Featured

ගැණියෙක්වත් පෙරලා ගන්නට බැරි මංගලගෙන් ආණ්ඩු පෙරලන්න ටියුෂන්

ආණ්ඩුව තියා ගැණියෙක්වත් පෙරලා ගන්නට නොහැකි ව කොල්ලොත් එක්ක තැන තැන බුදියන ගමන් අනුන්ගේ නිවුස් වලින් වෙබ් ඔස්තාර්ලා මෙන් පෙනිසිටිමින් තමන් ආණ්ඩුව පෙරලුවා යැයි දැන් අමුතුම කතාවක් ගොතා නැතිවි ගිලිමින් තිබේන යහපාලන බෝට්ටුවෙන් මහින්දගේ ශක්තිමත් නැවට පැන ගැනිම සදහා විදේශ ඇමැති මංගල සමරවීර(මන්නං පොන්ගල් ) උත්සහ කරන බව පෙනෙන්නට තිබේ.

“හොර පොල්කාරයන් සමග රට වටේ ගිහින් පොල් ගහල ආණ්‌ඩු වට්‌ටන්න බෑ. ආණ්‌ඩු වට්‌ටන හැටි දැනගන්න ඕනෑ නම් මහින්දට කියනවා මාව හමුවෙන්න කියලා.” යනුවෙන් සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් මංගල පවසා තිබේ.

සමහරවිට මංගලට තමන් ආණ්ඩු පෙරලනවා යනුවෙන් පාරම්බාමින් මැතිවරණ කියක් මහින්දට දිනා දුන්නාද යන්න අමතක තිබේ.පසුගිය ජනාධිපතිවරණයේදි බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් ලක්ෂ 10ක ඡන්ද හංසයාට බලෙන් නොගහන්නට මංගල සමහරවිට අද ජිවතුන් අතරද නැත.

මංගලගේ එම ප්‍රකාශය නිකම්ම එකක් නොවේ මන්ද යහපාලනයට කෙලවෙන බව දැන්ගත් ගමන් මංගල කළේ තමන්ගේ චක් ගොලයා වන වෙබ් ගොඩ් ෆාදර් ලෙස තමන්ම මවුබිම පුවත්පතේ ලියාගත් මේ දිනවල යන එනමං නැතූව අනාථව සිටින රුවන් ප්‍රදිනැන්දස් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලිමේ මෙහෙයුමට එකතු කිරිමයි. ඒ අනුව රුවන් හය හතර නොදන්නා පැරෂුට් ශ්‍රිලනිප මහා ලේකම් ඇබිත්තියා වන දුමින්දව අල්ලාගත් අතර ඒ හරහා ශ්‍රිලනිපයේ ජාතික පුවත්පත් වශයෙන් සත්හඩ නැමැති පුවත් පතක් ආරම්භ කිරිමට කටයුතු කළා පමණක් නොව එංගලන්තයේ සල්ලි වලට නිවුස් ගහන චන්දිම හා ඔන්න මළා මෙන්ම මළා මෙන් සිටින ඊ නිවුස් සදරුවන් අල්ලාගෙන සිරිසේන පවුලට කුඩු වෙන්න නිවුස්ද ගහන්නට විය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කර අග්‍රාමාත්‍ය තනතුර සදහා වත්මන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන එමට මෛත්‍රී-චන්ද්‍රිකා කුමන්ත්‍රණයක් රහසිගතව ක්‍රියාත්මක වෙමින් තිබේන බව යුරෝපයේ එක්සත් ජාතික පක්ෂට නායකත්වය දෙන ප්‍රභලයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතටම හසුවිමෙන් පසුව මංගල අද යහපාලනයේ අවලංගු කාසියක් බවට ඉතා සියුම් අකාරයට පත්කිරිමට රනිල් පිළ කටයුතු කරමින් සිටි.එය දන්නේ මංගලත් අපිත් පමණි සමහරවිට තව මාස 3කින් පමණ රටේ ජනතාවටද එය දැන ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

මංගලගේ අමන රැළ මටයි මගේ …..පවුලටයි…..මඩ ගහනවා…උබලා මෙතන නිකන් බලන් ඉන්නවා යනුවෙන් දරුණු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මාධ්‍ය එකකයේ ලොක්කන්ට බැනවැදුනු පසුව මංගලට අල්ලපු වත්තත් ..පය ගහපු වත්තත් දෙකම නැති වි තිබේ.රුවන්ට පත්තරයට ලැබෙන සල්ලිද නැතිවි ගියේ මංගලගේ ගොන් වැඩ නිසාය.

මෙකත් කියවන්න -මංගලගේ අමන රැළ මට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

අගමැති කම ගන්න මංගල මගේ සහෝදරයන්ට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

මංගල රුවන් එක්ව ප්‍රගීත් එක්නැලිගොඩ පාවාදුන් අයුරු….

ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියූ රාජපක්ෂ පවුල් ගස නමැති පොත එවක පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ රාජපක්ෂලාගේ පවුලේ අය කොපමණ පිරිසක් ඒ ආණ්ඩුවේ තනතුරු ලබමින් සිටිනවාද? ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද? ආදිය විග්‍රහ කෙරෙන පොතකි. මෙය මුද්‍රණය කිරීමට එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ම) පාර්ශවය ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ තිබූ සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපත යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ.

පසුව එම සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපතේ ඡායා පිටපත් කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම පොත කෙලී සේනානායක මහතා විසින් මුද්‍රණය කරන්නේදැයි දැන ගැනීමට ය. තමන් එවැනි පොතක් මුද්‍රණය සඳහා බාරගෙන නැතැයි කෙලී සේනානායක මහතා පැවසූ විට, පොත ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම කෙලී සේනානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්‍රගීත්ගේ අත් අකුරු හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද? මේ අතර ප්‍රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම පොත ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘රාජපක්ෂ පවුල් ගස‘ නමැති පොතේ අත් පිටපතක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.

මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා ගෝඨාභය රාජපක්ෂගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි. එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය.

ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ පරාජයේ උණුසුම මැකී යන්නටත් පෙර ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ගෝඨාභය සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි. ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල මුදලක් ගෝඨාභයගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය. මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ ගෝඨාභය වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහු හිරේ නොදමා වැඩක් ගන්නා ලෙසත් ය. මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රටක්ම ගෝඨාභයලා කළ වැරදි සොයා හිරේ දාන්න යැයි කියද්දී මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ. මේ සියලු කාරණා අනුව මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ රාජපක්ෂ පවුල් ගසේ අත් පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. රුවන් ෆර්ඩිනැන්ඩස් රාජපක්ෂලා සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ. ප්‍රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.

Top