Featured

“කූජීත” තොත්ත බබා විය

අගමැති රනිල් වික්‍රමසිංහ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ප්‍රා නායක පාඨ්ළි චම්පික රණවකගේ අවශ්‍යතාව ශ්‍රි ලංකා පොලිස්පති ධුරයට පත්කර ගත් පුජිත් ජයසුන්දර යනු වචනයේ පරිසමාප්තියෙන්ම පිස්සු…ඩයල් එකක් බව අද ඔහු විසින්ම සිය වැඩ බාරගැනිමේ උත්සවයේදි තහවුරු කර සිටියා.අද උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා නිරන්තරයෙන් “අපේ ජනාධිපතිතුමා ….අපේ අගමැතිතුමා ” යනුවෙන් එක දාන්න දගලපු ආකාරයෙන්ම ඔහු පොලිස්පති වු අකාරය ගැන හොදින්ම තහවුරු කර ගැනිමට හැකියාව තිබේ.නමින් පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර වූ නව පොලිස්පති වරයා පොලිස් මූලස්ථානයේදී අද “කූජීත”වු අයුරු පියවරෙන් පියවර බලන්න…

“අපේ ජනාධිපතිතුමා ….අපේ අගමැතිතුමා ” දේශපාලන ඇගිලි ගැසිම් නෑ…මාරම ෂුවර් එකක්…එකක් නම් හරියටම ෂුවර් මොකක්ද දන්නවාද…”කූජීත”,මෛත්‍රී වගේම හිටං…හිටං….නම් කියනවා….

අද පැවති මාධ්‍ය හමුවෙදි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ අසන්නටත් පෙර යහපාලන බෙරය මෙන් තලන තාජුදින් ඝාතනය ගැන මහා ඉහලින් කතා කල අතර තමන් පොලිස්පති කල ප්‍රා නායක,ප්‍රගීත් අතුරුදහන් කල,රාජගිරියේදි තරුණයෙකු තමන්ගේ රියෙන් යටකරගෙන ගිය ප්‍රා චම්පිකගේ CCTV අතුරුදහන් කල “කූජීත” චම්පික සම්බන්ධයෙන් ඇති පැමිණිල්ල පිළිබඳව අකුරක් නෑරව කියන්නට තරම් දැනුමක් තිබුනද ,අරක්කු ටිකක් නොදිම නිසා පාහර යහපාලන පොලිස් නිළධාරියෙකු විසින් ඇඹිලිපිටියෙදි දෙනොදහක් බලා සිටියදි පහරදි උඩුමහලෙන් තල්ලුකර මරා දැමිමේ සිද්ධිය ගැන මාධ්‍යවේදීන් ඇසු විට “කූජීත” තොත්ත බබා විය.

‘FCIDය දිගටම පවත්වා ගෙන යනවා. තව දුරටත් ඊට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. එය මහජන අවශ්‍යතාවයක්. කෑ ගහන අයගේ පෞද්ගලික කොන්ත්‍රාත් කරන්න FCID එක බැඳිලා නැහැ. රජයේ මුදල් හා දේපළ අවභාවිතා කරන්නන්ට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා. ඉක්මනින් හැම දෙයක්ම කරන්න බැහැ. පියවරෙන් පියවර ඒවා සිදු වෙනවා. සාක්ෂි රැස් කර ගන්න අවශ්‍යයි. නීතිපති උපදෙස් ගන්න ඕන. නමුත් මේ හැම පරික්ෂණයක්ම සිදු කරලා ඉවර කරනවා’ යැයි “කූජීත”  අමුතු හැඩතල දමා කිව්වද ඇත්තටම හරහා සිදුවන්නේ කුමක්ද යන්න මහජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත.”කූජීත” කියන්නේ පොරක්නම් හැකිනම් යහපාලන අණ්ඩුවේ ඇමතිවරුන් සම්බන්ධයෙන් එල්ල වි ඇති එකම එක චොදනාවක් සම්බන්ධයෙන් ඉදිරි කාලයේදි කටයුතු කර පෙන්විය යුතුය….

“කූජීත” ජයසුන්දරට පොලිස්පති විමේ හීනය ආරම්භ වන්නට වුයේ සාගල රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විමත් සමග වන අතර පසුව හදිසියේම යහාපාලන මෙගා පොලිසි අමාත්‍ය පාඨළී චම්පිකරණවක අතින් තරුණයෙකු රාජගිරියෙදි අනතුරට ලක්විමත් සමග එම සිහිනය සැබෑවේ ආසන්නයටම ගෙන එන්නට හැකි විය.”කූජීත” ජයසුන්දරගෙන් සිංහල බෞද්ධයන් ඉතාමත් පරිස්සම් විය යුතුය මන්ද ඔහු නිරන්තරයෙන් සිංහල බෞද්ධයන් රවටන්නට සමත් අයෙකු නිසාමය.එය ඔහුගේ Facebook පරික්ෂා කිරිමෙන් මැනවින් තහවුරු කර ගැත හැක.

Top