Featured

කෑළෑ පාලු බදුයුදින්ගේ රත්තරං මාෆියාව අතේ මාට්ටු ….අමාත්‍යාංශයේ නිල වාහනයෙන් රත්තරං ඇදලා

යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම කෑලෑ පාලුවෙකු වන රිෂාඩ් බදුයුදින් සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස්‌ බුද්ධි අංශ වෙත ලැබී තිබේ.ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන අතර රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්‌ද මෙම ජාවාරම පිටුපස සිටින අතර රත්‍රං තොග ගුවන්තොටුපළ දක්‌වා රැගෙන යැමට රිෂාඩ් බදුයුදින් තම නිල වාහන යොදාගන්නා බවට හෙළි වී තිබේ. ඇමැතිවරයාගේ නිල වාහනයෙන් රැගෙන යන රත්‍රං තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්‍ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දෙන අතර ඔවුන් ඒවා ඉන්දියාවට රැගෙන යන බවද හෙළි වී ඇත.

මීට ටික කලකට පෙර රිෂාඩ් බදුයුදින් ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් මුහුදු මාර්ග ඔස්‌සේ රත්‍රං කිලෝ 50 ක්‌ ඉන්දියාවට යෑවීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඒවා නාවික හමුදාවට කොටු වී තිබිණි.එම රත්‍රං තොගය අත්අඩංගුවට පත් වීම නිසා ඇමැතිවරයාට ඔහුගේ සොහොයුරාට සහ ජාවාරම පිටුපස සිටි පිටකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයාට විශාල පාඩුවක්‌ විඳීමට සිදු විය.

එම පාඩුව පියවා ගැනීම සඳහා පිටකොටුවේ ව්‍යාපාරිකයා ඔහුට අයත්ව තිබූ පිටකොටුවේ ගොඩනැඟිල්ලක්‌ පවා විකුණා දැමූ බවද බුද්ධි අංශ මගින් අනාවරණය කර ගෙන ඇත.

මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායම මෙරට ඇති රත්‍රං තොග පිටින් හොර රහසේම ඉන්දියාවට යෑවීම රටේ ආර්ථිකයටද විශාල බලපෑමක්‌ එල්ල කරන බව බුද්ධි අංශ පවසයි.

මුලාශ්‍ර -දිවයින

Top