Featured

කිලීගේ කොන්ත්‍රාත්කරු “අසාද් සාලිට”රනිල් පයින් ගහයි…මෛත්‍රී ඇමති පොරොන්දුවක් දෙයි

යහපාලකයන් වෙනුවෙන් ලාබෙට කඩේ යවා වැඩේ කරවාගත් පසු කොම්ඩම් තියරීය තමන්ටද යොදවා ඇති බව එජාප ජාතික ලැයිස්තු අපේක්ෂක කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලිය මේ වනවිට තෙරුම්ගෙන ඇති නිසා දුරකතන සියල්ලද විසන්ධි කරදමා සැඟවී සිටින බව වාර්තා වේ.

මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගත් සැනින් උඩ පනිමින් පාර්ලිමේන්තු යන්නට සුදානම් වෙමින් සිය මිතුරන් අමග බාල් නැටු අසාද් සාලී අන්තිමට රනිල් ජාතික ලැයිස්තුව නම්කල පසුව බෙහෙතකටවත් සොයාගත නොහැකි බඩුවක් වි හමාරය.

LNW_AsadSALI

අසාද් සාලී දහම් සිරිසේන සහ මංගල සමග ලන්ඩන් නුවර

අසාද් සාලී යනු නුගේගොධ රැළියට 5000ක් ගෙනාවොත් මන්ත්‍රිකම අත්හරින බවට කුණු කතා කිම හා සිංහල -මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්ණ ඇති කිරිම හැර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කඩා බිද දැමිමේ කුමන්ත්‍රණයේ යෙදි සිටින කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජාගේ එක කොන්ත්‍රාත්කාරයෙක් බව දන්නා රනිල් ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදි සිටියේ තමන්ගේ අනාගතය දෙස බලාය.

රනිල් ගත් තිරණය නිවැරදි බව තෙරුම් ගියේ අසාද් සාලීය මෛත්‍රීපාල සිරිසේන හමුවි සන්ධාන ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව ඉල්ලිම හරහාය.

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට යැමට අවස්ථාව ලබාදෙන ලෙස අසාද් සාලී මෛත්‍රීගෙන් ඉල්ලා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ……මේ අවුරුදු 2ක් ඔහොම යන්න…ඊට පස්සේ සජිත්ගේ නායකත්වයෙන් හදන අලුත් ආණ්ඩුවේ මන්ත්‍රිකම පමණක් නොව ඇමතිකමක් වුනත් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.

ඒ අනුව රනිල් දින්නද රනිල් එජාප නායකත්වයෙන් දොට්ට දමා සජිත් ගෙන එමේ මෛත්‍රී,කිලී මෙහෙයුම අවසන් වි නොමැති බව ඉතා පැහැදිලිය.

රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

Top