Featured

කොටි රූකඩ සම්බන්ධන්ගේ ප්‍රකාශයෙන් මහින්දගේ ජිවිතය අනතුරේ

මෛත්‍රී-රනිල් පාලනයක් පැවතියද ශ්‍රී ලංකා යුද හමුදාව තුල හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී නිලධාරීන් ඉන්නා බවට බෙදුම්වාදී කොටි රූකඩයක් වන විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්නාරම දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමග පැවති කමිටු සාකච්ඡාවකදි පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සඳහා මේ වසර තුල දී විසඳුමක් සොයා ගැනීමට නව ව්‍යවස්ථාව හරහා කරන උත්සාහය කඩාකප්පල් කිරීමට එම නිලධාරීන් ද සමග මහින්ද රාජපක්ෂ උත්සහ කරන බවද කොටි රූකඩයක් වන විපක්ෂ නායක අවධාරණය කර ඇති අතර “මහින්ද සිටිම දෙමළ ජාතියේ නිජබිමේ උරුමය අහිමි විමක් ” ලෙසද අර්ථ දක්වා තිබේ.

ජාතික ප්‍රශ්නයට විසඳීමක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් මේ වසර අවසානයට පෙර සම්මත කර ගනු ඇති බවත් ඒ සදහා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ජාත්‍යන්තරය ඉදිරියේ සහතිකයක් ලබාදි තිබේන බවද විපක්ෂ නායකයා තහවුරු කර තිබේ.

මේ අතර දැඩි ලෙස රෝගීව සිටින බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී නායකයන්ගේ ආගමික ජුන්ටාව වන මන්නාරම දිසාව භාර හිටපු රදගුරු රායප්පු ජෝශප්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුලු ද්‍රවිධ සන්ධාන නායකයින් කිහිප දෙනෙකු එහි ගොස් ඇති අතර තමන්ගේ එකායන අරමුණ දෙමළ ජනයාටම වෙන්වු නිජබිමක් තුල මිය යෑම බවද .,,,එය තමන්ගේ සිහිනයක් බවද රදගුරු රායප්පු ජෝශප් පැවසු බව ද්‍රවිධ ජාතික සන්ධාන මාධ්‍ය එකකය සදහන් කර තිබේ.

ෆෙඩරල් පාලන විසඳුම, කොටස් දෙකකට බෙදිය හැකිය. ප්‍රදේශයන් දෙකක් එක්කිරීම සහ බලය බෙදාහැරීමට අප විරුද්ධවීමට හේතුව, මේ ආකාරයෙන් බෙදාහරින බලය මධ්‍යම රජයට ඕනෑම අවස්ථාවක නැවත ලබාගැනීමට හැකි අවස්ථාවක් ඇත. මහින්ද රාජපක්‍ෂ වැනි ඒකාධිපති පාලකයෙකු අනාගතයේදී පාලන බලයට පත්වුවහොත්, මෙම බලතල සියල්ල නැවත ලබාගනු ඇත…

http://www.lankanewsweb.today/archives/4611

“අපිව බලන්න ආවේ නැති වුනාට කමක් නෑ ..සර්..මේ රට පාවාදෙන්න එපා…”

http://www.lankanewsweb.today/archives/8061

“අප ෆෙඩරල්වාදී විසඳුමක් සඳහා සටන්කලේ නෑ… දෙමළ ජනතාවගේ මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්‍ෂයක් වන ද්‍රවිඩ විමුක්ති සන්ධානය දෙමළ ඊළම එකම විසඳුම බව ප්‍රකාශ කරමින් මැතිවරණයට තරඟ කරන ලදි. එම අවස්ථාවේදී එයට සහයෝගය දක්වා ජනතාව විශාල වශයෙන් ඡන්දය ලබාදෙන ලදි. එම ප්‍රතිපත්තිය පෙරටුකරගෙන බොහෝ සංවිධාන සටන් සිදුකරන ලදි.”

http://www.lankanewsweb.today/archives/7366

Top