Anonymous Reporter

සිංහල බෞද්ධ කරූ කැපු රනිල්ගේ දැලි පිහිය

තමන් ජාතික ලැයිස්තුව දක්වා තල්ලුකිරිමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ තමන් වටා තිබේන සිංහල බෞද්ධ පදනම බිඳවැට්ට විමට මිසක තමන්ට ඇති ආදරයක් නිසා නොවන බව එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක යැයි ඔහු පමණක් කියන බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ යහපාලන අමාත්‍ය කරු ජයසූරිය අප විශේෂ වාර්තාකරු සමග සංවාදයක යෙදිමින් පවසා තිබේ.

මහින්ද පරද්දන්න බෑ-රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු සහ අනුර රහසිගත කුමන්ත්‍රණයක යනුවෙන් අප කල අනාවරණය සමගම මෙම අර්බුද උග්‍ර අතට හැරි ඇති අතර අදාළ සාකච්ඡාව සදහා තමන්ව සහභාගි කරගත්තේ මැතිවරණයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන මුවාවෙන් බවද ඔහු සදහන් කර තිබේ.(Exclusive:මහින්ද පරද්දන්න බෑ -රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු සහ අනුර රහසිගත කුමන්ත්‍රණයක)

අදාළ පුවතින් පසුව අදහස් දැක්වු කරුගේ ලගම දේශපාලන කටයුතු මෙහෙයවන්නා

[box type=”info” ]….”සර් මාරම අප්සෙට් එකේ ඉන්නේ….සර්ට එන්න කියලා තියෙන්නේ නායකතුමා …..මැතිවරණයෙන් පසුව සිදුවන දේවල් කතා කරන්න කියලා…..සර් යනකම් දන්නේ නෑ එතන සම්බන්ධන්ලා …හකිම්ලා…ඉන්නවා කියලා…යනුවෙන් වැල්වටාරම් කෝටියක් කියා තිබේ.[/box]

තමන් වටා තිබේන සිංහල බෞද්ධ පදනම ඉතාම සිරුවට බිඳවැට්ටිම සදහා රනිල් වික්‍රමසිංහ සමග සිටින ඔහුගේ කණ්ඩායම කටයුතු කරන බවත් එහි ප්‍රතිපලයක් ලෙස තමන්ට ගම්පහ ආසනය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් විමට ඉඩ නොදී ඇඟ පුම්බන කොල්ලන්ට අවස්ථාව ලබාදි ඇති බවද කරු සදහන් කර තිබේ.

“ඇත්තටම පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා හැටියට සෝභිත හිමියන් ඇතුලු සමස්ථ් කණ්ඩායමම මාව තොරගෙන හිටියා…මට ඒ සදහා ඔනෑ තරම් සුදුකම් තිබුනා …එදා මම ඉදිරිපත් වුනානම් මෛත්‍රීට වඩා වැඩි ඡන්ද අරගෙන .දිනනවා…නමුත් අවසාන මොහොතේ මාව කැපුවා…..ඒ විතරක් නෙවේ දැන් මට ආසනයත් නැති කරලා….. මේ හැමදේම කළේ මැතිවරණ පරාජයකින් පස්සේ නායකත්වයට එල්ලවන අභියෝග යට ගහන්න.”

[box type=”note” ]UNP National List Malik Samarawickrama Karu Jayasuriya D.M. Swaminadhan Anoma Gamage K. Velayudhan[/box]

[box type=”warning” ]එකම කණ්ඩායමේ පිරිස් කොටවා තම පාලනය පවත්වාගෙන යාම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම ගතියකි. දශක කිහිපයක් පුරා තමන්ගේම මාධ්‍ය අංශයේ කටයතු කරන සමන් අතාවුද හෙට්ටි හා සුදත් චන්ද්‍රසේකර අතර පවතින සීතල යුද්ධය විසඳීමට කිසිම උත්සහයක් නොදරන රනිල් වික්‍රමසිංහ මහතා එම ගැටුම එසේම තිබෙන්නට හැර දෙදෙනාගෙන්ම එකිනෙකාට එරෙහි තොරතුරු ලබාගනී. එජාප කාර්ය මණ්ඩලය තුල මෙවැනි කාරනා අනන්තවත් ඇත. පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කල යුතු බවට ප්‍රසිද්ධියේ පවසන රවී කරුණානායක මහතාට එරෙහිව මෙදා මොහු යොදාගෙන ඇත්තේ මරික්කර්වය. කොළඹ නගරාධිපති මුසම්මිල් මහතා, රවී කරුණානායක මහතාට ප්‍රසිද්ධියේ බැන වැදුනේද රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය මත බව රහසක් නොවේ. [/box]

Top