Featured

ගමේ බලය පෙන්වා දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවමු……….!

පලාත් පාලන ආයතන විසුරුවා හරිමින් ගම තුල තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලය වත්මන් ආණ්ඩුව කුමන්ත‍්‍රණකාරී ලෙස ඩැහැගත් බවත්, ඉදිරියේදී ගමේ බලය පෙන්වා වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීමට පියවර ගන්නා බවත්, ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අතුරුදන්වූවන් පිලිබද සොයා බැලීම සදහා කාර්යාලයක් පිහිටුවීමේ පනත බලහත්කාරයෙන් සම්මතකර ගැනීමෙන් වර්තමාන ආණ්ඩුව දේශද්‍රෝහී බටහිර රූකඩයක් බව තහවුරු වූ බවත්, මෙම දේශද්‍රෝහී රූකඩ ආණ්ඩුව පලවා හැරීම රටට ආදරය කරන සිය`ඵ දෙනාගේ යුතුකමක් බවත්, රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ ගම් මට්ටමේ සංවිධාන ජාලය පිහිටුවීම අරඹමින් මිනුවන්ගොඩ, කොටුගොඩ , ලෝකිලංගමුව ප‍්‍රදේශයේ (14) පැවති රැස්වීමකදී රණතුංග මහතා මේ බව සදහන් කලේය.

වැඩසටහන නම්කර ඇත්තේ ජන සටනට ජන සභා ලෙසය. ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු වැඩසටහන යටතේ දිස්ති‍්‍රක්කයේ සෑම ග‍්‍රාම සේවා වසමකම ඒකාබද්ධ විපක්‍ෂයට අනුබද්ධිත තරුණ , කාන්තා, ශාඛා සංවිධාන පිහිටුවීමට නියමිතය. ඉදිරියේදී රටපුරා මෙය කි‍්‍රයාත්මක කිරීමටද අපේක්‍ෂා කරන බව රණතුංග මහතා මෙහිදී සදහන් කලේය.

මෙම රැස්වීමේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ වත්මන් ආණ්ඩුව යටතේ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල වූ බවයි. වැඩ බිමක් වූ රට අද මුඩු බිමක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් රණතුංග මහතා රනිල් වික‍්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ දැක්මක් හෝ වැඩ පිලිවෙලක් නොමැති බවත් පෙන්වා දුන්නේය. ගමක පාරක බෝක්කුවක් හදා ගැනීමට නොහැකි , කැඩුණු විදුලි පහණක් හදා ගැනීමට නොහැකි ආණ්ඩුව තවමත් සිදු කරන්නේ රාජපක්‍ෂලාට හා රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව අවලාද නැගීම පමණි. රාජපක්‍ෂවරුන්ට හෝ ඔවුන්ගේ හිතවාදීන්ට බැණවැදීමෙන් හා ඔවුන්ට විවිධ චෝදනා නැගීමෙන් රට ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුව වටහා ගත යුතුව ඇති බවද රණතුංග මහතා මෙහිදී අවධාරණය කලේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

අද මේ ආණ්ඩුව ජනතාවට වහ ක`දුරු වගේ තිත්තයි. අඩුම ගානේ ආණ්ඩුව පහුගිය අවුරුදු එක හමාර තුල ගමේ පාරක බෝක්කුවක් හැදුවාද ? කැඩුණු ලයිට් එකක් දැම්මාද ? එදා ගමේ පාරක් කැඩුනාම ලයිට් එක පත්තු වෙන්නේ නැති වුනාම අපිට ගිහින් කියන්න නැත්නම් බනින්න ගමේ කෙනෙක් හිටියා. අද ඒ ගමේ අපේ නියෝජිතයන්ගේ කොදු කඩලා. නිළධාරීවාදයකට මේ පලාත් පාලන ආයතන යට කරලා. ගමේ ජනතාවට වැඩ කර ගන්න හිටපු ප‍්‍රාදේශීය සභා නගර සභා, මන්තී‍්‍රවරයාව ගෙදරයැවීමේ මේ ආණ්ඩුව , මේ ආණ්ඩුවට සහාය දෙන නිල් අලි පැටවුන් මේකට වගකියන්න ඕනෑ.
අද ආණ්ඩුව බලහත්කාරයෙන් රටට එරෙහි අණ පනත් සම්මත කර ගන්නවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේම පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අදබ ුල්ඩෝසර් කරගෙන යනවා. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී අපේ විරෝධය නොතකා මේ ආණ්ඩුව පනතක් සම්මත්කර ගත්තා. අතුරුදන්වූවන් පිලිබද කාර්යාලයක් පිහිටුවීමේ පනත මේ පනත ආණ්ඩුව සම්මත කර ගත්තේ තනිකරම බලහත්කාරයෙන්. ඒක පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලංගනය කිරීමක්. මේ භයානක පනත සම්මත කරන වෙලාවේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා කටයුතු කලේ පක්‍ෂග‍්‍රාහී විදියටයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා අද පාර්ලිමේන්තුව විකට මඩුවක් බවට පත්කරගෙන තිබෙනවා. ඒකට කථානායකවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි.
හැමෝම දන්නවා මේ ආණ්ඩුව බලයට පත්වුණේ කොහොමද කියලා. බටහිර රටවල්වලටයි දෙමළ ඩයස් පෝරාවටයි අවශ්‍ය වෙලා තිබුණේ තමන්ගේ පදයට නටන රූකඩයක් මේ රටේ නායකයා කරන්නයි. මහින්ද මහත්තය බටහිරට ඕන විදියට නටපු රූකඩ පාලකයෙක් නෙවෙයි. ඒ නිසා යුද්ධයේදී ඔවුන්ට ප‍්‍රභාකරන්ව රැුකගන්න බැරිවුණා. ඒ වෛරය මගින් තමයි 2015 ජනවාරි 08 මහින්ද මහත්තයාව පරද්දවන්නේ. ඒඅ ය බලාපොරොත්තු වූ රූකඩ පාලනය අද රටේ ඇතිවෙලා තියෙනවා. අතුරුදන්වූවන් පිලිබද සොයාගැනීමේ කාර්යාලයක් පිහිටුවීමට අදාල පනත මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයට අනුව ගෙනැවිත් සම්මත කරගත් පනතක් නොවේ. ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දුන් කොටි හතවාදී කල්ලිවලට පිදු දොල පිදේනියක්. ඒකයි ඇමෙරිකාව පත්වනක් ප‍්‍රීතියෙන් පිනා ගිහින් උඩ පනින්නේ. ඒකෙන්ම තේරෙනවා රූකඩ පාලනයේ තරම.

මම දැක්කා ආණ්ඩුවේ නායකයන් කියනවා මේ පනත අපි කියන තරම් භයානක නෑ කියලා. මේ පනත වසර 30ක යුද්ධය ජය ගැනීමට සිය ඉස්, මස්, ලේ, පූජාකල රණවිරුවන්ට කල අපහාසයක්. රණවිරුවන්වයි, ත‍්‍රස්තවාදීන්වයි එක හා සමාන කරලා ඔවුන් රණවිරුවන් අවමාණයට ලක්කර තිබෙනවා. රතු අලි පැටව් මෙන්ම ආණ්ඩුවට සහාය දෙන නිල් අලි පැටවුන්ද කිසිදු හිරිකිතයකින් තොරව මේකට උඩගෙඩි දුන්නා.

අද ජනතාවට ජීවත් වෙන් බෑ. බඩුමිල ඒ තරමට ඉහළ ගිහින්. රාජපක්‍ෂලාගේ හොරකම් නිසා බඩුමිල අඩුකරන්න බෑ කියලයි එදා මේ අය කිව්වේ. දැන් බලයට ඇවිත් අවුරුදු එක හමාරක් වුණා . බඩුමිල දැන් අඩුයිද ? පරිප්පු කීයද ? සීනි කීයද ? හාල් මැස්සෝ කීයද ? ආප්පයක් කීයද ? පිලේන්ටියක් කීයද ? ජනතාවගේ බත් පතෙනුත් වැට් ගහපු ආණ්ඩුවක් මේක. ඒකාබද්ධ විපක්‍ෂයේ අපිට පුලූවන් වුණා ජනතා විරෝධී වැට් පනතට කකුල් මාට්ටු දාලා නතර කර ගන්න. හැබැයි දැන් ආණ්ඩුව හදන්නේ ආයෙත් මේ වැට් පනත පාර්ලිමේන්තුවට ගේන්න. මේ පනත නැවත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒකට විරුද්ධව ඡුන්දය දෙන්න ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ලෑස්තියි. හැබැයි නිල් අලි පැටව් ටිකනම් එදාටත් මොන මොනවා හරි කියලා ආණ්ඩුවට සුදුහුණු ගායි. ඔය ආණ්ඩුවට කඬේ යන නිල් අලි පැටවුන්ට කවදා හරි යන එන මං නැති වෙනවා. වරදාන වරප‍්‍රසාද වලට ජනතාව පාවා දෙන කිසිම කෙනෙකුට හරි යන්නේ නෑ.

තව දුරටත් මේ ආණ්ඩුවට මේ විදියට යන්න දුන්නොත් රට අණතුරේ. අපේ උරුමයට ජීවත්වෙන් රටක් නැතිව යනවා. ඒ නිසා මේ දේශද්‍රෝහී ආණ්ඩුව වහා ගෙදර යැවිය යුතුයි. අදඅ පි මේ කරන්නේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට ගම් මට්ටමේ ජනතාව සන්නද්ධ කිරීමයි. ගම් මට්ටමින් අපි සංවිධානය වී ගමේ බලය පෙන්වා මේ දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරනවා. ඒක නතර කරන්න කිසිදු ජගතෙකුට හැකිවෙන්නේ නෑ.
මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල, හිටපු උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන්ද කතා කලහ.
ප‍්‍රදීප් අනුර කුමාර.

Top