LNN SPY

කරුණා…අමරවිර හමුවෙන් කරුණා ගොඩ…කෝටි 09ක වෙඩි නොවදින වාහන අවභාවිතයෙන් කරුණා නිදහස් කරයි…..නීතිපති නීතිය හැටට නමයි…

පසුගියදා අප අනාවරණය කල පරිදිම පසුගිය සතියේ සන්ධාන ප්‍රධානින් සමග නැඟෙනහිර හිටපු කොටි නායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් රුපියල් කෝටි 09කට ආසන්න වටිනාකමකින් යුත් රජයේ වෙඩි නොවදින වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබු චොදනා වලින් නිදහස් කර ඔහු  මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර සිටියදීත් රජයේ වාහනයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් විනයාගමූර්ති මුර්ලිදරන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදාහැරි අතර අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඔහු මුදාහැරීමට නියෝග කර තිබේ.

අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නීතිපතිවරයා විසින් දැනුම්දී ඇති අතර් ඒ අනුව විනයාගමූර්ති මුරලිදරන් මහතා මුදාහැරීමට පියවර ගන්නා ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

පසුගියදා බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවු බවට විවිධ ප්‍රචාර දියත් කල හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ ඩබල් ගේම් එක අප විසින් එදා අනාවරණය කල අතර එම අනාවරණය පහතින් දැක්වේ.

http://198.211.112.164/archives/16131

Top