විශේෂාංග

කොකේන් කොතනද? සිරිසේන, එතනය

කොකේන් කොතනද? අපේ අතිගරු ජනාධිපතිතුමා එතන ඇත. යන්න සැබෑවක් කරමින් පසුගිය දිනක රේගුව විසින් සීනි කන්ටේනරයක් සමග එවා තිබූ රුපියල් කෝට 300 ක් වටිනාකමකින් යුත් කොකේන් තොගය අත් අඩංගුවට ගැනීමත් සමගම අපේ ජනාධිපතිතුමා ඉර්දි ප්‍රාතිහාරයකින් මෙන් රේගුව තුලට සපැමිණ කොකේන් තොගය දෙස බලා, එය අල්ලා ගත් නිලධාරීන්ට ස්තුථි කරනු අප දුටුවෙමු. හදවතේ කැඩපත මුහුණ බව සැබෑවක් බැවින් එදා එතුමාගේ මුහුණ හදවත තුල ඇති දේ මනාවට ජනතාවටත් රේගු නිලධාරීන්ටත් පෙන්වා දෙන ලදී..

කොකේන් යනු මෙලොව තුල ඇති මත්ද්‍රව්‍ය බැවින්ද එය ජාත්යන්තරව තහනම් දෙයක් බැවින්ද මෙතරම් විශාල වටිනාකමක් ඇති මේ කොකේන් තොගය රටට සිදුකරන විනාාශය එතුමා දන්නා බැවින්ද, මේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනා කම කෝටි 300ක් වැනි විශාල වටිනාකමක් ඇති බැවින්ද. මේ සිදුවීම ආරංචි වූ විගසම එතුමා, එතුමාගේ සැලසුම්ගත සියලුම වැඩකටයුතු අත්හිටවා, මේ කාර්යයට අවතීර්ණව ඇත. කෝටි 300ක කොකේන් කියන්නේ (කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 100 ) එසේ මෙසේ දෙයක් නොවන බව දන්නා නිසා රේගු නිලධාරීන් කරන දෙය කුමක්ද යන්නද නොදන්නා බැවින් හනි හනිකට එතුමා මේ පර්යන්තයට වැඩ ඇත. මේ කොකේන් තොගය හා ජනාධිපතිතුමා අතර ඇති අන්තර්සම්බන්ධතාවය කුමක්ද යන්න අද සමාජයට බලවත් ප්‍රශ්නයක්ව ඇත. නමුත් වගකිව යුතු ජනාධිපතිවරයකු වශයෙන් අහිතකර මත්ද්‍රව්‍යක් රටට ගෙනවිත් ඇති මොහොතක ඒ සම්බන්ධව සංවේදීවීම ස්වභාවිකය. සංවේදී වී ඒවා අල්ලාගත් මොහොතේ‌ේ‌ම එම ස්ථානයට කඩාවැදී ඒවා පිරික්ෂා කිරීමද අගය කල යුතුය. කඩා වැදී ඒවා අල්ලාගත් නිලධාරීන්ට ප්‍රසංසා කිරීමද අගය කල යුතුය. එතැනින් එහාට සිදු කල යුත්තේ කුමක්ද යන්න ඉතා වැදගත්ය.

1.දැන් මත්ද්‍රව්‍ය කන්දරාව රේගුවෙන් නිදහස්ව ඇත.

එය රට තුලට විත් හමාරය.

MS_ORUඑය දැන් ඇත්තේ විශේෂයෙන් ජනාධිපතිතුමා හා මුදල් අමාත්යාංශය එක්ව පිහිටුවාගත් මත්ද්‍රව්‍ය මර්ධන ඒකකය සතුව බවද කියවේ.මේ සම්බන්ධව පරීක්ෂණ කිරීම අඛණ්ඩව සිදු කරන බවක්ද ඇසේ.මේ සියළු කථාන්දර ජනතාවට අලුත්ම චිත්‍රයක් මවාපායි. ඒ මවා පාන චිත්‍රය තුල මහා බයංකාර රූප රාමු වැලක්ම ඇත. අපි ඒ සම්බන්ධව කථා කල යුතුමය.

මේ සම්බන්ධව අතිගරු ජනාධිපති තුමාගේ මුහුණු පොතේ මෙවැනි සටහනක් ඇත.

අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කන්ටේනරය ජනපතිගේ නිරීක්ෂණයටපොලිස් විශේෂ කාර්ය බලකාය සහ මුදල් අමාත්‍යාංශයේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකය විසින් සොයා ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 91 ක් සහිත කන්ටේනරය අද (14) දහවල් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

பொலிஸ் விசேட பிரிவும் நிதி அமைச்சின் சட்ட விரோத போதைப்பொருள் தடுப்புப் பிரிவும் இணைந்து கைப்பற்றிய கொக்கேன் போதைப்பொருள் 91 கிலோ கிராம் கொண்ட கொள்கலனை இன்று (14) பிற்பகல் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்கள் பார்வையிட்டார்.

A stock of ninety one (91) kilograms of cocaine, discovered by the Police Special Task Force and the Finance Ministry’s special unit to raid narcotics was observed by the President today.

මේ සටහනට අනුව මේ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ,

1.පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මුදල් අමාත්‍යාංශයේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකය විසින්ය.අතිගරු ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ වැරදි සටහනක් තිබිය නොහැක.

a.එය එසේ නම් රේගු නිලධාරීන් සිදුකලේ කුමක්ද? ඔවුනට මේ මත්ද්‍රව්‍ය අසු නොවීද යන පැනය ජනතාව තුල පැන නගී. එබැවින් මෙරට ජනතාව, මේ සම්බන්ධව රේගු නිලධාරීන්ගේ ප්රතිචාරය අපේක්ෂාවෙන් සිටී.

2. මුදල් අමාත්යාන්ශය තුලද නීති විරෝධී මත් මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයක් ඇති බව මේ සටහන එලි දක්වයි. එය සත්යක් නම්

මුදල් අමාත්යාංශයට නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකක් අවශ්යවන්නේ කුමකටද යන්න පැහැදිලි කල යුතුය.

c.මුදල් අමාත්යාංශය මීට පෙර නීති විරෝධී මත් මත්ද්‍රව්‍ය වැටලීම් වලට සහභාගි වී තිබේද? ඒවා මොනවාද යන්නද? පැහැදිලි කල යුතුය.

d.අපේ ගම් වල ඇති හොර කසිප්පු ඇති තැන් සම්බන්ධව මුදල් අමාත්යාංයට පැමිණිලි කල විට ඔවුන් ඒවා වැටලීමට පියවර ගන්නවාද නැද්ද?

එසේ නොකරන්නේ නම් ඇයි?

යන ප්‍රශ්ණ වලට පැහැදිලි පිලිතුරු ඉදිරිපත් කල යුතුය. තවද?

f.මුදල් අමාත්‍යංශයේ විශේෂ හොර නෝට්ටු වැටලීමේ ඒකකයක් තිබේද? යන පැනය මෙරට ජනතාව අසයි.

දැන් මුදල් අමාත්යාංශයේද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකයක් ඇති බැවින්,

g.ස්වාධීන පොලිස් කොමිසම කල යුතු කාර්යයක්; ස්වාධීන නොවන මුදල් අමාත්යාංශයෙන්ද ඉටු කරන බැවින් මුදල් අමාත්යාංශය තුල පිහිටා ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකය නීතියට පටහැනිව ස්ථාපිව ඇති බව පැහැදිලිව දිස්වෙනවා.

එවිට නීති විරෝධී මත් මත්ද්‍රව්‍ය, නීති විරෝධීව පිහිටුවා ඇති සෘජුවම මුදල් ඇමතිට ඇගිලි ගැසිය හැකි මධ්යස්ථානයක් වන “නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකක” යක බාරයට පත්වෙනවා. ඒ කියන්නේ හොරාගේ ගෙදරටම බඩුටික ගෙනත් දෙන යාන්ත්රණයක් ගොඩනංවා තිබෙන බවයි

තවද අනාගතයේදී යම් හෙයකින් මුදල් ඇමති වශයෙන් පාතාලයට සම්බන්ධව, මත් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන අයෙක් පත්වුනහොත්; රට තුලට මත් ද්රව්ය ගෙන්වාගෙන රටතුලට මුදා හැරීමේ මෙය හොදටම ප්රමාණාතමක බව ජනතා විශ්වාසයයි. මෙය කල හැකි හා අනිවාර්යෙන්ම සිදුවෙන දෙයකි. රුපියල් කෝටි 300ක ම්ත් ද්රව්ය ගෙන්වීමට ආර්ථික ශක්තිය ඇති අයට මේ කටයුතු ඉතා පහසුවෙන් සිදුකල හැකි කාර්යයකි. එමනිසා රජය මේ මුදල් අමාත්යංශය තුල ඇති නීති විරෝධී මත් ද්රව්ය ඒකකය විසුරුවා හැර , එම කටයුතු කිරීමට ස්වාධීන පොලිස් කොමිසම බාරයේ ඇති පොලීසියට බාර කල යුතුය. තවද මත් දව්ය ඉතා භයානකය, වැදගත් වන්නේ මත්ද්‍රව්‍යය ගෙන්වන ලද පුද්ගලයා අල්ලාගෙන හෝ ඒ වෙනුවට වෙනයම් අයෙක් රිමාන්ඩ් බාරයේ තබාගෙන සිටීම හෝ නොවේ අල්ලා ගත් මත් මත්ද්‍රව්‍ය වලට සිදු කරන්නේ කුමකඅද යන්නයි. ගංජා හේනක් වටලා ගංජා ගස් කපා සුද්ද කර ගිනි තබන පොලීසියට, මේ අල්ලා ගත් කොකේන් තොගය හුරතල් කර කර බල බලා ඉන්නේ න‌ැතිව, අල්ලා ගෙන ඒවා කොකේන් බව සහතික කර එවලේම සම්මත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගිනි තබා විනාශ කලවිට සිදු කල යුතු නියම කාර්ය කලා යයි ජාතියට කිව හැකිය. එසේ නැතිව කොකේන් යම් ස්ථානයක නඩු භාණ්ඩ වශයෙන් තබාගෙන සිටිනවා යයි හගවා ඒවා රටට මුදා හැරීමට ඇති ඉඩකඩ අහුරාලන මෙන් මෙරට ජනතාව රජයට බලකර ඉල්ලා සිටී.

COKEN_WH

(කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 100 ද? නැතිනම් කිලෝ 10X30=300 ක්ද? ලංකාදීප චායාරූපයට අනුව කිලෝ10 යේ පැකැට්ටු 30 ක් ඇත එසේනම් මුලුප්‍රමානය කිලෝ 300ක් වියයුතුයි)

අතිගරු ජනාධිපතිතුමා මෑත ඉතිහාසයේ ඇතිවූ මහා ගංවතුරින් අනාතව දුක් විදින ජනතාවගේ දුක සැප බැලීමටවත් නොගිය පුද්ගලයෙකු බව මෙරට ජනතාව හදුනා ගෙන ඇත. නාය ගොස් සම්පූර්ණ ගමක්ම යටවුන අවස්ථාවේද ඒ ස්ථානයට ගොස් ජනතාව විදින ගැහැට සම්බන්ධ කථා නොකල පුද්ගලයෙකි. එවන් ජාතික ආපදාමය තත්වයක් තුල ජපානයේ ජී 7 සමුලුවට පියඹා ගිය එතුමා්‌ පසුගියදා සාලාව හමුදා කදවුරේ සිදුවූ පිපිරීම හේතුවෙන් පීඩාවට පත්වූවන් අභියසටද නොගිය පුද්ගලයෙකි. ඒ එතුමාට පැවරී ඇති අධික රාජකාරී කටයුතු හේතුවෙනි. එවන් අධික කටයුතු ඇති ජනාධිපතිතුමාට යමෙක් මේ කොකේන් කන්ටේනරය සම්බන්ධව දන්වා ඇත.

1. එසේ දැන්වුයේ කවුද

2 නිතරම කුඩු තොග ගනනින් අල්ලන රටේ මේ සිදුවීම ජනාධිපතිවරයාට දැන්වීමට ඇති විශේෂය කුමක්ද?

යන ප්‍රශ්ණ ගනනාවක් සමාජ පාර්ලිමේන්තුවේ කඩ මණ්ඩියක් ගානේ සාකච්ඡාකරමින් සිටින මොහොතක අර දකුණු ඇමරිකාවේ ජනාධිපතිලා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන නිසාත් පැනමාවේ ජනාධිපති මත්ද්‍රව්‍ය වෙළදාම් කලායයි චෝදනා නගමින් ඒ රටට කඩාපැන ඇමරිකාවට බලෙන් ගෙන ගිය ආකාරයේ තත්වයක් අප රටට උරුම නොවිය යුතුයයි ජනතාව විශ්වාස කරයි මත්ද්‍රව්‍ය ඉතා ඉක්මනින් විනාශය ලංකරන බැවින් පරිස්සම්වීම අප සියල්ලන්ගේම වගකීමයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

Top