Featured

“කාගේ අතිනුත් වැරදි වෙනවා නේ …ජනාධිපතිතුමනි “

මහත් ආන්දෝලනයකට තුඩුදි තිබේන පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සන්දීප් සම්පත්ට සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගෙන් විමසිමක් කර තිබේන බව ජනාධිපති මාධ්‍ය එකකයේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

එම විමසිමට එක එල්ලේ රණවක අමාත්‍යවරයා පිළිතුරු ලබා දි නැති අතර “කාගේ අතිනුත් වැරදි වෙනවා නේ …ජනාධිපතිතුමනි ” යනුවෙන් පවසා තිබේ. රීය අනතුරක් සිදුවුයේ නම් වහාම් ඒය නිවැරදි කිරිම සදහා කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා චම්පික අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවද අප විශේෂ වාර්තාකරු සදහන් කළා.එම ප්‍රකාශය අනුව චමිපික සහ අදාළ රිය අනතුර සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි පවසන බොහෝ දෑ සත්‍ය බව තහවුරු වෙමින් තිබේ.

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සන්දීප් සම්පත්ට  සිහිය ලැබී ඇති  නමුදු සන්දීප් නමැති තරුණයාට කිසිදු සුවයක් මේ වන තෙක් ලැබී නැති බවවාර්තා වේ.

පසුගිය දිනෙක චම්පික ඇමති තුමාගේ ජීප් රථයට සන්දීප් නමැති තරුණයා හැප්පි තුවාල සිදුවී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති කතාව සෑම දෙනාවම දන්නා කරුණකි. සන්දීප් අද සිටින්නේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ජාතික රෝහලේ නියෝජය අධ්‍යක්ෂකවරිය පවසා සිටින්නේ තරුණයාගේ තත්වය බරපතල බවය.

පහත දැක්වෙන්නේ ගොසිප් රීඩර් මගින් උපුටා ගැන්මකි….

SANDEEPචම්පික ඇමති තුමාගේ කතාවට සමාන කතාවක් ඉතිහාසයෙන් ද වාර්තා වෙනවා ඒ චම්පික ඇමති තුමා නොවුනත් එය මෙයට උචිත යයි අප සිතමි. ඒ 2002 වසරේ ජුලි මාසයේ එක්තරා දිනයකි එවකට ගුවන් හමුදා පති ලෙස කටයුතු කලේ ජයලත් වීරක්කොඩි මහතාය. චන්ද්‍රිකා ජනාධිපතිනිගේ කාලයේ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය දුරය හෙබවූයේය. වීරක්කොඩි මහතා ඔහුගේ කාරය ලොරි රථයක ගැටී ලොරියේ සහායකයාට බරපතල තුවාල සිදු කිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල විය පසුව ඔහු මරණයට පත් විය. ඒ අවසතාවේ වීරක්කොඩි ගේ රියදුරා පොලිසියට වරද බාර ගෙන ඉදිරිපත් වුවත් වාහනය එම අවස්ථාවේ එලවා තිබුනේ රියදුරු නොවේ ගුවන් හමුදා පති වරයාය..කෙසේ වුවත් අවසාන මොහොතේ සත්‍ය එලියට ආවේය ගුවන් හමුදා පති වරයාට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන්නට විය.

ජයලත් වීරක්කොඩි හට සිදුවූ දෙය අද මෙගා පොලිස් ඇමති චම්පික රණවකට අත්වුවේය නමුදු ඔහු සන්දීප් ගේ සිදුවීමේදී අම්මලා තාත්තලාට අවවාද දෙමින් බණ දෙසපාමින් සිටි

අනතුර ලක් වූ බයිසිකලයේ ගිය තරුණයාගේ මිතුරන් දිගින් දිගටම කියන්නේ ජීප් එක එලෙව්වේ චම්පික ඇමතිතුමා බවය.එසේම තමන් ජීප් එකේ රියදුරු අසුනේ සිටි බව ඔහු විසින් පිළිගත් අතර පොලිසියට ඔහු පැමිණෙන බවද පවසා ඇත. නමුදු චම්පික ගුවන් හමුදා පතිවරයා මෙන් රියදුරු ඉදිරිපත් කොට පොලිසියෙන් වසන් වී ඇත.

චම්පික විසින් කල දෙය අද රාජපක්ෂ පවුලේ අයෙකුගෙන් සිදුවුවොත් යහපාලන ආණ්ඩුව නටන තොවිල මුළු රටටම බලා ගත හැක. යහපාලනයට විරුද්දනම් එක නීතියකුත් පක්ෂයි නම් තවත් නීතියකුත් වශයෙන් නීති දෙකක් රටක පැවතිය නොහැක.

ඇත්තම කිවොත් මේ පැවැත් වෙන්නේ යහපාලන ආණ්ඩුවේ තුන් වැනි ලිට්මස් පරීක්ෂණය වේ පළමු පරීක්ෂණය මහා බැංකුවේ අදිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබදවය එයන් ආණ්ඩුව අසමත් විය.

දෙවැනි පරීක්ෂණය හිරුනිකගේ ඩිෆෙන්ඩර් පැහැරගැනීමය එයිනුත් යහපාලනය ෆෙල් විය. දැන් තෙවැනි පරීක්ෂණය වේ ඒ චම්පික පිළිබදවය මෙයිනුත් යහපාලනය ෆෙල් වුවොත් යහපාලනය ජඩ පාලනයක් බවට පත්වී තිත් තැබෙන දවස වැඩි ඈතක නොවේ.

 

Top