවලට අනුව, එකම මෝටර් රථයකින් පැමිණෙන තිදෙනාගෙන් කිසිවෙකුට හෝ එදින ගුවන්ගමන සඳහා අවස්ථාව ලැබෙන්නේ නැත. තිදෙනාම එකම ගුවන්යානයකින් ඉන්දියාව බලා යන්නේ ඉන් පසුවය.

මෙරට ජාතික ධනය මෙරටින් පැනීමට ගොස් මාට්ටු වූ මෙම අප්‍රසන්න පුද්ගලයින් ගැන අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යය කාරණයක් බව අපි යලි යළිත් කියන්නෙමු.

එසේම අදාළ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක් වූ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකරු ගාමිණි වියන්ගොඩ මහතා සඳහන් කළේ එවැනි සිදුවීමක් ගැන තමන් මෙතෙක් නොදන්නා බවයි. නමුත්, එවැනි කාරණයක් සිදු වී ඇත්තේ නම් ඒ ගැන අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍යය බව පේනවා දුන්නේය.

හල්ඔලුව මේ වන විට රටේ විවිධ මාධ්‍යයන් වෙත කතා අකරමින් අදාළ සිදුවීම යට ගැසීම සඳහා හැකි උපරිම උත්සාහය ගෙන ඇත. එසේම ඔහුගේ ඇතැම් මිත්‍ර “මාධ්‍යය සගයින්” තම මිත්‍රයාගේ වංචාවන් ගැන රටට නොකීමට සපත වී සිටින බව සැලයි.

තුසිත “සෑර්ට” කියලා විදේශ අමාත්‍යංශයේ හෝ ඊට සම්බන්ධ තානාපති සේවාවන් වල යම් යම් නිලතල ලබා ගැනීමට උත්සහ කරන ඇතැමුන් සිදුකරමින් සිටින්නේ යහපාලනය නමැති උතුම් සංකල්පය මත ජරා කොට ඒවා හත්පොලේ ගා ගනිමින් සිටීම පමණක් බව අමතක නොකරනු මනාය. මෙවැනි අලුගුත්තෙරුවන් එකලද සිටියේය. මෙකලද සිටින්නේය. රට හිඟමනට ඇද දමන්නේ මෙවැන්නන් විසිනි.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

 කප්පම් හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක් අරන් චෙන්නායි පනී…කටුනායක ආරක්ෂකයන්ටත් තගක් දාලා සිද්ධිය සිදුවු සැනින් lanwanewsweb.today කල අනාවරණය 

බෙදුම්වාදීන්ගේ අන්තවාදි ක්‍රියාකලාපය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරදවනු ලැබිමෙන් පසුව එහි අයිතිකරුවන් ලෙස පෙනි සිටිමින් තනතුරු ලබමින් සල්ලි කොල්ල කමින් මාෆියා ව්‍යාපාරවල යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නමින් කබ්බ සංවිධානයක් පවත්වා ගෙන යන Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල් කටුනායක ගුවන් තොටුපලෙන් රැගෙන යැමට යැමෙදී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව් ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝගයක් හරහා එය නිදහස් කර ගැනිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

කිසියම් පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලෙස ලබාගත් අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල අමරිකානු ඩොලර් 45න් දහසක්(US 45000$) සහ අමරිකානු ඩොලර් 13න් දහසක්(US 45000$) ලෙස මුස්ලිම් සහ දමිළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ගමන් මල්ලේ සගවා පෙරේදා 10 උදැසන කටුනායක ගුවන් තොටුපලෙන් චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ දරා ඇති අතර ඊට පෙර චෙන්නායි බලාගිය ගුවන් යානයෙන් තුසිත හල්ලොලුව චෙන්නායි බලා ගො තිබේ.පසුව මුදල් සමග තමන්ගේ ගොලයන් හසු පසුව ගුවන් තොටුපලෙ ආරක්ෂක අංශයන්ට ජනාධිපති කාර්‍යාලය හරහා බලපැම් කර සිද්ධිය සම්බන්ධයෙන් පියවර නොගෙන ඉටින ලෙසට නියෝග කිරිමට තුසිත කටයුතු කර තිබේ.

පසුව නැවැතත් කටුනායකට පැමිණි තුසිත අදාල මුදල් වලින් අමරිකානු ඩොලර් 13න්(US 13000$) දහසක මුදල රාජසන්තක කිරිමට කටයුතු කර ඇති අතර මරිකානු ඩොලර් 45න් දහසක (US 45000$)මුදල සදහා රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවා මුදල් නිදහස් කරගෙන ඇති අතර අද උදැසන එම මුදල්ද රැගෙන තිදෙනාම යලි චෙන්නායි බලාගොස් තිබේ.පසුව තුසිත සිය මාධ්‍ය මාෆියා කාරයන් යොදවා වෙනත් පුවතක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරිමට කටයුතු කර තිබේ.කෙසේවෙතත් අදාළ මුදල් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා ගියේ කවර කරුණන්ක් නිසාද යන්න මේ වනතෙක් අනාවරණය වි නෑ.

පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය හරහා සිදුකරන විමර්ශනවල නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන රහස්‍ය වාර්තා මුදලට සහ ලිංගික අල්ලස් වලට විකිණීමට තුසිත හල්ඔලුව කටයුතු කරන බවත් අදාළ වාර්තා ලංකා ඊයා නිවුස් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්අදාළ කප්පම් සහ ලිංගික අල්ලස් ලබා ගැනිම සිදුකරන බව රහස්‍ය වාර්තාවක් අගමැතිවරයාට යොමුකර ඇතිබව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කර සිටියා.

http://www.sinhala.lnwtoday.com/archives/14232

8 පාස් නැති මැස්සෙක් ගිය උඩ……..

යහපාලනේ ගෙනා “මහ ඔලූවා” තමා යැයි කියාගන්නා හල්ලොලූවා ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතී. තුසිත හල්ලොලූව පවසන පරිදි මංගලලා, චම්පිකලා, අනුරලා, දුමින්ද හා රාජිතලා වැන්නවුන් කරපු දෙයක් නැත. සියලූ සැලසුම් හල්ලොලූවාගේය. සියලූ මෙහෙයුම් හල්ලොලූවාගේය. පුවත්පත් මගින් සල්ලි ගෙවා ලිපි පලකරවාගෙන තමාවම පුම්බා ගැනීමට වෙර දරන තුසිත හල්ලොලූව උපන්නේ බෙන්තර බද්දේගම ගමේය.

පත්තර කිහිපයකට විටින් විට විශේෂාංග ලියූ හෙයින් තමා විසින්ම මාධ්‍යවේදියෙකැයි ප‍්‍රසිද්ධියේ කියා ගනිමින් රටේ ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගෙන කපටිකමින් දැනහැදුනුම්කම් ඇති කරගත්තේය. මොහු ඒ සියල්ලෝම තමාගේ අතිජාත මිත‍්‍රයින් ලෙස හුවා දක්වමින් බොරුවෙන් ජීවත් වන්නෙකි. මොහු ගත් බොහෝ සම්මුඛ සාකච්ඡා කිසිදු පුවත්පතක පලවුයේ නැත.

එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් කේලම් කියන්නෙකු ලෙස හංවඩු ගැසුණු තුසිත ගැන ඇතමුන් පවසන්නේ Thousand talks, No works යනුවෙනි. ප‍්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත් තුසිත හල්ලොලූව රගපාන්නේ දෙස් විදෙස් හි ඉගෙනුම ලැබුවෙකු සේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රිපාල සිරිසේනගේ නිල නිවස පැත්තට හොරෙන් රිංගාගත් තුසිත අනවශ්‍ය ආකාරයෙන් වචන දාන්න ගොස් මෛත‍්‍රිපාලගේ ලේකම් වූ කරුණාරත්න පරනවිතානගෙන් කනේ පාරක් කා විලිලැජ්ජාවට පත් වූයෙකි. සිදු වූ දේ කිහිප දෙනෙකුම දුටු හෙයින් එතැනින් මාරු වූ තුසිත මංගල සමරවීර පස්සේ ගාටමින් රස්තියාදු ගසමින් නිකරුණේ කාලය ගත කරන්නට විය. මංගලට ලැබෙන තොරතුරු අසා සිටිමින් අලූත් වැඩකට තුසිත අත ගසන්නේ මේ කාලයේය. එනම් විවිධ ගැටලූවලට ලක් වූ අයගේ තොරතුරු මංගලට ලැබෙන බැවින් ඒවා අසාගෙන සිට, මංගල වැනි අය හරහා සහන සැලසිය හැකි යැයි පවසමින් කප්පං ගැනීමට තුසිත පටන් ගත්තේය.

නිතර තමා ලග ගැවසෙමින් වාතයක් වෙන තුසිතව මංගල විසින් විවිධ තැන් සදහා යවනු ලබන්නේ නිතර දැකීම තමාටත් මල වදයක් වුණු බැවිනි. එයින් තමා මංගලගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කියා ගනිමින් තුසිත කටයුතු කළ අතර, මුලින් මෙවැනි මැට්ටෙකු මංගල තම සම්බන්ධීකරණ ලේකම් කරගනීදැයි බොහෝ දෙනාට ප‍්‍රශ්ණයක් වූ නමුත් පසුව එය හැමෝටම සාමාන්‍ය දෙයක් බවට පත්විණි. ඉංග‍්‍රීසි අකුරක්වත් බැරි තුසිත හල්ලොලූව අද විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. එසේම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. මෙම ආයතන දෙකේම ඉහල නිලධාරීන් බහුලව භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි වන අතර බෝර්ඞ් මීටිං වලදී තුසිත හල්ලොලූව කිසිදු වචනයක් පවසන්නේ නැත. මුලූමනින්ම නිහඩය.

යහපාලනේට මාස හතරක් වෙද්දී ඉන්න හිටින්නට තැනක් නැතිව හිටි තුසිත හල්ලොලූව අද ඉන්නේ Crescat හි අතිසුඛෝපභෝගී සුපිරි නිවසකය. මාසිකව ගෙවන නිවාස කුලිය හත්ලක්‍ෂ පනස්දාහකි. එසේම කෝට්ටේ ගල්වල පාරේ අලූතින් කෝටි 03 ක පමණ නිවසක් මුදලින් කෝට් දෙකක් දී ඉතිරිය ණයක් මගින් හිමිකර ගැනීමට ද තුසිත සමත් වී ඇත. එහි ණය වාරිකය වන තුන්ලක්‍ෂ විසිපන්දහස කප්පං සල්ලි විදියට වෙනත් කෙනෙකු ගෙවා දමයි. එපමණක් ද නොව යන්න එන්න බයිසිකලයක්වත් නොතිබුණු තුසිත හල්ලොලූව අද පාවිච්චි කරන්නේ BMW හා බෙන්ස් යන වර්ගවල රථ දෙකකි. ඒවා ද විවිධ යටිකූට්ටු වැඩ කරදෙන බවට පොරොන්දු වී කප්පං වශයෙන් ලබා ගත් ඒවාය. මෙම මුදල් ගෙවන්නේ කවුද, කුමන හේතු නිසාද, මේ වන විට කීයක් ගෙවා තිබේද යනාදි කරුණු සාක්ෂි සහිතව අප වෙත ලැබී ඇත. ඒවා සහ තවත් බොහෝ තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

Top