Featured

කිණිස්සෙන් ඇණ සිංහල සිසුවා මරන්න හැදු “ප්‍රභා” පොලිස් ආරක්ෂාව මැද ගෙදර ගියේ සංහිඳියාව නිසාද

මේ සටහන ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ වෙනුවෙන් මා තබන්නේ මේ අරගල භූමියේ ඔහුන් කෙරෙහි මා ද විශ්වාසය තබා ඇති බැවිනි.පසුගියදා යාපනය විශ්වවිද්‍යාල භුමියේදි මාද දමිළ අන්තවාදීන්ගෙන් හොදටම ගුටි කෑ අයෙකු වන අතර මේ වනවිටත් යාපනයේම රැදි සිටින අයෙකු හැටියට මා මේ සටහන තබන බව තරයේම අවධාරණය කරමි.

සිද්ධිය සිදුවු අකාරය පිළිබඳව රට ගැන හිතන ජනතාවටනම් යලි යලිත් කියාදිය යුතු නැත.නමුත් මහ ජාතිය හැටියට සිංහලයා ගුටි කමින් හිස පහත් කරමින් සිටිම අන්තවාදිය ලෙස සලකන මහත්වරුන්ට යමක් මා කිව යුතුමය.ඒ අන් කිසිවක් නොව යාපනය විශ්වවිද්‍යාල භුමිය පමණක් නොව යාපනයේ හෝටලයක සිට ඔනෑම කඩ සාප්පුවකට ගොඩ වි බලන්න ඔහුන් අපට දැන් කිසිදු ගරුසරුවක් නොමැතිව කතා කරන හැටි. ඒවා ගැන මොනතරම් සංහිඳියාවෙන් පොට්ට වු වන්ට කිවත් වැඩක් නැත අපි ඔහුන්ට මේ කතාව කියවන්නටද ආරාධනා නොකරමු…

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාපිඨ සිංහල සිසුන්ට පසුගියදා එල්ල වු ප්‍රහාරය දකුණේ කුණු කන මාධ්‍ය මෙන්ම ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනීසිටින බවට වහසිබස් දොඩන ඇතැම් දේශපාලන රූකඩ ශිෂ්‍ය සංවිධාන අර්ථ දක්වනු ලැබුවේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමක් ලෙසය.ඇතැම් ආණ්ඩු ගැති දේශපාලන පක්ෂ සදහන් කළේ පිටතින් පැමිණි වෙනත් කණ්ඩායමක් මෙම පහරදිම සිදු කල බවයි.වෙබ් අධවි කිහිපයක් සහ සමාජ් ජාලා වෙබ් හරහා පමණක් දමිළ සිසුන් සිංහල සිසුන්ට පහරදුන් බව සදහන් කර තිබු අතර දමිළ කොටි හිතවාදි වෙබ් අඩවි පමණක් නොව යාපනයේ පුවත් පත් පවා සිංහල සිසුන් දමිළ සිසුන්ට පහරදුන් බවට පුවත් පලකර තිබු අතර ඒ හරහා ඔහුන් ඔහුන් විසින් කල පහරදිම සාධාරණීකරණය කර ගද්දී නිවට නියාලු යහපාලන මාධ්‍ය හා පොලිසිය එයට ඉඩ දි බලා සිටිය බව අමතුවෙන් කිවයුතු නැත.

විද්‍යාපීඨ සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණු මෙම පිළිගැනිම සදහා උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් සහභාගී කරවාගත් අතර දමිළ සිසුන් “අඩෝ..ඔබලා කොහොමද එහෙම එවා මෙහේ කරන්නේ ” යනුවෙන් එයට විරෝධය පළකරමින් කෑ කෝ ගසමින් අනතුරුව එම ස්ථානයට කඩා වැදුණු කාලා පීඨ දෙමළ සිසුන් විසින් විශ්ව විද්‍යාල ආචාර්ය්‍යවරුන් බලා සිටියදීම පහරදීම සිදුකර තිබෙන අතර වීදුරු කඩා බිද දමමින් විශ්ව විද්‍යාල ගොඩනැගිවලටද හානිකරනු ලැබුවා.

පසුගිය 17 දා යාපනය සරසවියේ විද්‍යා පීටයේ සිසුන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලැබූ අතර ඉන් එක් සිසුවකු බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

යහපාලන ජෙම්ස් බොන්ඩ් පන්නයේ පොලිස්පති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් මා හට ඇසිමට ප්‍රශ්ණ කිහිපයක් ඇත….

#පෙනී පෙනී දමිළ අන්තවාදින් විශ්වවිද්‍යාල භුමියේ පහර දෙද්දි පොලිසිය ඇතැම් නිලධාරින් දුරකතනයේන් කතා කරමින් උපදෙස් පතමින් සිටියේ උතුර වෙනම ප්‍රාන්තයක් ලෙස පිළිගෙන තිබේන නිසාද?

#විශ්වවිද්‍යාලයේ දේපළවලට බරපතල ලෙස හානී කළ මෙම පහර දිමේ මුලිකයාව කටයුතු කල දෙමළ සංවිධානයේ මාධ්‍ය එකකයේ සමාජිකයෙකු වන සිසුන්ගේ ඔලු පලමින්,කිණිස්සක් භාවිතා කරමින් ශිෂ්‍යයෙකුගේ අතට බරපතල හානී කල “ප්‍රභා”(විශ්වවිද්‍යාලයේ නාමය ) නැමත්තා පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයේන් ඉවත් කරගෙන ගෙදරටම ඇරලුවේ මන්ද?

# පසුව පොලු රැගත් දමිළ කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන් නවාතැන් ගෙන් සිටින ප්‍රදේශයේ නිරන්තර ගෑවසෙමින් පොලිසියටද පාට් එක දමමින් සිටියදි ඔලුව කකුල් දෙක මැද්දේ ගසාගෙන බස් රථ වලින් රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා යාපනයෙන් පිටත් කර හැරියේ මෙය සිසුන් දෙපරිසිකගේ ගැටුමක් වු නිසාද?

# ඔබගේ පොලිස් නිළධාරින්ගේ ආරක්ෂාව මැද සිංහල නේවාසිකාගාරවල තිබු සිසුන්ගේ ලිපිද්‍රව්‍ය ඉවතට ගෙනවිත් ගෙට්ටුව ඉදිරිපිට දමා ගිනී තැබිමට කටයුතු කල බව ඔබ දන්නේද?

සංහිඳියාව ගැන පාරම්බාන කශේරූකාවක් නැති අමනයන්ගෙන් අපට අසන්නට පැණයක් තිබේ.පහරදිම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ දෙමළ ජාතික සන්ධානයේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසා සිටියේ කුමක්ද?”අපි ගොඩාක් කල් ඉවසුවා තවත් බෑ…සිංහල.සහ බෞද්ධ කිසිම දෙයකට අයත් දේවල් කරන්න තවත් ඉඩ දෙන්න බෑ….මේ නැටුම් සංවිධානය කළේ හමුදාව…එකයි අපේ ලමයි එකට ගැහුවේ “ඒ කියන්නේ අපිට දැන් උතුරේ අපේ අයිතිය අහිමි වි අවසන් බව නොවේද?

හීනෙකින්වත් හිතපු නැති සමහර අය රටේ පවත්නා නීතියට අනුව පරීක්ෂණවලින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවට පොලිස්පතිවරයා ලෙස ඔබ කල ප්‍රකාශය පුස්සක් නොවේ නම් වහාම අදාළ පාර්ශවයෙන් අත් අඩංගුවට ගෙන පෙන්වන ලෙස මා ඔබට අභියෝග කර සිටිමු.

ලංකාව පුරා විසිරි ඇති සෑම විශ්වවිද්‍යාලයකම දමිළ සිසුන් අධ්‍යාපණය හදාරන බව ඔබ හොදින්ම දනී යම් දකුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කරන ලෙසට බොරු උද්ඝෝෂණ කරමින් නවක සිසුන් සිය ග්‍රහණයට ගෙන ඔහුන් සිය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව දුවන අයවලුන් බවට පත්කර ගැනිමට කටයුතු කරන ඇතැමුන් කටපුරා අප ජාතිවාදින් යැයි කියනු ඇත. අප ඔහුන්ට එක දෙයක් කියන්නට කැමතිය අනුන්ගේ සංහිදයාවේ ගුබ්බැයම් වල ලගිමින් ඔබ දමන සංදර්ශන තව වැඩි කාලයක් පෙන්විමට නොහැකි බව මතක තබා ගැනිම ඇගට ගුණය.

අපි නැවතත් යාපනය විශ්වවිද්‍යාල භුමියට පය තබනු ඇත.මන්ද එය අපේ අයිතියකි…..නමුත් අපි ආපසු හැරෙන්නේ නැති බව දකුණේ නටන පෙනය නැති නයි මෙන්ම උතුරේ නටා නන්දිකඩාල් කලපුවෙන් අවසන් ගමන් ගිය බල්ලන්ද දැන සිටිම නුවණට හුරුය.

සත්‍ය කුමක්ඔදැයි ඔබම තීරණය කරන්න 

Top