Featured

කිරිඇල්ල දුවගේ අනියම් පෙම නිසා අමාතංශයේන් එක පවුලට පඩි තුනක්

විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා වු කිරිඇල්ල සිය දියණිය වන චාමී කිරිඇල්ල (Chami Kirella)හදිසියේම අටවාගත් කැන්ඩි කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අමාත්‍යංශයේ ව්‍යාපෘති හා කොන්ත්‍රත් භාරගෙන ඉදිකිරිමි කටයුතු පවරන බවත් පසුව කුඩා ඉදිකිරිම් හා ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩයම් සදහා කොමිස් මුදල් ලබාදිමේ ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති පැවරිමට කටයුතු කරන බව අප විශේෂ වාර්තාකරු ඊයේ අනාවරණය කිරිමත් සමග තවත් තොරතුරු රැසක් අප වෙත ලැබී තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍යලේකම් ලෙස කටයුතු කරන සිරිල් සමරසූරිය මහතාගේ සහෝදරයා, සහෝදරිය සහ පියාට මෙම පත්වීම් ලබාදී ඇති බවට වූ ලේඛනය මේ වනවිට අප වෙත ලැබී තිබේ.(අදාළ ලේඛන පහතින් බලන්න )

කිරිඅල්ලේගේ මාධ්‍ය ලේකම්ගේ පවුලේ අයට වෙන කළ මාර්ග සංවර්ධන අමාතංශයේ මුදල් වෙන් කිරිමට ආසන්නතම හේතුව වි ඇත්තේ කිරිඇල්ලේගේ දුව මාධ්‍ය ලේකම් සමග අනියම් පෙමක වෙලී සිටිම නිසා විමයි.

ඔවුනගේ නම් පිලිවලින් සාවින්ද සමරසූරිය, කේ.ජි. ආත්මා මධුවන්ති පීරිස්, සිරිල් සමරසූරිය වන අතර ඔවුන් තිදෙනාගේම ලිපිනය වන්නේ අංක 106, අරැප්පල වත්ත, මහනුවර ලෙසට සදහන්ව ඇති අතර ඔවුන් සියළුදෙනාම පදිංචිව ඇත්තේද එකම නිවසේ බවට එම ලේඛනය අනුව තහවුරැ වේ.

මාධ්‍ය ලේකම්ගේ වැටුපට අමතරව මෙම එක් අයකුට රැපියල් 65000/-බැගින් මෙම පවුලේ තිදෙනා සදහා රැපියල් 195000ක විශාල මුදලක් ගෙවන බවට කරැනු අනාවරනය වී තිබේ.

එමෙන්ම කිරිඇල්ල අමාත්‍යවරයා පත්වීම් ලබා දී නැතැයි පවසන වට්ටප්පල සීවලී හිමියන්ටද පත්වීම් ලැබී ඇති බව අදාළ ලේඛනයෙන් අනාවරණය වේ.මේ අනුව ලක්ෂන් කිරිඇල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් නොමග යවා තිබේ.

Roada_A (1) Roada_A (2) Roada_A (3)

Top