Anonymous Reporter

කවුරු මොනවා කළත් මට කරූ ඉන්නවා……

ලංකාපුවත් ආයතනයට ලැබී ඇති වාර්ෂික විදෙස් සමුළුවක ආරාධනයට ආයතන ප්‍රධානියා වන නන්ද මුරුත්තෙට්ටුව, ගුවන් විදුලි සංස්ථාවේ මුදලින් ලංකාපුවත් ආයතනයේ විධායක නිලධාරිනිය වන දුල්මා චාරුණී කන්දරමගේ ද කැටුව සතියක නිවාඩුවකට රුසියාවේ ගොස් පැමිණිමෙන් පසුව චණ්ඩි රැජිනක් ලෙස ඇය හැසිරෙන බව එම ආයතන සේවකයන් අනාවරණය කරනවා. දුල්මා පසුගිය දින කිහිපය මුලුල්ලෙ ආයතන සේවක සේවිකාවන් හට පවසා තිබුනේ කවුරු මොනවා කළත් කරූ පරණවිතාන තමාව බේරාගන්නා ඒ අනුව නන්දෙට අමතරව තවත් දුල්මා නලවන පිරිසක් සිටින බව දැන් තහවුරු වි තිබේ.

මේ අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් නිතීඥ නිමල් බෝපගේ විසින් ඔහුට මෙම අයතනයේ පරිපාලන අධ්‍යක්ෂකවරිය වන දුල්මා චාරුණී කන්දරාමගේ හා සභාපතිවරයා ලෙස කටයුතු කරන නන්ද මුරුතෙට්‍ටුවගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ලැබී තිබු පැමිණිලි අනුව අමාත්‍යංශ විගණන නිළධාරීන් ලංකා පුවත් ආයතනයට යොමු කර හදිසි පරිකෂාවක් සිදු කිරීමට ගත් උත්සාහය එම මොහොතේ ඉහළින් ආ අණක් පරිදි නවතා දැමිම සිදුව ඇති අතර පසුව දුල්මා දින 14 ක නිවාඩු ලබාගෙන ආයතනයෙන් පිටව ගොස් තිබේ.

අදාළ නිලධාරින් සුළු පරීක්ෂණ කාලය තුලදී පවා මෙහි පරිපාලන අධයක්ෂකවරිය විසින් සිදු කරනු ලැබූ නීති විරෝධි කටයුතු කිහිපයක් ගැන තොරතුරු හෙළිදරව් වී ඇති අතර එමෙන්ම ආයතන සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු පරික්ෂා කිරීමේදී දුල්මා විසින් විසින් මාධ්‍යවේදින් ලෙස එම ආයතනයට අනුයුක්ත කර සිටින තරුණයන් දෙදෙනෙකු කිසිසෙත්ම මාධ්‍ය ආයතනයක සෙවයට නුසුදුස්සන් බවත් ඔවුන් දෙදෙනා විවාහ මංගල්‍ය ඡායාරුප ශිලිපීන් බවත් හෙලිව තිබේ. එම කටයුතු සඳහා ලංකා පුවත් ආයතනයේ කැමරා හා වීඩියෝ උපකරන ‍රැගෙන යාමත් ඡායාරූප සංස්කරණය සදහා ලංකා පුවත් ආයතනේ පරිගනක යොදාගෙන තිබෙන බවත් අනාවරණය වී තිබේ. ඒ අතර සභාපතිවරය හා පරිපාලන අධ්‍යක්ෂකවරියගේ කාමරයද පරික්ෂාවට ලක්කරමින් සිටියදී ඉහලින් ආ අණ මත ඒ නවතා දමා තිබේ.

http://www.lankanewsweb.today/archives/11562

Top